Friday, March 28, 2014

සිංහල ජාතිය වඳකර තවත් ජාතියක්‌ ගොඩනැඟීමේ උපායශීලී කුමන්ත්‍රණයක්‌




කුරුණෑගල, අනුරාධපුර වැනි නගරවල වෙළෙඳ ව්‍යාපාර පවත්වාගෙන යන එක්‌ ජාතියක්‌ රැකියා අහේනියෙන් පෙළෙන සිංහල තරුණියන් ඔවුන්ගේ වෙළෙඳ ව්‍යාපාරවල වෙළෙඳ සේවිකාවන් ලෙස හොඳ වැටුප් තල මත රැකියාවන්ට බඳවා ගනී. කලක්‌ යන විට ඔවුන් සමග සබඳතා ඇති කර ගන්නා එම ජාතියේ තරුණයන් මෙම සිංහල තරුණියන් තුන් හතරදෙනා විවාහකර ගනී. උපදින හැම දරුවකුම ඔවුන්ගේ ජාතියේ අය මිස සිංහල දරුවන් නොවේ. භාෂාව, සංස්‌කෘතිය, ආගම යන සියල්ලම මේ දරුවන්ට ප්‍රගුණ කළ විට මොවුන්ද එම ජාතියේ දරුවන් බවට පත්වේ.

මෙය සැලැස්‌මක්‌ ඇතිව රට පුරා ක්‍රියාත්මක වන ජාති ද්‍රෝහී ක්‍රියාවකි.

දෙවැනි රාජසිංහ සමයේ දී සංචාරක වෙළෙන්ඳන් ලෙස මෙරටට ගොඩබැස පසුව සිංහල කාන්තාවන් විවාහ කරගෙන අලුත් ජාතියක්‌ ගොඩනැඟූ පරිද්දෙන්ම දැනුදු සිංහල තරුණියන්ට රැකියාවල් සපයා ඔවුන් විවාහ කරගෙන ඔවුන්ගේ ජාතිය තර කර ගනී.

පරම්පරාව ඇති කරන්නේත් කාන්තාවෝය. පරම්පරාව නැති කරන්නේත් කාන්තාවෝය. සිංහල ජාතියට ආදරය කරන මව්පියන් සහ කාන්තාවන් මේ ගැන වුවමනාවෙන්ම සිතා බැලිය යුතු කාලය උදාවී ඇත.

උපුටා ගැනීම - දිවයින
Read more

Tuesday, March 25, 2014

Bottled water in your car is very dangerous!


People should not drink bottled water that has been left in a car. The heat reacts with the chemicals in the plastic of the bottle which releases dioxin into the water.
Dioxin is a toxin increasingly found in breast cancer tissue. So please be careful and do not drink bottled water that has been left in a car. The bottled water transported in open trucks are also dangerous.
Use a stainless steel canteen or a glass bottle instead of plastic!

This information is also being circulated at Walter Reed Army Medical
Center … No plastic containers in microwaves. No plastic water
bottles in freezers. No plastic wrap in microwaves.

Dioxin chemical causes cancer, especially breast cancer. Dioxins are highly poisonous to cells in our bodies. Don’t freeze plastic bottles with water
in them as this releases dioxins from the plastic. Recently the Wellness
Program Manager at Castle Hospital , was on a TV program to explain
this health hazard.

We should not be heating food in the microwave using plastic containers…..
This especially applies to foods that contain fat.

The combination of fat, high heat and plastic releases dioxin
into the food.

Instead use glass, such as Pyrex or ceramiccontainers
for heating food… You get the same result, but without the dioxin.. So,
such things as TV dinners, instant soups, etc., should be removed from
their containers and heated in something else.

Paper isn’t bad but you don’t know what is in the paper. It’s safer to
use tempered glass, such as Pyrex, etc.

A while ago some of the fast food restaurants
moved away from the styrene foam containers to paper. The dioxin
problem is one of the reasons….

Plastic wrap, such as Cling film, is just as
dangerous when placed over foods to be cooked in the microwave.
As the food is nuked, the high heat causes poisonous toxins to actually
melt out of the plastic wrap and drip into the food. Cover food with
a paper towel instead.


original link
Read more

සදකඩ පහනට කැටයම් යොදලා, ගීතයේ තේරුම දන්නවද?

සදකඩ පහණක කැටයම් ඔපලා කියන සිංදුව අහලා තිබුනට එකේ තේරුම ගොඩක් අය දන්නේ නැතුව ඇතිනේ.... කියවලා බලන්නකෝ කොච්චර ගැබුරු හැගීම්බර තේරුමක්ද තියෙන්නේ කියලා. සදකඩ පහණ කියන්නේ කලාකරුවෙක් අතින් නිර්මාණය වෙන අපුරු නිර්මාණයක්... මේකේ සදකඩ පහණකට ආරෝපණය කරලා තියෙන්නේ සැමියා නැති, කුඩා දියණියක් සිටින රූමත් කාන්තාවක්... සදකඩ පහණක කැටයම් ඔපලා පාවෙන දේදුණු ලැගුම් ගනී..... තනිව සිටින මේ කාන්තාවගේ ඇසුරට මිනිස්සු එනවා. පාවෙන දේදුණු කියලා උපමා කරන්නේ ඒ මිනිස්සුන්ට, කැලතුන රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවී... මේ තහනම් ඇසුරේ කැලතුන රසය ගැන දන්නේ පැමිණෙන මිනිසාත් ගැහැණියත් පමණි. සදකඩ පහණ කොපමණ අනගි නිර්මාණයක් උනත් ඒක පයට පෑගෙනවා, ඒ වගේම මේ කාන්තාව කොච්චර ලස්සන උනත් සමාජයේ ගැරහුමට ලක් වෙනවා යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී නොපෙනෙන ඈතක ඈ ගෙනයනවා සියුමැලි කැකුලක් මැල වෙද්දී.... මේ විදියට දිගින් දිගටම මිනිසුන් ඇසුරුකරන මේ කාන්තාව ගණිකාවක් බවට පත් වෙනවා.. එතකොට ගැහැණියගේ දරුවා නිවසේ තනි වෙනවා. කැකුලකට උපමා කරලා තියෙන්නේ ඒ දියණිය, දහසක් පෙති මත රහසක් සගවා තුඩින් තුඩට ගෙනයන බින්දු... ඇයව ඇසුරු කරන මිනිස්සු ඇය ගැන තමන්ගේ යාළුවන්ටත් කියනවා.ඇය ගැන ආරංචිය රහසක් විදියට පැතිරෙනවා, අහසක් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුසුවුණු වැහි බින්දු... මේ කාන්තාව මේ කටයුත්ත කරන්නේ කැමැත්තෙන් නෙවේ... තම දරුවාගේ ජීවිතය වෙනුවෙන්, ඈ ගෙන යද්දී නටබුන් අතරින් තවකෙකු ඈ වෙත හද රැන්දූ... පැමිණෙන පුද්ගලයා අසුරුකරලා ඉවර උන ගමන් ඈ ඇසුරු කරන්න තව පුද්ගලයෙක් එනවා. මේ විදියට ඈට තම ජීවිතය ගැටගහා ගන්න මිනිස්සු රාශියකගේ ආශාවන් පිරිමහන්න වෙනවා, හදවිල ඉපදුන කැකුලක් නොකලට නටුවෙන් ගලවා ඉවත යවා.... තමන්ගේ රැකියාවෙන් දියණියට සිදුවන අවමානය නැතිකර ගන්න තමන්ගේ දියණියව ඈතකට යවන්න මේ කාන්තාවට සිදු වෙනවා.දියණියට සිදුවන්නේ අකාලයේ අම්මව අතහැරලා යන්න, මිහිලිය තෙත්කොට ගිලිහුන කදුලක් සත් සමුදුරකට මුහුව ගියා... මේ කාන්තාව දියණියව වෙන තැනකට යවන්නේ ගොඩක් දුකෙන්.. ඒත ඇයට ඒක තවත් එක දුකක් පමණි, ඔබට උරුම වූ රිදුනු තැවුණු හද එක්ටැම් මැදුරක කවුරු අරා රුවන් විමානෙන් පියබා එනතුරු පොපියන හදවත සිටි බලා.... මේ කාන්තාව තමන්ගේ දියණිය ඉගෙනගෙන ලොකු තැනකට ගිහින් තමන්ගේ අම්මව දුක්බර ජිවිතයෙන් මුදව ගන්න එනකන් ඇගිලි ගනිමින් බලන් ඉන්නවා

උපුටා ගැනීමකි >ජනවහර
Read more

Saturday, March 22, 2014

අපායෙන් ගැලවී විත් මහණදම් පිරූ තරුණයෙක්



























මිනිස් සිතේ ස්වභාවය සිතුවිලි ගොඩ නැඟීමයි. මිනිසා අවදිව සිටින සෑම මොහොතක් පාසාම අතීතය හෝ අනාගතය සම්බන්ධ කැරගෙන සිතේ සිතුවිලි ගොඩනඟයි.
අතීතයේ පංචේන්ද්රිවයයන් පින වූ අවස්ථාවන්ට සම්බන්ධ ආශාව, තණ්හාව මුසු ඇලීමේ සිතුවිලි ද තරහව, ද්වේෂය මුසු ගැටීමේ සිතුවිලි ද මොහොතක් පාසා සිතේ ගොඩනැඟේ.
එසේ ම ඇලීම හා ගැටීම මුසු සිතුවිලි අනාගතය සඳහා ද සිතේ ගොඩ නැඟේ. මිනිසා උපන්දා සිට මියෙන තෙක් ම සිදු කරන්නේ එසේ සිතුවිලි ගොඩනැඟීම ය.
මේ බොහෝ දෙනෙක් “මේ දැන්” කියන මොහොත ගැන නොසිතති. සිතුවිලි ගොඩ නැඟීම යනු කර්ම රැස්කිරීමයි. ඒවා කුසල කර්ම හෝ අකුසල කර්ම විය හැකිය. ඊට අනුවම විපාක යෙදේ. මේ එවැනි කර්ම විපාකයක් ගෙවන පුද්ගලයකු පිළිබඳ කතාවකි.
මීතිරිගල නිස්සරණ වන සේනාසනය අක්කර පන්සියයක් පමණ විශාල වූ වන ගහනයක් මැද පිහිටි පුණ්යා භූමියකි.
එකකට එකක් නොපෙනෙන තරම් දුරින් පිහිටි කුටිවලට වී භාවනා කරන යෝගීහු මේ සිත එක අරමුණකට ගෙන බැඳ තබා සමාධි සුවයක් විඳීන්නට උත්සාහ කරති.
සිතුවිලි ගොඩනැඟීම් වශයෙන් තව තවන් කෙලෙස් රැස්කිරීම නතර කරන්නට උත්සාහ කරති.
සේනාසනයේ කිරනැඟයාත්මක වන කාලසටහන සිහිපත් කරමින් “ගෙඩිය” ගසා හඬ නංවන වාර ගණන අනුව මේ අවදිවීමටය.
මේ වත සඳහාය. මේ භාවනාවය, මේ දානය සඳහා පිණ්ඩපාත යේ යෑමටය, මේ ගිලන්පස සඳහා දන්ශාලාව වෙත යෑමටය ආදී වශයෙන් යෝගීහු ඒ ඒ සංඥාවන් හඳුනාගෙන ඊට අනුව කිරභාවයා කරති.
කතා කරමින් කාලය නාස්ති කිරීමද කෙලෙස් ගොඩ නැඟීමක් බැවින් නිශ්ශබ්දතාවයද භාවනාවේ දියුණුව සඳහා අවධාරණය කැර තිබේ.
එසේ වුවත් යෝගී භික්ෂූන් වහන්සේ ඉඳහිට ධර්ම කාරණා පිළිබඳ සතුටුසාමීචියේ යෙදෙන අවස්ථා ද ඇත. දිනක් එවැනි ස්වාමීන් වහන්සේ කීප නමක් කර්මය හා කර්ම විපාකය පිළිබඳ සාකච්ඡා කරමින් සිටියහ.
”කර්මයට අනුව විපාකය ලැබේ නම් ඊට යම රජකු හා යම පල්ලන් මැදිහත් වන්නේ කුමටදැයි මට ගැටලුවකැ”යි එක් ස්වාමීන්වහන්සේ නමක් පවසති.
”කර්ම විපාක ගෙවන්නට තිබේ නම් යම් කෙනකුට වේදනාව ලබා දෙන්නට තව කෙනෙක් පහර දෙති. තුවාල කරති. කෙනෙක් පිහියෙන් ඇන මරා දමති. මැසි මදුරුවන් පනුවන් නිසා ලෙඩ රෝග වැළඳෙති.
එහිදී පුද්ගලයකුට තවත් පුද්ගලයකුගේ කිරෙඩමයාකාරකම් වලට ලක්වීමට සිදුවෙයි. එසේම පෙර්ේ නතයන්, යක්ෂයන් නිසා මහ රහතන් වහන්සේට පවා පීඩා සිදුවූ බව තිරකුටපිටකයේ සඳහන් වෙයි.
ඒ නිසා යම රජෙක් හා යම පල්ලන්ගේ් සම්බන්ධය තිබිය හැකියැ”යි තවත් ස්වාමීන්වහන්සේ නමක් පැවැසූහ.
”කර්මයට අනුව කර්ම විපාක ගෙවීමට සිදුවීම අවබෝධ කරවන්නට යම රජකු හා යම පල්ලන් ඉදිරිපත් කිරීමෙන් මිනිසා අකුසලයෙන් මුදවා ලිය හැකි බැවින් මේවා නිර්මාණ විය නොහැකිදැ”යි තවත් හිමි නමක් අදහස් දක්වති.
යම රජු හා යම පල්ලන් පිළිබඳ කියන කතා අසා සිටිමින් ඒ පිළිබඳ ගැඹුරින් සිතූ තවත් භික්ෂූන් වහන්සේ නමක් අඬන්නට වූහ.
භාවනාවෙන් යම් තරමකට දියුණු කළා වූ සිතක් ඇති උන්වහන්සේට ස්වකීය අතීතය සිතුවම් පොටක් සේ දිස්වන්නට වීය. උන්වහන්සේ ඒ පිළිබඳ විස්තර කළේ මෙසේය.
”මං මේ ආත්මයට පෙර ආත්මයෙන් එහා ආත්මයේ ටිකක් බලපුළුවන්කාරයෙක් ලෙස තමයි ඉපදිලා හිටියේ. පන්සිල් පද පහම ආරක්ෂා කළේ නෑ. තුන්වැනි සිල්පදය බහුල වශයෙන් ම කැඩුවා.
සත්ත්ව හිංසාවෙත් යෙදුණා. අනුන් සතු සම්පත් බල පුළුවන්කාරකමෙන් අයිති කැරගත්තා. මේ වගේ වැරදි වැඩවලින්ම ජීවත් වුණා මිසක කුසලයක යෙදුණේ ම නෑ.
මෙහෙම ජීවත් වෙන අතරේ දවසක් ගමනක් යන කොට විශාල දුර්ගන්ධයක් මට දැනුණා. ඒක කොයි තරම් අපරමේ සන්න ගඳක් ද කියනවා නම් ඒ ගඳ මොකක්ද කියා බලන්න තරම් හිතුණා.
මම නාසය වසා ගෙන ඒ ගැන හොයා බැලුවා. විශාල ඌරුමීයෙක් මැරිලා කුණුවෙලා. ඒ මී කුණෙන් චිරි චිරි ගා පණුවන් මතුවෙනවා යට යනවා. කොයි තරම් නාසය වසාගෙන සිටියත් ඒ ගඳ දැනෙනවා.
දැන් ඇස් දෙකෙනුත් දැක්කා. හරි ම අපරිර් ය යි. ඒ වෙලාවේ මට කවදාවත් නැති අමුතු ම නුවණක් පහළ වුණා. (අසුබ භාවනාව) කොයිතරම් සාත්තු කළත් මගේ ශරීරයත් මේ වගේ නේද? කවදා හරි මේ වගේ මළොත් කුණුවෙලා ගඳ හමනවා නේද? පණුවන් ගසනවා නේද? මේ ශරීරය දුර්වල වීම, වයසට යෑම, ජරාවට පත්වීම මට වළක්වන්න බැහැ නේද? එහෙම නම් මේ ශරීරය මගේ යැයි කියන්නේ කොහොමද? මේක හරිම දුකක්.
මම මහණ වෙන්න ඕනෑය කියා අධිෂ්ඨාන කැර ගත්තා. ඒ වුණාට ඒ ආත්මයේ මම මහණ වුණේ නෑ. එහෙම ඉඳලා කාලෙකට පස්සෙ මැරුණා.
මැරුණාය කියන්නේ , මට කතා කරගන්න බැරි වුණා. පංචේන්ද්රිණයයන් අකීරනේ ය වුණා. ලොකු මහත බටයක් වගේ එකක් ඇතුළෙන් මාව දිගට ඇදිලා ගියා. ඒ බටයෙන් එළියට ආපු තැන දෙන්නෙක් හිටියා. ඒ දෙන්නා මාව දෙපැත්තෙන් අල්ලාගෙන ඉදිරියට එක්කගෙන ගියා.
එතැන අඩි පහළොවක් විතර උස ආසනයක යම රජ්ජුරුවෝ වාඩිවෙලා හිටියා. දකින කොටම මේ යම රජ්ජුරුවෝය කියා මට වැටහුණා. ඔහු යටිකයට සුදු වේට්ටියක් ඇඳගෙනයි හිටියේ.
”ආ.. මනුස්ස ලෝකයේ ඉන්න කොට හුඟක් පව් කරලා තියෙනවා නේද?” කියා යම රජ්ජුරුවෝ මගෙන් ඇහුවා. ඒ එක්ක ම මම කළ පව් චිතරආවේපටයකින් වගේ මට මැවි මැවී පෙනෙන්නට ගත්තා.
ඒවා දකින කොට ම මා වැරැදි කාරයා වෙලා ඉවරයි නේද කියා හිතින් අන්තිමට ම අසරණ වුණා. ඒ අසරණවීම හෘදය සාක්ෂියත් එක්ක ම සිදුවන ගැඹුරු අනුස්මරණයක්.
පශ්චාත්තාපයක් වගේ දෙයක්. එතැනට ටිකක් එහායෙන් ලොකු තාප්පයක් තිබුණ. ඒ තාප්පයට එහා පැත්තේ විශාල ගින්නක් බුර බුරා ඉහළ නැඟෙනවා. ඒ වගේ ම ඒ පැත්තේ විශාල පිරිසක් දැවි දැවී විලාප දෙනවා ඇහෙනවා.
ඒ තාප්පයට ඉහළින් නැඟෙන යෝධ ගිනි දලු සුළඟට මේ පැත්තටත් එනවා. අප සිටි තැනටත් එනවා. ඒත් මේ පැත්තට ආවාම ඒ ගිනි දලුවල උණුසුමක් නෑ. උණුසුම තියෙන්නේ තාප්පෙන් එහා පැත්තට විතරයි.
තාප්පෙන් එහා පැත්තේ තියෙන්නේ නිරය. ඒ නිරයේ වැටුණු අය තමයි අර විලාප නඟමින් දුක් විඳිනවා ඇහෙන්නේ කියලා මට වැටහෙනවා. යම රජ්ජුරුවෝ හරිම කරුණාවන්තයි.
කරුණාවෙන් මා දිහා බලා සිටිනවා. මම කළ පව් මැවි මැවී පෙනෙන අතරේ අර මී කුණ දැකපු සිද්ධියත්, මහණ වෙන්න කළ අධිෂ්ඨානයත් මට මතක් වුණා. මෙතනින් නිදහස් වුණොත් නම් මහණ වෙනවා මහණ වෙනවාමයි කියා ඒ වෙලාවේ මට හිතුණා. (යම රජු රතු සළුවක් හැඳ සිටියොත් අනිවාර්යයෙන් ම නිරයට යන්න සිද්ධ වෙනවාලු.)
එතකොට යම රජ්ජුරුවන්ගේ මුහුණේ මඳ සිනහවකුත් නැඟුණා. ”කුසලකුත් කළා නේද?” කියලා යම රජ්ජුරුවෝ එක පාරටම ඒ වෙලාවේ මගෙන් ඇහුවා.
”තමුන්ට තවම කල් තියෙනවා” කියා නැවත යම රජ්ජුරුවෝ පරුත්කාශ කළා. එතකොට ම මා නැවතත් අර නළය දිගේ ආපහු ආවා. ඒ නළය දිගේ එනකොට තව දෙදෙනෙක් මුණ ගැහුණා.
”ආ.. එහෙම කොහොමද? එහෙම නම් අපිත් ඉන්නවානෙ”යි ඒ දෙන්නා කියනවා ඇහුණා. මම නිදහස් වී එන හැටි දැක ඔවුන් එසේ කීවේ එතැනත් ඊර්ෂ්යාවව හා තණ්හාව තියෙන තැනක් බව මට වැටහුණා.
මම ඒ නළය දිගේ ඇවිත් කෑගල්ලේ අම්මා කෙනකුගේ කුසක පිළිසිඳ ගත්තා. ඉපදුණාට පස්සේ මම හරියට දුක් වින්දා. අනුන්ගෙන් ඉල්ලාගෙන කන තත්ත්වයට පත්වුණා.
වැඩි දුර ඉගෙන ගන්නත් බැරි වුණා. ජීවත් වෙන්න බැරි ම තැන බේකරියක වැඩට ගියා. දර පළන්න ඕනෑ. දහදිය පෙරා ගෙන දර පළනවා. ඊළඟට පෝරණුවට දර දමා ගිනි අවුළුවන්න ඕනෑ.
එතැන ඉඳල ගිනි රස්නෙත් එක්කමයි දවස ගෙවෙන්නෙත්. රෑට නිදියන්නෙත් පෝරණුව ළඟ ගිනි රස්නෙත් එක්කමයි. සමහර දාට හීනෙන් අර තාප්පයට එහා ගිනිදැල් පෙනෙනවා.
නිරයේ ගිනිදැල්වලින් බේරුණත් මෙතනදි යම් තරමකින් හෝ ඒ දඬුවම විඳින්න සිද්ධ වුණා.
මේ බේකරියෙ පාන් අරගෙන බයිසිකලෙන් කඩවලට බෙදා හරින්න වුණෙත් මට. මේ පාන් ගෙනියන එක කඩේක මුදලාලි කාන්තාවක්. ලස්සනයි. මෙයා සමහරදාට පාන්වල සල්ලි දෙන්න දවසක් දෙකක් පරක්කු කරනවා.
මේ ගෑනිගෙ සිරියාවන්ත පෙනුම නිසා මමත් දවස දෙක පහුවෙලා සල්ලි ගන්නවා. මෙහෙම ඉඳලා මෙයා හිටි හැටියේ දවස් ගණනක් මුදල් අත් හිටෙව්වා. පාන් ගෙනියන පරමත මාණයට අනුව මුදල් බාර නොදෙන කොට මුදලාලි මට බණිනවා.
අන්තිමට මේ ගෑනි සල්ලි නොදෙන කොට ඒ කඩේට පාන් දමන්න එපා කියා මුදලාලි මට කිව්වා. ”උඹ කොහොම හරි ඒ සල්ලි ඉල්ලගෙන එන්න ඕනෑ. නැත්නම් උඹේ පඩියෙන් කපනවා” කීවා.
දැන් අර ගෑනි වෙන පාන් කාරයකුගෙන් පාන් ගන්නවා. මම ගියා ම මඟහරිනවා. මම යනවාටත් කැමැති නැහැ. දැන් අර සිරියාවත් නැහැ. මුදලාලි මගේ පඩියෙන් කැපුවොත් මම මගේ දුප්පත් අම්මව ජීවත් කරන්නේ කොහොමද කියලත් බය හිතුණා.
එදා රෑ බේකරියෙ තිබුණු උල් පිහියක් හොයාගෙන ළඟින් තියා ගත්තා. රෑ නිදියන කොට කොට්ටය යටින් තියා ගත්තා. හෙට උදේ පාන් අරගෙන ගිහින් සල්ලි ඉල්ලනවා.
නුදුන්නොත් අර ගෑනිට මේ පිහියෙන් ඇනලා මරණවා කියලා හිතාගත්තා. පාන්දර පිහිය අතට අරගෙන පිහිය මිට තදින් අල්ලාගෙන අරකිගෙ පපුවට මේකෙන් දෙකක් අනිනවා” කියලා හිතට වෙර ගත්තා.
අන්න එතකොටම මට ආයෙත් අර අපායෙ ගිනිදැල් පෙනෙන්න පටන් ගත්තා. මේ වතාවෙ නම් මම මහණ වෙනවාමයි කියපු එකත් සිහිපත් වුණා. නිදි පැදුරෙ ඉඳල ම කල්පනා කළා.
තවම මුදලාලිලා නිදි. මම බනිස් ගෙඩියක් කාලා උණුවතුර ටිකක් බිව්වා. තව බනිස් ගෙඩි දෙක තුනක් කඩදාසියක ඔතා ගත්තා. හෙමින් සැරේ පාරට බැස්සා. හැතැප්ම පහක් ම පයින් ගෙදරට ම ආවා.
ඒ වෙනකොට මම අවුරුදු දහඅටක ඉලන්දාරියෙක්. එදා ගෙදර ඇවිත් පැය දෙක තුනක් නිදා ගත්තා. නැගිටලා නා ගත්තා. ගෙදර තිබුණු සුදු සරොන් දෙකකුයි කමිස දෙකකුයි අරගෙන කෙළින් ම ආරණ්ය. සේනාසනයකට ගියා. එතැනින් මේ මීතිරිගල සේනාසනයට ආවා. අම්මගෙනුත් අවසර අරගෙන මහණ වුණා.
”ඔබ වහන්සෙ මොනවා කිව්වත් යම රජ්ජුරුවොයි යම පල්ලොයි ඉන්න බව මම නම් හොඳටෝ ම විශ්වාසයි. දැඩි අධිෂ්ඨානයෙන් හා වීර්යයෙන් කටයුතු කළොත් ආනන්තරිය නොවන පාප කර්මවල විපාක අඩුකර ගන්න පුළුවන්.
කුසල ශක්තිය බලවත් වන විට අකුසල විපාක දුර්වල වෙනවා” යි ඒ හාමුදුරුවෝ පැවසූහ.
ඒ හාමුදුරුවන්ගේ කතාව අප සමඟ පැවසුවේ බෙල්ලන්තර සිරි සදහම් ආශරමුදමවාසී ලේනව මංගල හිමියෝ ය. උන්වහන්සේට අපේ ස්තුතිය පිරිනමමු.
මතුගම මහින්ද විජේතිලක
Read more

Tuesday, March 11, 2014

මාවිලාරු සොරෝවුවෙන් මතු වූ මහා ඉතිහාසය.




























ගෝලීය ආර්ථිකය හසුරූවන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා බැඳුණ ලෝක බැංකුවක්‌ මහා භාණ්‌ඩාගාරයක්‌ අතරින් ගිලිහී ජනතාව අතට පත් ව්‍යාජ ව්‍යාපාරිකයන් ගේ වැඩි ප්‍රථිලාභ ගෙවන මුල්‍ය ආයතනයන් තුළ රැඳුණ දුගඳ හමන කතා පැතිරෙන මෙකල මධ්‍යකාලීන යුගයෙහි මේ රටෙහි වී වැනි ධාන්‍යයන් රජුන්ගෙන් පවා එක්‌රැස්‌කොට පාරිභෝගිකයන්ට දී ඔවුන්ගෙන් අයකරගත් පොළිය එම ද්‍රව්‍ය සැපයූවන් නියම කළ අයට හරියාකාරව බෙදා දුන් "මනරම" නම් මනරම් වෙළඳ පොළක්‌ (ආයතනයක්‌) පොළිය ලබා ගැනීම සඳහා කහවණු ණයට දෙන වාණිජ ආයතනයක්‌ ප්‍රසිද්ධ වෙළඳ නගරයක්‌ හා වංසකතාවන්හි පවා සඳහන් නොවී මිහිමත සැඟවී අප්‍රකටව පැවැති විහාරයක්‌ ද පිළිබඳව අපූරු තොරතුරු රැසක්‌ ඇතුළත් ගිරි ලිපි කිහිපයක්‌ ඉතා මෑතකදී පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට ලැබී ඇත.

දේශීය ඉතිහාසයෙහි නිම් වළළු පුළුල් කරන අමිලවටිනා කමකින් යුත් මෙතෙක්‌ කිසිවෙකුගේ ඇස නොගැටී සැඟව පැවැති මෙම ගිරි ලිපි හමුවී ඇත්තේ ත්‍රීකුණාමලය දිස්‌ත්‍රික්‌කයට අයත් සේරුවාවිල ජනපදයට නුදුරු (කොටසර දනව්වෙහි) ඊචලමිලත්තු සහකාර දිසාපති කොට්‌ඨාශයේ අංක ටී/214/ඊ වෙරුගල් මෝත්තුවාරම් ග්‍රාමසේවක වසමෙහි ගල්කන්ද යන අරුත් ඇති කල්ලඩි නම් ගම් ගොඩැල්ලෙහි මුහුදු මට්‌ටමින් අඩි හතලිහකට වඩා නොවුස්‌ හුදකලාව නැගී සිටි චෝළඅප්පන් මලෛ නැමැති කඳු පෙදෙසෙහි පිහිටි පර්වතයකය සටහන්ව තිබිය දීය.

සමනොල ගිරි හිස සිප මුනි සිරි පද නැමැද අඟර දඟර පා ගල් කුළු හා වනපෙත් අතරින් රිංගා ඊසාන දෙස කොට්‌ටියාරම් කළපුව වෙත ලැසි ගමනින් දිවයන මහවැලි නඳියේ දෙටු දියණිය වූ වෙරුගල් ගඟ කුරුංජන්මුනේදී මවගෙන් ලැබ ගත් මහ දිය කඳක්‌ ගෙන අලිදුව මැදිකර කෙවුලිය තුඩුවෙන් සමුදුර ළවැලි තලාව සිපගන්නේ චෝළ අප්පන් මලෛ පර්වතය පිහිටි කල්ලඩි ගමට සැතපුමක්‌ පමණ දකුණු දෙසිනි. එම ගමට නැගෙනහිර පස සැතපුමකට පමණ ඇතින් දිවයිනෙහි අතිශයින්ම රමණීය සයුරු තෙර දිස්‌වේ. රෝහණාධිපති කාවන්තිස්‌ස නරනිඳුන් බුදු හිමියන්ගේ ලළාට දාතුන් තැන්පත් කොට බඳනා ලද සේරුවාවිල මංගල මහා චෛත්‍ය රාජයා කල්අඩි ගම මැද නැගී සිටින චොළඅප්පන් මලෛ පර්වතයට සැතපුන් තුනක්‌ පමණ උතුරු දෙසින් ධවල වර්ණයෙන් දර්ශනය වේ. මෙයට නිදුරෙහිම ලන්දේසීන් විසින් ලුණු නිපදවන ලැදැයි පැවසෙන මෝත්තුවාරම් කළපුවත් එයට කරදිය පුරවන ඉළංකතුරෙයි (ලංකා පටුන) මෝයත් ඇති අතර කල්ලඩි ගමට බටහිර දෙසින් වෙරුගල් නදියෙන් පෝෂණයවන සැතපුම් කිහිපයක්‌ පුරා පැතිරී ඇති සොබා දහමෙහි හා මිනිස්‌ අතෙහි අපූරු නිමවුමක්‌ වූ මනහර දසුන් සහිත මහවිල්ලුව හෙවත් මාවිල් ආරුව නැමැති මහාජලාශය පිහිටා ඇත.

මාවිල්ආරු මහා ජලාශය අපගේ ජනප්‍රවාදයන්ට එක්‌වන්නේ අනුරාධපුර නුවර සිහසුන් අරා වැඩ සිටි මහසෙන් මහ නිරිඳුන් (ක්‍රි. ව. 276/303) දවස සිටය. මහා වාපි හා වාරි කාර්මිකයෙකු ලෙස ජන සන්තානයෙහි නොමැකෙන ලෙස ලැගුම් ගෙන ඇති මහසෙන් මහ නිරිඳුන් (මාවිල් ආරුව) මෙම මහ විල්ලුව සිට සේරු නම් විහගුන් නිවෙස්‌ කොට ගත් විල තෙක්‌"ගල් ඇළ" (කල්ආර් ඇළ) නම් දිය මඟ කැණ සොරොව් බඳවා මහවැලි නදියටත් වෙරුගල් ගඟ හා මහ සමුදුරටත් අතර වූ බිම සදා හරිත කෙත් වතු සහිත ධන ධාන්‍යයෙන් ආඩ්‍ය සමෘර්ධිමත් ජනතාවකගේ වාසස්‌ථානයක්‌ බවට පත් කළ හෙයින් මධ්‍ය කාලීන යුගයෙහි දී මෙම පෙදෙසට ධාන්‍යගාරය හෙවත් කොෂ්ඨාගාරය යන අරුත් ඇති (කොට ගර) කොටසර යන නම ලැබිනැයි වෘත්තාන්තයන්හි සඳහන්වේ.

අනුරාධපුර රාජධානිය වැනසූ ආක්‍රමණික සොළීන් නසා පොළොන්නරු නුවර ගොඩ නැඟු මහ විජයබාහු මිහිපතිගේ පුත් වික්‍රබාහු (ක්‍රි. ව. 1110/1123) නිරිඳුන් රජරට රාජ්‍යයෙන් පළවා හැරීම පිණිස විදේශීය හමුදාවන් ගෙන පසුපසින් හඹා ගිය වීරදේව හෙවත් වීරවම්ම සෙනෙවියා ගිලී නැසුනේ ද කොටසර දනව්වට අයත් මාවිල් ආරු මඩවඟුරෙහියයි වංසකතාවන් හි සඳහන් වේ.

මධ්‍යකාලීන යුගයෙහි අතිශයින්ම සමෘධිමත් කොටසර දනව්වෙහි වැව් පොකුණු කෙත් වතු සියල්ල පෝෂණය වුයේ මාවිල් ආරු වෙන් පහතට ගලාගිය ජලයෙනි. පොළොන්නරු රාජධානියෙහි පරිහානියෙන් පසුව ඉවුරු බිඳී විනාශයට පත් වූ මාවිල් ආරු ජලාශය සියවස්‌ කිහිපයක්‌ තිස්‌සේ හාත්පසින්ම ගලා ආ වන ප්‍රවාහනයට මැදිව බිහිසුනු කිඹුලන් ගහන මඩවඟුරක්‌ බවට පත්විය. එහි සරු ලෙස වැඩුණ තණ පඳුරු අතර දිවා රැය නොතකා පෙම් කෙළිමින් ගැවසුණේ කෙටි දළ හා මිටි සිරුරු සහිත බිහිසුනු සටන්කාමී රුහුණු ගෑටව් නමින් හඳුන්වන කුරු ඇත් රංචු පමණකි.

දහනමවන සියවසේ අවසාන කාලය වන විට කොටසර දනව්වෙහි මහවැලි නදී මුවදොර හා සමුද්‍රdසන්න පෙදෙස්‌ හී අඩු වැඩි ලෙසින් කෘෂි හා ධීවර කර්මාන්තය ජිවිකාවෘත්තිය කරගත් මුසල්මානුවන් පිරිසක්‌ ද තදාසන්න වන බිම් මැද එකිනෙකට බොහෝ දුරින් පිහිටි නටබුන් වැව් හා විල් අසල හේන් ගොවිකමින් පමණක්‌ යෑපුණ දමිළ වගට අයත් අල්ප ජනතාවක්‌ ද ජීවත් වුහ. මොවුන් සියල්ලම පොළොන්නරු රාජධානිය වනසා දැමීමට කාළිංග මාඝයන් විසින් ගෙනවිත් තිබියදී දඹදෙණි රජදහන ගොඩනැගු 111 විජයබාහු නිරිඳුන්ගේ (ක්‍රි.ව. 1232/1236) අසිපතින් මිදී වල් වැදී සැඟව දිවි රැක ගත් මළල කේරළ සෙබළන්ගේ පරපුරෙන් පැවත ආ පිරිස්‌ වුහ. ඔවුන් සියල්ලටම තම මුතුන් මිත්තන් කොටසර දනව්වෙහි ජීවයට මුල්ව පැවැති වැව් අමුණු ජාලය බිඳදැමීමෙන් කරන ලද මහා පාපයට සාපයක්‌ ලෙසින් වී හා වෙනත් ධාන්‍යයන් වගා කිරීමට සිදුව තිබුණේ වැස්‌ස වළාහක දෙවියන් වර්ෂයේ එක්‌ කන්නයකට පමණක්‌ ලබා දෙන සීමිත ජල සලාකයෙනි. මේ නිසා ඔවුන්ට ජීවිතයේ වැඩි කාලයෙක්‌ම අඩ සාගින්නෙහි වන අල මුල් බුඳිමින් ජීවත්වීමට සිදුව තිබුණි.

එකල වෙරුගල් ගඟ මුවදොර කෙවුලිය තුඩුව මෝත්තුවාරම කල්අඩිය හා චොළ අප්පන් මලෛ ආදී වනගත පෙදෙස්‌ නිජබිම කොට වාසය කළේ බුදු හිමියන් සේරුවාවිල් තෙරට වැඩම කළ කාලයේ සිටම සභ්‍ය සමාජ ගතනොවී හුදකලාව ජීවත් වූ දෙමළයට හුරු බස්‌වහරක්‌ ගත් මුහුදු වැද්දන් ලෙසින් හඳුන්වන ආදිවාසී ජනතාවකි කිසි විටකත් ගොවිකම් නොකළ ඔවුන් යෑපුණේගොඩ දිය දඩ කමිනි. මොවුන් ගේ දඩ බිම්වලට අවට ජීවත් වූ දමිළයන් හෝ මුසල්මානයන් හෝ කිසි විටකත් පා තැබීම පවා කළේ නැත. එය ඔවුන්ට තහනම් බිමක්‌ම පැවැතිණ.

බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන කාලයෙහි මෙරට සිටි ආණ්‌ඩුකාර (1928) හර්බට්‌. ඡේ. ස්‌ටැන්ලි උඩරට වැවිලි කර්මාන්තයේ යෙදී සිටි කම්කරු ජනතාවගේ පරිභෝජනය පිණිස විදේශයන්ගෙන් ආනයනය කරන සහල් සඳහා වැය වන අධික ධනය අවම කරගැනීමේ අවශ්‍යතාව මත සොරොව් කැඩී බිදී මඩගොහොරු විල්ලුවක්‌ බවට පත්ව තිබූ මාවිල් ආරුව කෘෂිකාර්මික කාර්යයන් සඳහා උපයෝගි කරගත හැකි ජලාශයක්‌ බවට පත් කිරීමේ මෙහෙය ත්‍රිකුණාමලය සහකාර දිසාපති හෙයිලි රුඩොල්ප් බිල්ඩ් වෙත පවරන ලදී. එහෙත් යෝජිත සොරොව් හා වාරිමාර්ගයන් තැනීමට ප්‍රමාණවත් ශ්‍රම බලකායක්‌ එකල මෙහි නොවුයෙන් දිසාපතිවරයා විසින් යාපනයෙන්ද මඩකළපුවෙන් ද ගෙන්වා ගත් දමිළ හා මුසල්මානුවරින් පිරිසක්‌ සුදුසු තෑන්හි පදිංචි කොට ඔවුන් මෙහෙයවා යෝජිත කාර්යයන් නිමකළ ද වෙරුගල් නදියෙන් අනපේක්‍ෂිතව ගලා ආ මහ දිය කඳක්‌ නව කම් කරන ලද ඇළ වේලි හා දිය දොර සියල්ල බිඳ දමන ලදී. බ්‍රිතාන්‍ය පාලකයන්ගේ අපේක්‍ෂාවන් වෙරුගල් නදී දියෙන් සමුදුරට ඇඳී ගියෙන් ඔවුන් නැවත මාවිල් ආරු මඩවඟුර පිළිසකර කිරීම අත්හැර දැමුව ද මෙහෙයට පැමිණි පිරිස තම ගම් පෙදෙස්‌ වෙත නොගොස්‌ මෙහිම රැඳිණ.

බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාරයාගේ අසාර්ථක උත්සාහයෙන් විසි එක්‌ වසකට (1949) පසුව නිදහස්‌ ලංකාවේ පළමු අගමැති මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායකයන්ගේ පුත් කෘෂිකර්ම අමාත්‍ය ඩඩ්ලි ෂේලටන් සේනානායකයන්ගේ සය අවුරුදු සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ මාවිල් ආරු මඩවඟුර මත මහාජලාශයක්‌ නිර්මාණය කිරීමේ දැවැන්ත වාරි ව්‍යාපාරය ආරම්භ කෙරිණ එමගින් ඉතා කෙටි කලකදී වෙරුගල් නදියෙන් ගලා එන අක්‌කර අඩි ලක්‍ෂයකට වැඩි ජලකඳක්‌ රැඳවිය හැකි මාවිල් ආරු නම් මහා ජලාශය නිර්මාණය විය. එහෙත් එකල එම ජලයෙන් වගා කිරීමට වෙන්ව තිබුණේ ප්‍රදේශයේ ජීවත් වූ දමිළ හා මුසල්මානුවන් පිරිසක්‌ විසින් අස්‌වද්දා තිබූ කුඩා බිම් පෙදෙසක්‌ පමණකි. මෙය ජලාශයෙහි රඳන මහ ජලකඳට ප්‍රමාණවත් ගොඳුරු බිමක්‌ නොවුයෙන් වන කෙත් බිම් සොයා ගිය සේනානායක පිය පුතුන් දෙදෙනම වන සතුන් රැඳුණ මහ වනය බිඳ එහි නව නිවෙස්‌ තනා දිවයිනෙහි වෙනත් පෙදෙස්‌වල බිම් අඟලක හෝ උරුමයක්‌ නැතිව සිටි සිහල, දෙමළ, මුසල්මාන හා මුහුදු වැදි යන සිව් වගටම අයත් පිරිස්‌ ගෙන්වා එහි රඳවා සරුසාර කෙත්වතුවලින් යුත් අල්ල නමින් නව ජනපදයක්‌ නිර්මාණය කරන ලදී. එහි සිංහලයන් සඳහා වෙන්කරන ලද පෙදෙස සේරුවාවිල හා දෙහිවත්ත ලෙසින් හැඳින්විණ.

තිස්‌ වසකට නො අඩු කාලයක්‌ තිස්‌සේ උතුරු නැඟෙනහිර දෙපළතෙහි ඊළම නමින් ස්‌වාදීන වූ දෙමළ රාජ්‍යයක්‌ නිර්මාණය කර ගැනීමෙහි අපේක්‍ෂාවෙන් බිහිසුනු අවි ආයුධයන්ගෙන් සන්නාහ සන්නද්ධව රජය සමග මාරක සංග්‍රාමයක යෙදී සිටි කොටි සංවිධානය නැඟෙනහිර මුහුදෙහි ගමන් කරන විදේශීය නාවික යාත්‍රාවන්ගෙන් තමන්ට අවශ්‍ය උපකරණ හා ආධාර ඉතා රහසිගතව ලබාගැනීමේ පහසුව තිබූ සමුද්‍රdසන්නයෙහිම මහ වන මැඳ පිහිටි කල්ලඩි ගම ආක්‍රමණය කර එහි චෝළ අප්පන් මලය කන්දෙහි මහ යුද කඳවුරක්‌ පිහිටුවා ගෙන තිබුණි. උතුරු නැගෙනහිර දේපළාතම තමන්ගේ නිජබිමයෑයි පවසා දෙමළන් හැර වෙනත් කිසිවෙකුත් මෙහි නොවිසිය යුතුයයි නිගමනය කළ ඔවුහු සිංහලයන් හා බද්ධ වෛරයෙන් යුතුව සේරුවාවිල හා දෙහිවත්ත ජනපද දෙකෙහි රැඳි සිටි ජනතාව පළවා හැරීම සඳහා වරින්වර ගිනි අවි දරා ගම් දනව් පැන නිරායුද අසරණ මිනිසුන් පමණක්‌ නොව. දෙපා අබල දුබල මහල්ලන් ළදරුවන් හා ගැබ්ගත් කතුන් ද මරා දැමුහ. ඔවුන් සිංහලයන් ගේ ගේ දොර ගිනිබත් කරමින් මහ මග ගිනි උගුල් අටවා පුපුරා හරිමින් ද මහත් ව්‍යසනයක්‌ කරමින් උන්හ. දුටු තැන දේශීය ආරක්‍ෂක හමුදාවන්ට සැඟවී පහර දෙමින් සිටි ඔවුන් විසින් අනපේක්‍ෂිත අවස්‌ථාවක ප්‍රදේශයේ ජීවත්වූ තමන් නොකැමැති සිංහලයන් සියල්ලම එකවර සා පිපාසාවෙහිලා මරා දැමීම හෝ ප්‍රදේශයෙන් පළවාහැරීම සඳහා හෝ ප්‍රයත්නයක්‌ ලෙසින් (2006.7.21) මාවිල්ආරු මහ ජලාශය අවි බලයෙන් අත්කොට කෙත් යායට දිය ගලාගිය කල්ලාර් ඇළ මහ සොරොව් දොර වසා දමන ලදී.

අක්‌කර දසදහසකට වැඩි බිම් පෙදෙසක්‌ පුරා සරු ලෙස වැඩී හමන මඳනලෙන් සැලෙමින් ගැබ් බරව සිටි ගොයම දිය නොමැතිව මලානිකව වැනසී යැමේ අනතුරකට පත්වෙමින් තිබිණ. හැට දහසකට වැඩි ජනතාවකට බීමට දිය පොදක්‌ සපයාගත නොහැකි තත්ත්වයක්‌ ඇති විය. අනාගත සාගතයක පෙරනිමිති දක්‌නට ලැබිණ සැකයෙන් හා බියෙන් තැවෙමින් සිටි අහිංසක සිංහල ජනතාව වටකොටගත් දෙපා කොටි ත්‍රස්‌ථයන් තැන තැන බිම් බෝම්බ අතුරා බර අවියන් හා සුළු අවියෙන් සේරුවාවිල හා දෙහිවත්ත ජනපදිකයන් දෙසට ගිනි බිඳින්නට ද වුහ.

මාවිල් ආරූ දිය දොර සතුරන්ගෙන් මුදා කොටසර දනව්වෙහි කෙත් යායට ජලයත් ජනතාවට නිදහසේ දිවිගෙවීමට ඇවැසි සාමයත් ලබා දීමේ මානුෂික මෙහෙවර කාලීන අවශ්‍යතාවයක්‌ බවට පත් වුයෙන් (2006.7.29) තුන් දහසක්‌ පමණ වූ දේශ විමුක්‌ති ජාතික හමුදාව මාවිල් ආරු ජලාශය හාත්පසින් වටකොට සතුරාට පහර දීම ඇරඹුහ. දින නමයක්‌ පුරා දෙපක්‍ෂය අතර පැවැති මහ සටනින් පසු එක්‌ සෙබළෙකු පමZණක්‌ අහිමි කරගත් වීරෝධාර රණවිරුවන් සතුරන් දෙසිය පණහකගේ පමණ හිස්‌ කඳින් ගලවා මඩවගුරෙහි ඔබා තැන තැන සැඟවී දිවි රැකගත් සෙස්‌සන් සියල්ලම පෙදෙසින් පළවා හැර මාවිල් ආරු මහා ජලාශය පමණක්‌ නොව කල් අඩි ගම චෝළ අප්පන් මලෛ කන්දෙහි පිහිටුවා තිබූ ඔවුන්ගේ මහ කඳවුර ද අත්කරගත්හ.

දෙපා කොටින්ගේ කල්ලඩි ගම කඳවුර එසේ මෙසේ සුළු එකක්‌ නොවේ. දෙතුන් දහසකටත් වැඩි විශාල පිරිසකට ආහාර පාන හා නේවාසික පහසුකකම් සහිත වූ එය පිහිටුවා තිබී ඇත්තේ අතීතයෙහි දී බෙදුණු පුදබිමක්‌ව පැවැති තැනකය, පෙර මහරහතුන් වැඩසිටි ලෙන් ඔවුන්ගේ යුද අවි හා ආහාර ගබඩා බවට පත්ව තිබී ඇත. ඔවුන් පර්වතයක්‌ මත වූ පැරණි වෙහෙරක්‌ බිඳ එහි පාදමෙහි සුවිසාල ගුවන් විදුලි සංනිවේදන කුළුණක්‌ පිහිටුවා එමගින් විකාශණය කරන රහස්‌ තොරතුරු කතරගම තෙක්‌ විහිඳුවා තිබුණි.

මාවිල්ආරූ ජලාශය කොටි ග්‍රහණයෙන් මුදාගත් රණවිරුවන්ගේ මඟපෙන්වීම මත චොළදප්පන් මලෛයි වෙත පිවිසි ත්‍රිකුණාමල පුරාවිද්‍යා නිලධාරි රංජිත් සැම්සන් මහතාට එහි පර්වතයන් හි මෙතෙක්‌ කිසිවෙකුගේ ඇස නොගැටී සැඟව පැවැති මධ්‍යකාලීන යුගයට අයත් සිංහල භාෂාව උපයෝගි කරගනිමින් අපර බ්‍රාහ්මී අක්‍ෂරයෙන් සටහන් කරන ලද ගිරි ලිපි රැසක්‌ දක්‌නට ලැබී ඇත.

එහි ඇති එක්‌ ගිරි ලිපියක සටහන්ව ඇත්තේ දෙවියන්ට ප්‍රියවූ තිස්‌ස මහරජුගේ මුණුපුරු පුටකන්න තිස්‌ස රජුගේ පුත් නාග නම් නිරිදෙකු මෙහි පාෂාණ පබ්බත නම් විහාරයක්‌ කරවා තමන් මිළදී ගත් ඉඩමක්‌ ද එක්‌ ඇළක දියබද්ඳ ද එම විහාරස්‌ථානයෙහි භික්‍ෂුන් වහන්සේලාගේ සිව්පසය සඳහා පුජා කළ පුවතකි.

මෙම ගිරි ලිපිය පිහිටුවා ඇති කාලය සොයා යැමෙහි දී අපට අනුරාධපුර නුවර රජ දහන කරගත් සද්ධාතිස්‌ස මහ නිරිදුන් ද ඔහු මුණුපුරු පුටකන්න තිස්‌ස හෙවත් කුටකන්න තිස්‌ස රජු හා ඔහුගේ කණිටු පුත් මහාදාඨක මහනාග මිහිපතින් හමුවේ. බුදු බැතියෙකු ලෙස මහත් පින්කම් කළ භාතිකාභය තිස්‌ස නරිඳුන්ගේ අභාවයෙන් පසුව සිහසුන් පත් ඔහුගේ කණිටු සොහොයුරු මහාදාඨක මහනාග නිරිදුන් (ක්‍රි. ව. 9/21) බොහෝ වෙහෙර විහාර කළ රජෙකු ලෙස වංසකතාවන්හි සඳහන් වෙත් එහෙත් එතුමා කොටසර දනව්වෙහි පාෂාණ පබ්බත නම් වෙහෙරක්‌ කළ බවක්‌ මෙම ගිරි ලිපියෙහි හැර වෙනයම් පතක පොතක හෝ පුරාවිද්‍යා වාර්ථාවක හෝ නො දැක්‌ වේ.

මහාදාඨක මහනාග නිරිදුන් තමන් කළ විහාරයට පුජාකළ දිය ඇළ හා ඉඩම කොටසර දනව්වෙහි කවර තැනක පිහිටියේ දැයි නිගමණය කළ නොහැක. එහෙත් මෙම ලිපිය අනුව රාජ්‍යයේ ඇති සියලු ඉඩම්වල එකම හිමිකරුවා වූ රඡ් තමන් සගසතු කළ ඉඩම හිමිකරුවෙකු ගෙන් මිළට ගත් බව සඳහන් කර ඇති හෙයින් එකල රාජ්‍ය බලය ඉක්‌මවා ඉඩම් හිමියෙකුගේ බිම් අයිතිය තහවුරුව පැවැති අයුරු නම් විමසිල්ලට යොමු විය යුතු වැඳගත් කරුණකි.

මහාදාඨක මහානාග නිරිඳුන්ගේ අභාවයෙන් දෙසිය පණස්‌ පස්‌ වසරකට පසුව අනුරාධපුර නුවර සේසත් නංවා සිහසුන් පත් මහසෙන් මහරජ (ක්‍රි. ව. 276/303) තමන් සතු කෙතකින් ගත් වී (අනුරාධපුර) නගරයෙන් නැගෙනහිර පස පිහිටි තබවිටිය නම් වෙළඳ නගරයෙහි මනරම් වෙළඳ පොලෙහි (වෙළඳ ආයතනයෙහි) තැන්පත්කොට එම වී ණයට ගන්නා අයගෙන් ලැබෙන පොළිය පාෂාණ පබ්බත විහාරවාසී භික්‍ෂුන්ගේ සිවිපසය සඳහා පුජාකරන ලද බව පැවැසෙන ලිපියක්‌ ද මෙහි පර්වතයක සටහන් කර ඇත. එහි පසෙක සටහන්ව ඇති වෙනත් ගිරි ලිපියක සඳහන් කර ඇත්තේ නම නොසඳහන් නිරිදෙකුගේ රබර නම් අමාත්‍යවරයෙකු එක්‌තරා වෙළඳ ආයතනයක කහවණු පන්සියයක්‌ තැන්පත්කර එයින් ලැබෙන පොලිය පාෂාණ පබ්බත විහාරවාසී භික්‌ෂුන්ගේ පරිභෝජනයට පූජා කළ පුවතකි. ඔහු මුදල් තැන්පත් කළ වෙළඳ නගරයෙහි හෝ ආයතනයෙහි හෝ නම නො දැක්‌වේ. ප්‍රසිද්ධියට අකැමැති පින්වතෙකු තබවිටිය වෙළඳ නගරයෙහි එක්‌ වාණිජ ආයතනයක මුදලක්‌ තැන්පත්කර එහි පොළිය පාෂාණ පබ්බත විහාරයෙහි මංගල නම් චෛත්‍යයට පුජා කළ පුවත ද එක්‌ ගිරි ලිපියකින් පවසා ඇත.

මෙම තෙවන ගිරි ලිපිය අනුව පාෂාණ පබ්බත විහාරයෙහි පිහිටි චෛත්‍යය එකල මංගල නමින් හඳුන්වා ඇත. මෙම චෛත්‍ය තැනීමට අඩු තරමින් වර්ෂ එකසිය හැත්තෑවකට පමණ පෙර කාවන්තිස්‌ස නිරිඳුන් සේරුවාවිල් තෙර පිහිටුවන ලද චෛත්‍යයද මංගල නමින් හඳුන්වා තිබියෑයි දාතුවංසයෙහි දැක්‌වේ. එකිනෙකට සැතපුන් තුනක්‌ පමණ ආසන්නයෙහි පිහිටි චෛත්‍යයන් දෙකක්‌ එකම නමකින් හඳුන්වන ලද්දේ කවර කරුණක්‌ නිසාදැයි විමසිය යුතුව ඇත.

මහසෙන් නිරිඳුන්ගේ කෙත පාෂාණ පබ්බත විහාර සංකීර්ණය අවට පිහිටා තිබිණැයි උපකල්පනය කළ හොත් එම කෙතෙහි වී ගත් මනරම වෙළඳ ආයතනය පිහිටි තබවිටිය වෙළඳ නගරය තිබිය යුත්තේ ද එම පෙදෙසේයයි නිගමනය කිරීම වැරදි නොවේ.

මධ්‍යකාලීන යුගයෙහි මෙරට පමණක්‌ නොව ලොව වෙනත් රටවලද ප්‍රසිද්ධ වාණිජ නගර සියල්ලම පිහිටා තිබී ඇත්තේ විදේශීය නාවික යාත්‍රාවන්ට පහසුවෙන් පැමිණිය හැකි ගංඟා මුවදොරවල් අසලමය. මෙරට පිහිටි මහම නදියේ වැඩිම ජලකඳක්‌ සමුදුරට එක්‌වන්නේ වෙරුගල් ගඟෙහි කෙවුලිය තුඩුවෙනි. මෙනිසා මහසෙන් නිරිඳුන්ගේ පාෂාණ පබ්බත ගිරි ලිපිය පසුපස හඹා ගොස්‌ අතීතයෙහි දී තබවිටිය නම් වෙළඳ නගරය පිහිටියේ වෙරුගල් ගඟ මුවදොර කෙවුලිය තුඩුවෙහි ද නැතහොත් කවර තැනකදැයි විමසීම වියතුන් වෙත පැවැරේ.

අතීත සමාජ සංස්‌ථාවෙහි රජ ඇමැති වැනි බලවත් අයගේ විශ්වාසය දිනා ඔවුන්ගේ වී හා මුදල් එක්‌රැස්‌කර ගණු දෙණුකරුවන්ට ණයට දී පොළී මුදල් අය කළ ආයතන පැවැති බව සනාත කරන තොරතුරු මෙයට පෙර කිසිම පත පොතක දක්‌නට නැත. මහසෙන් වැනි තෙදබලැති නිරිදෙකු ගණුදෙණු කළ මෙකලට ද උචිත නමක්‌ සහිත මනරම වාණිජ ආයතනය (වී බැංකුව) ද රට තුළ ප්‍රචලිත එකක්‌විය යුතුය. මහඇඳුරු සෙනරත් පරනවිතානයන් විසින් සංස්‌කරණය කරන ලද පැරණි බාහ්මී ශිලාලේඛන ඇතුළත් ග්‍රන්තයෙහි (ඉන්ස්‌ක්‍රිෆ්ෂන් ඔෆ් සිලෝන් වොලි 1 පාට්‌ 1) අංක 407 613 හා 1100 යටතේ සටහන්කර ඇති ලෙන් ලිපි තුනෙහි ද මනරම යන නම දැක්‌වේ. මෙම ස්‌ථාන ද මහසෙන් නිරිඳුන් හා ගණුදෙණු කළ ආයතන හා යම්කිසි බැඳීමක්‌ තිබූ තැන් ද විය හැකිය. ත්‍රස්‌තවාදීන්ගේ මහ කඳවුරක්‌ ව පැවැති වෙරුගල් නදී මුවදොර කල්අඩි ගම චොළඅප්පන් මලෛ කන්ද අපගේ ඉතිහාසයෙහි මZධ්‍යකාලීන යුගය හා බැඳුණ වැදගත් තොරතුරු රැසක්‌ සැඟවී ඇති තැනකි. මෙය හැකි ඉක්‌මනින් පුරාවිද්‍යා රක්‍ෂිතයක්‌ ලෙස ප්‍රකාශයට පත් නොකළ හොත් නිදන් හොරුන්ගේ හෝ ස්‌ථානයෙහි ඓතිහාසිකත්වය විකුණා කෑමට කැපවී සිටින කපටි ආරක්‌ෂකයන්ගේ ගොඳුරක්‌ වනු නියතය.

පී. එල්. සිරිසේන


වැඩි විස්තර
Read more

Monday, March 10, 2014

බුද්ධ බෝගය සොයා යමු


























සිංහලයෝ ගොවීහුය. ගොවිතැනින් තොර සිංහලකමක් ගැන කතා කළ නොහැකි පරිදි ඒ එකිනෛක බැඳී ඇත. මුළු සිංහල සංස්කෘතියම පාහේ ගොවිතැන සමග බැඳුනේ වෙයි. අපේ ගොවිතැන පිරිහීම සිංහල සංස්කෘතිය පිරිහීමටත් අවසානයේ ජාතිය පිරිහීමටත් හේතුවෙයි.

මහ පොළව, ගස්වැල්, සතා සීපාවා, තරහ නොකරගෙන ඒ සමග යාප්පුවෙන් ගොවිතැන් කිරීමට සිංහලයෝ දැන සිටියහ. රට පුරා අදටත් දැකගත හැකි වැව් අමුණු, ඇළ වේලි මගින් දැක්වෙන්නේ ඒ සහජීවනයයි. ලෝකය තමා වෙනුවෙන් මැවී ඇති බවත්, ලෝකය තමාට හැකි උපරිමයෙන් වෙනස් කර සිය සුඛ විහරණය උදෙසා යොදා ගත යුතු යැයි අදහන, දැක්වෙන සිතුවිලි ඇති කරවන චින්තනයක් තුළින් ජනිත වූ ගොවිතැනක සිංහල ගොවිතැනේ වූ සහජීවනය දක්නට නැත. අවාසනාවකට අද අප මේ රට ගොවිතැන් කරන්නේ සිංහල ක‍්‍රමයට නොව දෙවනුව කී බටහිර ක‍්‍රමයටයි. එය අප මත බලෙන් පැටවූවක් වෙයි. එසේ වූවත් ඒ පීඩාකාරී, විෂම ගොවිතැන කර තබා යෑමට පොර කකා ඉදිරිපත් වූ පිරිසක් ද මේ රටේම වෙසෙති.

බටහිර ගොවිතැන සමග තව දුරටත් අපට ඉදිරියට යෑමට නොහැකි බව අවබෝධ කර ගැනීමට රජරට වකුගඩු රෝගයම ප‍්‍රමාණවත් ය. යමකුට එසේ අවබෝධ නොවන්නේ නම් ඒ ඔහුගේ නොදැනුවත්කම හෝ කුහකකමයි. නිසි දැනුම්වත් වීමෙන් පළමුවැන්න මග හරවා ගත හැකි වුවද දෙවැන්නට දිය යුතු පිළියම බොහෝ අසීරු එකකි. නිදා සිටියවුන් ඇහැරවිය හැකි වුව ද හොරට නිදා සිටින්නන් ඇහැරවීම බොහෝ අපහසුය.

මේ බාධක හමුවේ වුවද ”රජරට වකුගඩු රෝගය සහ ආසනික්” තුළින් රටේ ඇති වූ සංවාදය ඵලදායී මගකට යොමු කර ගැනීමට අපට හැකි විය. විශේෂයෙන් සිංහල තාක්‍ෂණික ක‍්‍රමවේදයක් අනුව (හෙළ ගොවිතැන) පැරණි වී වර්ග රට පුරා වගා කිරීමට ප‍්‍රචලිත වෙමින් ඇත.

මේ සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් කිරීම සඳහා කුරුණෑගල, කුඹුක්ගැටේ, කසාගල රජමහා විහාරයේ පැවති රැස්වීමක දී විහාරධිපති මැල්සිරිපුර විමලරතන හිමියෝ වී යනු ”බුද්ධ භෝගය” බව පවසා ඒ සම්බන්ධයෙන් කරුණු රැසක් දැක්වූහ. උන්වහන්සේගේ අදහස් දැක්වීම සමග ”බුද්ධ භෝගය” ගැන තවදුරටත් තොරතුරු දැන ගැනීමට කැමැත්තක් ඇති වුවද විවිධ හේතු නිසා එය Siyapath-alයටපත් විය.

මෑතක දී කොළඹට ආසන්න ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක ”හෙළ ගොවිතැන” ගැන පැවති රැුස්වීමක ප‍්‍රධාන ආරාධිතයා වූයේ කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් විජේරත්න සකලසූරිය මහතාය. එතැන දී නැවත ”බුද්ධ භෝගය” ගැන කතා බහක් ඇති විය. ඒ සකලසූරිය මහතා අතිනි. හෙතෙම සුන්දර මිනිසෙකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිංහල ගැමියෙකි. ලේකම්තුමා ලෙස කතාව ඇරඹුව ද විනාඩි කිහිපයක් ගතවන විට ඔහුගේ ලේකම්කම අමතක වී ගැමිකම ඉස්මතු වී එයි.

”අපි ඉතින් කන්තලේ ඈත ගම්මානවල මිනිස්සුනේ. මේ හෙළ ගොවිතැන මට අරුම දෙයක් නෙමේ. අපේ අත්තල, තාත්තල මේක තමයි කළේ. කොටින්ම අපි පොඩි කාලෙ මට මතකයි මයේ අප්පොච්ච බත්පත අතට ගත්තම ඒකට වැඳල තමයි කන්නෙ. බුද්ධ භෝගෙ කියලනේ කිව්වෙ. අපටත් පුරුදු කළේ එහෙම තමයි.”

මෙවර නම් බුද්ධ භෝගය ගැන තොරතුරු සොයා ගනිමියි මම එතැනදීම අදිටන් කළෙමි.

බුද්ධ භෝගය කීවේ වීවලට ද? නැතිනම් විශේෂ වී වර්ගයකටද? එසේ අපේ පැරැන්නන් යෙදුවේ ඇයි? මම පසුගිය කාලයේ බොහෝ පොත පත කියවා බැලූයෙමි. බොහෝ දෙනකු සමග සාකච්ඡ කළෙමි. එහෙත් ප‍්‍රමාණවත් සංගත පිළිතුරක් ලබා ගත නොහැකි විය. එහෙත් පැරණි වී වර්ග ගැනත්, ඒවා වගා කළ ක‍්‍රම ගැනත්, ඒවායේ ගුණ අගුණ ගැනත් බොහෝ තොරතුරු සොයා ගත හැකි විය. අවාසනාවකට කෘෂිකර්ම අමාත්‍යංශයේ හෝ දෙපාර්තමේන්තුවේ මේ ගැන නිසි තොරතුරක් තබා අවම වශයෙන් සිංහල ගොවිතැන ගැන හෝ දැනුමක් ඇති අයකු සොයා ගැනීමට නොහැකි විය. ඒ ගැන යමක් දැන සිටියානම් ඒ උපාධියට කෘෂිකර්මය නොහැදෑරූ ලේකම්තුමා පමණි. අප හිතවත් මතුගම සෙනෙවිරුවන් මහතා, දේශීය බීජ සුරැකීමේ ව්‍යාපාරයේ ගුරුසිංහ මහතා වැන්නවූන් ස්වෝත්සහායෙන් පැරණි වී වර්ග රැසක් සංරක්‍ෂණය කිරීමට පියවර ගෙන තිබිණි.

බුද්ධ භෝගය කුමක්දැයි මට සතුටුදායක ලෙස පැහැදිලි නොවූ හෙයින් ඒ සඳහා ආසනික් ගැන කියූ ප‍්‍රියන්තා සේනානායක මහත්මියගේ උපකාරය ලබා ගැනීමට මම තීරණය කළෙමි. ඒ මහත්මිය බෞද්ධ භාවනා ක‍්‍රම ප‍්‍රගුණ කරන කෙනෙකි. මිනිස් ඉන්ද්‍රියන්ට පහසුවෙන් ගෝචර නොවන මනුෂ්‍ය නොවන ජීව කෝට්ඨාශ සමග සන්නිවේදනය කිරීමේ අපූර්ව හැකියාවක් ඇයට ඇත. කෙසේ වෙතත් ඇයට තොරතුරු ලබා දෙන විපස්සක දෙවියෝ් ලෙහෙසියෙන් දැනුමක් මනුෂ්‍යයකුට ලබා නොදෙතිි. ලබා දුන්නද ඒ බොහෝ කොන්දේසිවලට යටත්ව ය. අප තොරතුරු රැුසක් සොයාගෙන යම් තැනක සිරවී එතැනින් ඉදිරියට යාගත නොහැකිව සිටියදී පමණක් උපකාර කරයි.

”ආසනික් පිළිබඳ කාරණයේදී මා කටයුතු කළ ආකාරය පිළිබඳ ඒ ඇත්තන් සෑහීමකට පත්වී තිබූ හෙයින් දෝ බුද්ධ භෝගය ගැන දැනුම මට හිමි විය. ඒ දැනුම ලබාගත් ආකාරය ගැන හෝ ඒ හා බැඳුනු අනෙක් කාරණා ගැන හෝ කෙනෙකු එකඟ නොවූව ද, අසතුටට පත් වූව ද ලබාගත් දැනුම වැදගත් නිසා එය රටට ලබා දිය යුතු බව මම තීරණය කළෙමි.

බුද්ධ භෝගය යන්න පොදුවේ වීවලට යෙදු නමක් වුවද, එය විශේෂයෙන් එක් වී වර්ගයක් හැඳින්වීමට යොදා ඇත. ඒ වී වර්ගය ”සියපත් ඇල්” නමින් හඳුන්වයි. බුද්ධෝත්පාද කාලයට පෙර ප‍්‍රචලිතව තිබූ වී වර්ග ස්වංජාත වී ලෙස හඳුන්වා ඇත. ඒවා ප‍්‍රමාණයෙන් විශාල වී ශාක වන අතර වී ඇටයේ පොත්ත අද දක්නට ඇති මෙන් වර්ධනය වී නොතිබිණි. සිදුහත් බෝසතාණන් වහන්සේගේ උපතත් සමග උන්වහන්සේගේ පාරමී ශක්තිය හේතුවෙන් වැඩි දියුණු වූ වී වර්ග ඇති විය. ඒවා ”ඇල්” වී නමින් හඳුන්වනු ලැබීය. කල්ගත වන විට ඇල් වී විවිධ විභේදනයන්ට ලක් වෙමින් නව ප‍්‍රභේද ගණනාවක් බිහි විය. නවපත් ඇල්, ඉදිපත් ඇල්, කවුඩු ඇල්, කුරුලූ ඇල්, ආදී නම්වලින් ඒවා හඳුන්වයි. සියපත් ඇල් යනු ඇල් වී වර්ග අතුරෙන් විශේෂ එකකි. වී පත‍්‍ර සියයක නිපදවන ශක්තිය තරම් ශක්තියක් වී ඇටයක ගබඩා කළ හැකි වූ හෙයින් එය ”සියපත් ඇල්” නමින් හැඳින්වීලූ. බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා දානය පිළියෙල කිරීමට ”සියපත් ඇල්” යොදා ගත් හෙයින් එය ”බුද්ධ භෝගය” නම් විය.

ඇල් වී වර්ග තව දුරටත් විභේදනය වී ”දැල්” වී වර්ග ඇති විය. සියුම් දැලක් වැනි ව්‍යුහයක් සහල් ඇටය වටා පැවතීම නිසාත්, සියුම් දැලකින් වුවත් රිංගා යන හැකි පරිදි ප‍්‍රමාණයෙන් කුඩා වී ඇට පැවතීම නිසාත් මේ නම ලැබී ඇත. රත්ඇල්, සුවඳැල් මේ වර්ගයට අයත් ය.

ඇල් සහ දැල් වී යල කන්නය වැපිරීමට යොදා ගනී. සාමාන්‍යයෙන් මේවා තුන්මාසයේ වී ය. ගොඩ වගාව සදහාද යොදා ගෙන ඇත්තේ ද ඇල් වී වර්ගය. ප‍්‍රධාන වී වගා කන්නය හඳුන්වන්නේ මහා සස්ස/මාස්/මහ කන්නය ලෙසයි. සාමාන්‍යයෙන් වප් මාසයේ මහට වැපිරීම සිදු කරයි. මහ කන්නයට වගා කරන්නේ වැඩිමහල් වී වර්ගය. එනම් මාස 4 – 4 1/2 ක් අස්වැන්න ලබා දෙන හීනටි වී ය. මේවා ඖෂධීය ගුණයෙන් අනූන අතර කල් තබා ගැනීමේ හැකියාව ද වැඩි ය. කළුහීනටි, වෙද හීනටි, ගම්බොඩහීනටි, බඩ හීනටි, සුදු හීනටි යනු හීනටි වි වර්ගය කිහිපයකි. සිහින් දිගටි හැඩය නිසා මේ නම ලැබී ඇත.

ඇල් වී, දැල් වී සහ හීනටි වී හැරුණු කළ තවත් වී වර්ග 2 ක් අප සතුට. එනම් මා වී නමින් හඳුන්වන ජලය අධිකව රුඳී ඇති වගුරු බිම්, අමුණු ආශ‍්‍රිත ප‍්‍රදේශවල වගා කළ වී වර්ගත්, බාල වී නමින් හඳුන්වන තුන් මාසයකට අඩු කාලයක දී අස්වැන්න ලබා දෙන වී වර්ගත්ය. හැට දා වී යනු ඒ ආකාරයේ බාල වී වර්ගයකි. බාල වී අඩු වතුර තත්ව යටතේ වුව ද වගා කළ හැකිය. කෙසේ වෙතත් මහා සංඝරත්නයට දානය පිළියෙල කිරීමට බාල වී යොදා නොගනී. බොහෝ විට රස කැවිලි තැනීමට සහල් පිටි ලබාගෙන ඇත්තේ බාල වීවලිනි. අතීතයේ අපේ රටේ මෙන්ම දඹදිව ද වසරකට කන්න 3 ක් වගා කර ඇත. විනය පිටකයේ එක් තැනක දැක්වෙන්නේ දඹදිව කීටාගිරි නුවර කුඹුරු තෙවරක් වපුරන බවයි. මහ කන්නය සහ යල කන්නය අතර කාලයේ බාල වී වපුරයිි.

බුදු රජාණන්වහන්සේට දානය පිළියෙල කිරීමට යොද ගත් හෙයින් බුද්ධ භෝගය වූ ”සියපත් ඇල්” අද සොයා ගත හැකි දැයි මට දැනගැනීමට අවශ්‍ය විය. ඒ සඳහා අවශ්‍ය ඉඟියක්ද මට ලැබිණි. එනම් බුද්ධ භෝගයේ වී ඇටයේ පැහැය බුදුරජාණන් වහන්සේගේ ඡුවි වර්ණයට කිට්ටු පැහැයකින් වූ බවයි. ඒ තොරතුරත් සමග පැරණි වී වර්ග සොයා ගිය මට එදා සියපත් ඇල් නමින් හැඳින්වූ වී වර්ගය වෙනත් නමකින් හමුවිය. අද ”පච්චපෙරුමාල්” නමින් හඳුන්වන්නේ සියපත් ඇල්ය. පිරිසිදු පච්චපෙරුමාල් වී සැබැවින්ම රන්වන් කහ පැහැයකින් යුක්තය. සියපත් ඇල් පච්චපෙරුමාල් වූ Siyapat-al-02ආකාරය ද අපූරුය.

ඉංග‍්‍රීසි පාලකයන් සිය විශ්වාසවන්ත සේවකයන් ලෙස බඳවා ගත්තේ යාපනයේ දෙමළ ජනතාවය. ලංකාවේ පිහිට වූ පැරණිතම දෙපාර්තමේන්තු දෙකක්වනුයේ මිනින්දෝරු හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුයි. ලංකාවේ සිතියම් සකස් කරද්දී ගම්බිම්, වැව් ඇල වේලි සඳහා නම් ලබා දුන්නේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ දෙමළ සේවකයන්්ය. අදටත් අනුරාධපුරයේ සහ පොළාන්නරුවේ පවා ස්ථාන නාම, වැව් නාම දෙමළ බසෙන් යෙදෙන අවස්ථා ගණනාවකි. කොටින්ම සිංහලයේ පළමු රජතුමා වූ පණ්ඩුකාභය රජු තැන වූ අභය වැව අද සිතියම්වල දැක්වෙන්නේ ”බසවක්කුලම” කියාය. මිහින්තලේට නුදුරු පනාවැව ප‍්‍රදේශය සිතියම් ගත කරද්දී දෙමළ සේවකයෝ ඒ ප‍්‍රදේශවල සිටි ගැමියන්ගෙන් ප‍්‍රදේශයේ/වැවේ නම ඇසූහ. එය පනාවැව යැයි ගැමියන් පැවසූ කල දෙමළ සහායකයා සිය ඉංග‍්‍රීසි නිළධාරියාට ”සීප්පුකුලම” ලෙස පැවසීලූ. එතැන් සිට සිංහලේ පනාවැව සීප්පුකුලම විය. මිහින්තලේ ගම් උදා වැඩ බිම විවෘත කිරීමට පැමිණි එවකට ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා සීප්පුකුලම නමින් සටහන් කළ සමරු ඵලයක් දැක මිහින්තලේ සීප්පුකුලම් තිබෙන්නේ කොහොමදැයි අසා කතන්දරය දැන එවලේම සීප්පුකුලම ”පනාවැව” ලෙස නම් කළ බවත් එසේ නිවැරදි නම යෙදු පසු පමණක් ඵලකය විවෘත කළ බවත් කියැවේ. එම ඵලකය අදටත් මිහින්තලයේ සිට කටහගස්දිගිලිය දෙසට යන මාර්ගයේ දැකිය හැකිය.

සියපත් ඇල් පච්චපෙරුමාල් වී ඇත්තේද ඒ ආකාරයටය. එපමණක් නොව පැරණි සිංහල වී වර්ග බොහොමයකට ඇත්තේ දෙමළ නම්ය. ඒ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය කළ දෙමළ සේවකයන් ඉංග‍්‍රීසි නිලධාරීන්ට ලේඛණගත කිරීම්වල දී ලබා දුන් නම්ය. පච්චපෙරුමාල් සෘජු පරිවර්තනයට ලක්කල හොත් පච්ච යනු කොළ පැහැයයි. ඇතැම් විට ”අමු” යන තේරුම ද ඇත. පෙරුමාල් යනු කුමාරයා හෝ දෙවියන් යන අරුතයි. නමුත් පච්චපෙරුමල් එකට යෙ¥ විට එහි අර්ථය බුදුන්ගේ හෝ දෙවියන්ගේ පැහැය යන්නයි. පත‍්‍ර බොහොමයකින් (සියපත්* සමන්විතව අන් වී වර්ග අතර කුමාරයකු ලෙස වැජඹුණු නිසා පච්ච පෙරුමාලේ ලෙස යෙ¥ බවට ද අදහසක් ඇත.

පච්චපෙරුමාල් වී වර්ගයේ සිංහල නම කුමක්දැයි ආයුර්වේද වෛද්‍ය ජයනාත් අබේවික‍්‍රම මහතාද ගවේෂණය කර ඇත. ඔහු මට පැවසූයේ බොහෝ වෙහෙස වී තොරතුරු සෙවුව ද එවැන්නක් සොයා ගත නොහැකි වූ බවත් මේ ගැන අරිසෙන් අහුබුදු ශූරින්ට පැවසීමෙන් පසු ”නිල් කඳ” ලෙසින් අළුත් නමක් ලබා දුන් බවත්ය. ”සියපත් ඇල් ” වී ශාකයේ කඳ තුරුණු කාලයේ නිල් / දම් පැහැයක් ගන්නා හෙයින් අහුබුදු මහතා ඒ නම ලබා දී ඇත. රත්කඳ නමින් හඳුන්වන වී වර්ගයක් ද අප සතුය. ඒ නමින් හඳුන්වන වී පැලෑටියේ කඳ රත්පැහැයක් ගනී.

මැදවච්චිය, හොරව්පතාන, ගලෙන්බිඳුණුවැව වැනි ප‍්‍රදේශවල වන්නියෙ ගම් ලෙස හඳුන්වන පුරාණ සිංහල ගම් ගණනාවක් ඇත. ඒ ඇතැම් ගම්මානවල අදටත් පච්චපෙරුමාල් ලෙස අප හඳුනාගන්නා වී වර්ගය වගා කරයි. ඇතැම් විට එයට කහවණු ලෙස ද විටෙක මසුරං ලෙස ද තවත් විටෙක තවත් නමක්ද භාවිතා කරයි. මේ කුමන නමින් හැඳින්වූවද රූපියව බොහෝ් දුරට මේ වී වර්ග සමානය. වැදගත් කරුණු එය නොව පත්තිනි මෑනියන්ට, අයියනායක දෙවියන්ට සහ ගණ/පුල්ලෙයාර් දෙවියන්ට දේව පූජා සකස් කිරීමට වන්නියේ ගම්වල මිනිසුන් යොදා ගන්නේ අප මේ කතාබහ කරන වී වර්ගය වීමයි. එනම් දෙයියන්ගේ හාල් ය. දේව පූජා පැවැත්වීමට (මුරුතැන්ගෙයි බත් පිසීමට) වී ලබා ගැනීම උදෙසාම මුරුතැන්ගේ යාය නමින් කුඹුරු යායක්ද මේ ගම්මානවල තිබී ඇත. ඇතැම් ස්ථානවල අදටත් ඇත. මේ කන්නයේ සියපත් ඇල් වගාව ප‍්‍රචලිත කිරීමට අපට බොහෝ උපකාර කළ අයෙක් නම් වයඹ කෘෂිකර්ම අමාත්‍ය ඞී.බී හේරත් මහතාය. මේ කතාව මා ඒ මහතාට පැවසූ විට ඔහු කීවේ මුරුතන්ගේ යාය නමින් හඳුන්වන පුරාණ කුඹුරු යායක් කුලියාපිටියේ ඇති බවත් පොළොන්නරුවේ පරාක‍්‍රමබාහු රජුගේ කාලයේ සිට අද දක්වාම එහි ”පච්චපෙරුමාල්” වගා කරන බවත්ය.

සිංහල වී වර්ග පෝෂ්‍ය ගුණයෙන් අනූනය. පළාත අනුව, වයස අනුව, ශරීරයේ තත්වය අනුව අනුභවයට සුදුසු වී වර්ග ගණනාවක් අප සතු විය. අද ඒ දැනුම අප සතුව නැත. ඒ වෙනුවට බටහිර ක‍්‍රමයට වැඩි දියුණු කළ මතුපිට දිලිසෙන හාල් වර්ග කිහිපයක් පමණක් අපට ලබා දී ඇත බුද්ධ භෝගය වගා කළ, එය ආහාරයට ගත් බුද්ධවචනය පිළගත් ඒ අනුව ජීවත් වූ බුදුමග ගමන් කල ජාතියේ ආධ්‍යත්මය පිරිහීම සමග බුද්ධභෝගය ද යටපත්ව යෑම අරුමයක්් නොවේ. යටපත්ව ගියද එය තවම අතුරුදහන්ව නැත. මිනිසුන්ට පමණක් නොහැකි නම් ධාර්මික දෙවියන්ගේ ද සහාය ඇතිව ඒ මග අප සොයා ගත යුතුය. එහි ගමන් කළ යුතුය. ”බුද්ධ භෝගය” යලි සොයා ගැනීමෙන් ලැබෙන පණිවිඩය එයයි.

ආසනික් සංවාදය තමව අවසන් නැත. රජරට වකුගඩු රෝගයට ආසනික් හේතු නොවන්නේ යැයි පැවසීමට කිහිප දෙනෙකු අප‍්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරනු පෙනේ. ඔවුහු ඒ සඳහා දිවා ? වෙහෙසෙති. විදේශිකයන්ගේ ද සහාය ගෙන පර්යේෂණ කරති. එහෙත් අරුමයකට පර්යේෂණ කරන්නට කරන්නට ”ආසනික්” රජරට වකුගඩු රෝගයට ප‍්‍රධාන හේතුවක් බව තහවුරු වන සාධකම ඔවුන්ට ලැබේ. නමුත් ඒ වසන් කිරීමට ද රට නොමග යැවීමට ද ඔවුහු නොපැකිලෙති. මේ නම් කවර පාපයක්ද? ආසනික් බැහැර කිරීමට කිසිම ජගතකුට නොහැකි බව දැන් සක්සුදක් සේ පැහැදිලිය. මේ අයටම ”ආසනික්” බාර දී දැන් අපි වෙනත් කටයුත්තකට වෙහෙස වෙමු. එය ”ආසනික්”වලට වඩා බොහෝ දුෂ්කර වුව ද වෙහෙසකර වූ ද කටයුත්තක් බව අපි හොඳින්ම දනිමු. දැන් අපි බුද්ධ භෝගය රට පුරා වගා කරන්නෙමු.

උපුටා...-
- චන්න සුදත්


වැඩි විස්තර 
Read more

ඔබේ Facebook account එක ආරක්ෂාව ගැන සැලකිලිමත්ද?


























ඔබේ Facebook account එක ආරක්ෂා කර ගැනිමට පහත ක්රි යාමාර්ග අනුගමනය කරන්න

තමන්ගේ අනන්යtතාවය සදහා අන්තර්ජාලයේ ඇති හොදම සහ ආරක්ෂිත සමාජ ජාලය Facebook වේ. සමහර අයට යහළුවන් දහස් ගණනින් ඇත. යහළුවන් ගණන වැඩි වෙන එක එක අතකට හොද නමුත් අනිත් අතට අනාරක්ෂිත මට්ටමේ ඇත. ඒ සදහා ඔබේ Facebook account එක ආරක්ෂාවට අනුගමනය කල යුතු දේ ඇත. ගැහැණු ළමයිගේ ගිණූම් වලින් පෙනි සිටින විවිධාකාර පුද්ගලයන් ඔබත් සමග ලෙන්ගතු වි ඔබ මුලා කර ඔබේ Facebook account එකෙහි ඊමේල් ලිපිනය සහ රහස් අංකය ලබා ගෙන Facebook account එකේ පාලනය ඔවුන්ගේ අතට ගනි. එවිට ඔබට කරන්නට කිසිම දෙයක් නැත.

ස්වර්ණවාහිණියේ පුවත් වලට පවා Facebook account එකේ ඊමේල් ලිපිනය සහ රහස් අංකය සෝරා ගෙන ගිණුම් ඔවුන්ගේ පාලනයට අරගෙන අසභ්ය දර්ශන , පින්තුර එක් කරන බවත්, කප්පම් ලබා ගන්නා බවත් මෑතකදි විකාශය කලේය. කෙසේ වෙතත් අප ආරක්ෂාකාරි විය යුතුය. ඔබ පහත ආකාරයට ආරක්ෂාකාර වන්න.

1. ගැහුණු ළමයෙකුගේ පින්තුරයක් සහිත අඩ නිරුවතින් හෝ නිරුවතින් profile පින්තුයක් ඇත්නම් එය 98% ක්ම බොරු ගිණුම් වන අතර එය පිරිමින්ගේ ගිණුම්ය. ඔවුන් සමග chat කිරිමේදි පරිසම් වෙන්න. ඔබේ Facebook account එකේ ඒ වගේ ගිණූම් ඇත්නම් ඔබේ ගිණුමෙන් ඉවත් කරන්න. Report කරන්න. අන්තිමට Block කරල දාන්න. ගැහැණූ ළමයි එම පින්තුර සහිත අයත් එක්ක කථා කිරිමෙන් වලිකින්න. ගැහැණු ළමයිද ඔවුන් මුලා කර ඔවුන්ගේ අවශ්යැතාවය ඉටු කර ගනි.

2. ඔබ නොදන්නා කිසිදු ලින්ක් එකක් ක්ල්ක් කිරිමෙන් වලකින්න.

3. සමහර අය තෑගි දෙන බවට සහ එක් එක් වරප්රකසාද දෙන බව පවසා ලින්ක් එවයි. එහි ඇත්තේ නැවත ඔබේ ගිණුමට Login වෙන්න කියාය. ඔබ නැවත Login වුවහොත් ඔබේ ඊමේල් ලිපිනය සහ රහස් අංකය ඔවුන් සකස් කර ගත් මෘදුකාංගය මගින් ඔවුන්ගේ පරිගණකයේ මතක ගබඩාවට යයි. එවිට ඔබේ ගිණුම ඔබට අහිමි වි හමාරය.

4. කිසිම කෙනෙකුට, කුමන හේතුවක් උඩවත් ඔබේ Facebook account එකේ රහස් අංකය ලබා නොදෙන්න. එය වැඩකාරයෙක්ගේ අතට පත් වුනොත් කවදාවත් ඔබේ Facebook account ලබා ගත නොහැක.

5. ඔබේ ගිණුම පහත පරිදි ආරක්ෂා කර ගන්න. මේය සකස් කිරිම සදහා ඔබ Mozilla Firefox පාවිච්චි කරන්න. ඔබ පලමුව Mobile වලට ගොස් Add a Phone තියෙන තැන Click කරන්න. ඉන් පසු Password යන ස්ථානයේ ඔබේ රහස් අංකය යොදන්න. ඉන් පසු එය Confirm කලාට පසු ඔබට එන dialog box එකේ ලංකාවට අයත් දුරකථන සමාගමක් තෝරන්න එයි. ඔබේ ජංගම දුරකථනය අයත් සමාගම තෝරන්න. ඊට පසු ඔබේ ජංගම දුරකථයෙන් කැපිටල් F අකුර ටයිප් කර 32665 ට යවන්න. ඊට පසු ඔබේ ජංගම දුරකථනයට පැමිණෙන code එහි ටයිප් කර Next මත Click කරන්න. ඉන් පසුව ඔබ නැවත account setting වලට යන්න. ඊට පසු security වලට ගොස් Login Approvals වලට යන්න. ඉන් පසු “Require me to enter a security code each time an unrecognized computer or device tries to access my account “ යන ස්ථානයේ හරි ලකුණ යොදන්න. ඉන් පසු එන dialog box එකේ පහල ඇති Setup now යන ස්ථානය Click කරන්න. ඉන් පසුව ඔබේ දුරකථනයට code එකක් පැමිණේ එය එම ස්ථානයේ සටහන් කරන්න. ඉන් පසුව පැමිණෙන dialog box එකට නමක් ලබා දෙන්න. ඉන් පසු ඔබේ ගිණුමට Login වෙකොට ඔබේ දුරකථනයට code එකක් පැමිණේ. එය සටහන් කරන තුරු ඔබේ ගිණුම කාටවත් විවෘත කල නොහැක. කවුරු හෝ ඔබේ ගිණුමේ රහස් අංකය දැන ගෙන login වුවහොත් ඔබේ දුරකථනය පැමිණෙන Code එකින් එය දැන ගත හැක. ඔහුට ඒ Code එක නොදෙන කවදාවත් ඔබේ ගිණුම විවෘත කල නොහැක. දැන් සම්පුර්ණ ඔබේ Facebook account එකෙහි පාලනය ඔබ අතේය.
Read more

වද බව නසන්න ඉරමුසු බොන්න



























 ඉරමුසු කියන්නේ අපේ අම්මල පොඩි කාලේ ඉදන් බලෙන් හරි පොවන හදන ශාකයක්.එත් අපි දනන් හිටියේ නැ මේකේ තියන ගුනේ. වත්තේ පිටියේ ඕන තරම් දකින්න තිබුනට නිකන් කැලේ හැදුනට සල්ලි දීලා ගන්න කොකාකෝලා බෝතලේට වඩා වටිනවා.
Read more

වැලිමැස්සා මාරාන්තික විය හැකිය.



වැලිමැස්සා හදුනා ගනිමු.
==============

වැලිමැස්සා 2 මි.මි - 3 මි.මි පමණ දිගය (මදුරුවා මෙන් ¼ ක පමණ කුඩාය) ශබ්ද නොමැතිව පියාසර කරන මෙම මැස්සා තෙත් සහ වියළි අදුරු පරිසරයේ ජිවත්වේ.

උදෑසන සහ සවස් කාලයේ කඩිසරව ක්‍රියාශ්‍රීලි වේ. ගැහැණු සතුන්ගේ බිත්තර මේරීම (පරිණතවීම) සදහා සත්ව ලේ උරා බොයි.

මෙම වැලිමැස්සා බල්ලන්, පුසන්, ගවයින්, මීයන්, වැනි සතුන්ටද රෝගය බෝකරන අතර, එවැනි සතුන් ඇති කිරිමේදි වඩාත් විමසිලිමත් විය යුතුයි.

රෝග ලක්ෂණ හදුනා ගනිමු
================

වැලි මැස්සා දෂ්ටනයෙන් සතියකට පමණ පසු සමෙන් ඉස්සුණු රතු ගැටිත්තක් දැකිය හැක. මුල් අවදියේ එය බෝහෝ විට කුරුලෑවක් වැනි කුඩා බිබිලකි.

මෙම තත්ත්වයන් ශරිරයේ ඇදුම්වලින් ආවරණය නොවන ස්ථාන වල දක්නට ලැබේ.(උදා) : අත්,මුහුණ, කකුල්, කන්.)

දිගු කාලයක් සුව නොවි පසුව ගැටිත්තක් මෙන් දක්නට ලැබේ.

කල්ගතවීමේදි මේවා සමේ පැහැය හෝ රතු පැහැය ගන්නා වේදනාවක් හෝ කැසිමක් නැති ගැටිත්තක් බවට පත්වේ.

ගැටිති මතුපිට පොතු ගැලවීමක් හෝ කලු පැහැති කබොළක් ඇති විය හැකිය.

සමහර විට ගැටිත්ත මතු පිට වේදනාවෙන් තොර තුවාළයක් හට ගනි.

මෙවැනි රෝගයක් පිළිබද සැක ඇති වු විට ළගම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය හෝ සමේ රෝග සායනය වෙත යොමු වන්න. එම ස්ථානවල දි නොමිලේ ප්‍රතිකාර හා උපදෙස් ලබාගත හැකිය.

රෝගය වළක්වා ගැනීමට
==============

කැළෑබද ප්‍රදේශවල ජිවත් විමේදි ශරිරය ආවරණය වන පරිදි ඇදුම් ඇදිම.

රාත්‍රී කාළයේ මෙන්ම දවල් කාලයේ ද නිදාගන්නා විට ඇද දැල් භාවිතා කිරම.

වැලි මැස්සන් පළාවාහරින ආලේප ශරිරයේ ගැල්වීම.

එළිමහනේ නිදා ගැනීමෙන් වැළකිම

රෝගින් හදුනා ගැනිම හා ප්‍රතිකාර නොපමාව කර ගැනීම

මෙම රෝගයට ප්‍රතිකාර ලබා ගත යුත්තේ ඇයි?
===========================

මෙම රෝගයට ශරිර අභ්‍යන්තර අවයව වලට හානි කිරිමේ හැකියාව ඇත.

එසේ වුවහොත් එය මාරාන්තික තත්වයක් විය හැකිය.

මෙය වළක්වා ගැනීමට නම් සමේ ඇති වන අසාමාන්‍ය තුවාල සදහා ප්‍රතිකාර කළ යුතුය.

රෝගය බෝවන්නේ රෝගීයකුගෙන් නීරෝගී මිනිසෙකුට වැලිමැස්සා හරහා වන නිසා මෙම රෝගය පාලනය කිරිමට නම් අනිවාර්යයෙන් රෝගින් සුවකළ යුතුය.

නිසි ප්‍රතිකාර නොගැනීමෙන් මාරාන්තික විය හැකිය.

වැලි මැස්සා දෂ්ඨ කිරීමෙන් පසු
=================

වැලි මැස්සා දෂ්ටනයෙන් සතියකට පසු සමෙන් ඉස්සුණු රතු ගැටිත්තක් දැකිය හැක. මුල් අවදියේ එය බෝහෝ විට කුරුලෑවක් වැනි කුඩා බිබිලකි. කල්ගතවීමේදි මේවා සමේ පැහැය හෝ රතු පැහැ ගන්නා වේදනාවක් හො කැසීමක් නැති ගැටිත්තක් බවට පත්වේ. ගැටති මතුපිට පොතු ගැලවීමක් හෝ කලු පැහැති කබොළක් ඇති විය හැකිය. සමහර විට ගැටිත්ත මතු පිට වේදනාවෙන් තොර තුවාළයක් හට ගනී.

මෙම තත්ත්වය ශරිරය ඇදුම්වලින් ආවරණය නොවන ස්ථාන වල බෝහෝ විට දක්නට හැකිය. (උදා : අත්, මුහුණ, කකුල්, කන්)

පෙති වර්ග හා ආලේප මගින් මෙම රෝගය සුව කළ නොහැක. මෙම රෝගය පිළබද ඔබේ ඥාතීන්, හිතවතුන් හා අසල්වැසියන්ද දැනුවත් කරන්න.

විමසිලිමත් වන්න

මේ .... ලීෂ්මනයිසිස් රෝගය විය හැක.

රෝග වාහකයා වැලි මැස්සා නැමැති මදුරුවකුටත් වඩා කුඩා කෘමියෙකි.

Read more

Monday, March 3, 2014

2014 වසරේ ෆෝබ්ස් සගරව විසින් නම් කරන ලද ලොව ධනවතුන්

2014 වසරේ ෆෝබ්ස් සගරව විසින් නම් කරන ලද ලොව ධනවතුන්

1 Bill Gates $76 Billion Up - Microsoft
2 Carlos Slim Helu $72 Billion Down - Telecom
3 Amancio Ortega $64 Billion Up - Retail
4 Warren Buffett $58.2 Billion Up Berkshire Hathaway
5 Larry Ellison $48 Billion Up Oracle
6 Charles Koch $40 Billion Up - Diversified
6 David Koch $40 Billion Up - Diversified
8 Sheldon Adelson $38 Billion Up - Casinos
9 Christy Walton $36.7 Billion Up - Walmart
10 Jim Walton $34.7 Billion Up - Walmart
11 Liliane Bettencourt $34.5 Billion Up - L’Oreal
12 Stefan Persson $34.4 Billion Up - H&M
13 Alice Walton $34.3 Billion Up - Walmart
14 S. Robson Walton $34.2 Billion Up - Walmart
15 Bernard Arnault $33.5 Billion Up - LVMH
16 Michael Bloomberg $33 Billion Up - Bloomberg LP
17 Larry Page $32.3 Billion Up - Google
18 Jeff Bezos $32 Billion Up - Amazon.com
19 Sergey Brin $31.8 Billion Up - Google
20 Li Ka-shing $31 Billion Even - Diversified

By Forbs

උපුටා ගැනීම
Read more

ජනාධිපති අරමුදල ගැන ඔබ දැනුවත්ද?


ශ්‍රී ලංකාවේ ජනාධිපති අරමුදල ගැන ඔබ දැනුවත්ද?
 දැනගන්න ඔබගී වරප්‍රසාද ගැන.

Read more

සෙංගමාලය මටිටූ කරන කැඳ-අත් බෙහෙත්සෙංගමාලය මටිටූ කරන කැඳ-අත් බෙහෙත්



සෙංගමාලය ඕනෑම කෙනෙක් හොඳින් හඳුනන රෝගී තත්ත්වයක් බව හැමදෙනාම දන්නවා. ඒ වගේම මෙම රෝගී තත්ත්වය වරින්වර බෝවී යන රෝගයක්ද වෙනවා. වෛරස් ආසාදන නිසා හෝ පිත වැඩිවීම, පණූ අවරෝධය වැනි තත්ත්වයන් සෙංගමාලය බොහෝ දෙනෙකුට ඇතිවීමට හේතු වෙනවා. මෙම රෝගය සමනය කර ගැනීම සඳහා දේශීය ප්‍රතිකාර අතර බොහෝ විට කැඳ වර්ග, භාවිත කරයි. අනෙක් ප්‍රතිකාර වගේම කැඳ වර්ග ද ගැනීම මගින් මෙවැනි රෝගී තත්ත්වයක් සමනය කර ගත හැකිය. නමූත් අවශ්‍ය අවස්ථාවන්වලදී වෛද්‍යවරයෙක් හමූවීමද හොඳයි.

ගස් කරල් හැබ, බක්මී පොතු, හීින් බෝවිිටිය කොළ, රසකිඳ කොළ, මොණර කුඩූම්බිය කොළ, මූස්සැන්ද, සැවැන්දරා
වැනි ඕනෑම වර්ගයකින්, එක් වර්ගයක් ගෙන කොටා මිරිකා ඉස්ම ගෙන, හීනැටිහාල් හෝ කැකුළු හාල් ලිප තබා තම්බා එයට මිශ්‍ර කර කැඳ සාදා කිතුල් හකුරු සමග බොන්නට දීම ඉතාම ගුණදායකය. ඉහත සඳහන් ඕනෑම වර්ගයක් ඒ සඳහා ඔබට භාවිත කළ හැකිය.
ඒ වගේම කෝමාරිකා පිත්තක් ගෙන එය පලා, ඒ තුළට මූං ඇට දමන්න. ඉන්පසූව උණූ අළු යට තබා තැම්බෙන්නට හැර පසූව එමගින් කැඳ සාදා බොන්න. මෙයද ඉතා ගුණදායක වන්නේය.

මෙවැනි ආකාරයට කැඳ වර්ග ඔබට නිවසේදීම පහසූවෙන් සාදා ගත හැකිය. ඒ නිසා සෙංගමාලය රෝගී අවස්ථාවලදී එය සමනය කර ගැනීම සඳහා ඔබට එවැනි අත් බෙහෙත් ක්‍රම අනූගමනය කළ හැකිය.


උපුටා ගැනීම්
Read more

ඒ මහා පාවා දීම සිදු වී අදට හරියටම වසර එකසිය අනූනවයකි.



































අද 1815 මාර්තු 2 වැනි දා නම්....? මේ ලංකාද්විපයේ මේ මොහොත වන විට මොන තරම් නම් පෙරලියක්‌ වේවිද? විවිධ සාකච්ඡා, මත ගැටුම්, ඇතුළු කුතුහලයකින් රටම ඇලලී යනු නො අනුමානයි.

අද අප එසේ සිතනු ඇතැයි වසර එකසිය අනූනවයකට පෙර කීර්ති ශ්‍රී රාජසිංහ රජුන් සිතන්නට නැත. උඩරට බලය පතුරුවාලීමේ ඉංග්‍රීසින්ගේ ආශාවත්, නායක්‌කාරයින්ගේ දෙපිටකාට්‌ටු සිහිනත්, උඩරට රදලයින්ගේ කුලල්කෑමත් මත 1815 උඩරට ගිවිසුමට එක`ග වීමට රාජසිංහ රජුට සිදු වූ බව ඉතිහාස පොත පත සනාථ කරයි.

ඒ මහා පාවා දීම සිදු වී අදට හරියටම වසර එකසිය අනූනවයකි.

අද වන් දිනෙක මහනුවර ම`ගුල් මඩුවේදී රටේ ජනතාව වෙනුවෙන් ඇහැළේපොළ මහ නිළමේ, මහ අධිකාරම් හා සත්කෝරලේ දිසාව වූ මොල්ලිගොඩ, දෙවන අදිකාරම් හා සබරගමුව දිසාවේ වූ පිළිමතලව්වේ, සතර කෝරලේ දිසාව වු කනිෂ්ඨ පිළිමතලව්වේ, ඌවේ දිසාව වූ මොනරවිල, මාතලේ දිසාව වු රත්වත්තේ, තුන්කෝරලේ දිසාව වූ කනිෂ්ඨ මොල්ලිගොඩ, වලපනේ දිසාව වූ දූල්ලෑවේ, වෙල්ලස්‌සේ හා බිම්තැන්නේ දිසාව වූ මිල්ලෑව, තමන්කඩුව දිසාව වූ ගලගම හා නුවර කලාවියේ දිසාව වූ ගලගොඩ ද අත්සන් තැබූහ. රොබට්‌ බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරයා ඉංග්‍රීසි මහ රජාණන් හා රාජපතිනිය වෙනුවෙන්ද අත්සන් තැබූහ. නියෝජ්‍ය මහ ලේකම් ඡේම්ස්‌ සදර්ලන්ඩ් , ජෝන් ඩොයිලි අත්සන් සහතික කරමින් අත්සන් කළේය.

ගිවිසුම අත්සන් කිරීමට පෙර ඉහළට ඔසවන ලද ඉංග්‍රීසි කොඩිය පහතට ඇඳ දැමූ වාරියපොල සුමංගල හාමුදුරුවෝ යළිත් සිංහ කොඩිය එසවූ ඒ අභීත ක්‍රියාව සිදු කළේ ද අද වැනි දවසකය.

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සර්වත්‍ර සංසිද්ධියක්‌ සනිටුහන් කළ මේ කාල වකවානුව මෙලක රජ කල අවසන් රජුගේ ස්‌වස්‌තිකයන් බිද දැමූ කාලයක්‌ විනා ස්‌වර්ණමය යුගයක්‌ නොවුනු සේය. එසේ වන්නට වූ කරුණු විමසා බැලීම වටිනුයේ එය මේ අප ගත කරන වර්තමානයට ද බෙහෙවින් වැදගත් වන නිසාය.

රාමේෂ්වරම් දිවයිනේ දී වසර 1780දී උපන් කන්නසාමි කුමාරයා, රාජාධිරාජසිංහ රජුගේ දෙවැනි බිසවගේ සොයුරියගේ පුතුය. කුඩා කලම පියා මිය ගිය හෙයින් කන්නසාමි තම මාමා වූ කොණ්‌ඩසාමි සම`ග ලක්‌දිවට පැමිණ, මහනුවර රාජධානියේ නායක්‌කාර වංශිකයන්ට වෙන්කර තිබූ කුමාරප්පේ වීදියේ වාසය කළේය. කඩවසම් පෙනුමැති දේහයකින් යුක්‌ත වූ ඔහු මල්වතු විහාරයීය මොරතොට ධම්මක්‌ඛන්ද අනුනායක හිමියන්ගෙන්ද කොබ්බෑකඩුවේ සිරිනිවාස නා හිමියන්ගෙන්ද අක්‌ෂර ඥාණයත් ධර්ම ශාස්‌ත්‍රාදියත් පිළිබ`දව උගත්තේය. රාජාධිරාජසිංහ රජු අභාවප්‍රාත වූ 1798 වන විට කන්නසාමිගේ වයස අවුරුදු දහඅටකි.

පුරාණයේ පටං පැවත එන නීතියට අනුව රජෙකු අභාවප්‍රාත වූ විට ඊට සුදුස්‌සෙකු පත් කර ගන්නා තුරු එය හෙළි නොකිරීම පුරාණයේ පටං පැවත එන්නකි. රාජාධිරාජසිංහ රජු සමයේ රජවාසල මුළු බර කරට ගෙන මහ අදිකාරම් ධූරය හෙබවූයේ පිළිමතලව්වේය. නායක්‌කාර් වංශිකයන්ගේ බලය නිසා පීඩාවට පත්ව සිටි සිංහල ජනතාව ඉන් මුදවා ගැනීමටත් බුදුදහම න`ගා සිටුවීමටත් පිළිමතලාවේ කලකසිට සිහින මැවීය. රාජාධිරාජසිංහ අභාවය සම`ග කන්නසාමි කුමාරයා කෙසේ හෝ රජකමට පත් කොට තම අණසක යටතේ ඔහු රූකඩයක්‌ බවට පත්කර ගැනීමට සිතූ පිළිමතලව්වේ, ඒ පිළිබඳව මල්වත්තේ පුෂ්පාරාමයේ වැඩ සිටි මොරතොට ධම්මක්‌ඛන්ද හිමි සම`ග රහසිගත සාකච්ඡාවක්‌ පැවැත්වීය. තමාගේ උපදෙස්‌ පරිදි රජ කිරීමට කැමති නම් රජකම ලබා දියහැකි බව පිළිමතලව්වේ කී විට කන්නසාමි කුමාරයා ප්‍රීතියෙන් පිනාගොස්‌ මහ අදිකාරම කියන ඕනෑම දෙයක්‌ කරන බවට සපථ කළේය.

වර්ෂ 1798 පෙබරවාරි 10 දා දියවඩන නිළමේත් සළුවඩන නිළමේත් ඇතුලු කාර්යය මණ්‌ඩලය කුමරාගේ නිවසට ගොස්‌ පුරාණ චාරිත්‍ර අනුව හ`දුන් කිරි පැණින් ස්‌නානය කරවා රන්රිදී මුතු මැණික්‌ ආදියෙන් අනූන රාජාභරණයෙන් සැරසූහ. මනහර රන් සිවි ගෙයක හිදුවා කුඩ කොඩි සේසත් වියන් යට පංචතූර්යය නාදයෙන් සමන්විත දර්ශනිය පෙරහරකින් මහ වාසල වෙත කැදවා ආහ. දළඳා මැදුරේ ශ්‍රී දන්ත ධාතුන්වහන්සේ ඉදිරියේ දොහොත් මුදුන් දි වැඳ පන්සිල් ගෙන ම`ගුල් මඩුවේ සිහසුන මත අසුන් ගත්තේය. එතැනිපටන් හෙතෙම ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විය.

තම අරමුණු රජු හරහා ඉටු කරගැනීම ඇරඹි පිළිමතලව්වේ මහ අදිකාරම් ඉන් නොනැවතී පෞද්ගලික වෛරයන් ද පිරිමසා ගැනීමට රජු පාවිච්චි කළේය. ඔහුගේ විරුද්ධවාදින් ඝාතනය කිරීම ඇරඹි කෙටි කලක්‌ ගත වෙත්ම රජු සහ රට වැසියන් පිළිමතලව්වේ සැකකිරීමටත් ඔහුගේ උපදෙස්‌ පිළිපැදීම බැහැර කිරීමටත් පටන් ගත්හ. ඊට පිළිමතලව්වේ ගත් විස`දුම නම්, ඉංග්‍රීසින්ගේ පිහිට පැතීමයි.

ඒ වන විට පහතරට බලය ඉංග්‍රීසින්ට නතු කර ගැනීමත් සමග උඩරට රාජ්‍යය අත්පත් කරගැනීම කෙරෙහි ඉංග්‍රීසින්ගේ අවධානය යොමුව තිබූ කාලවකවානුවක්‌ වූ බැවින් පිළිමතලව්වේ ඉංග්‍රීසින්ට ගෙන ගිය යෝජනා ඉබ්බා දියට දැම්මා වැනිය.

එවකට ඉංග්‍රීසි ආණ්‌ඩුකාරයා වූ පෙඩ්රික්‌ නෝත් ක්‍රි.ව 1798 සිට 1803 දක්‌වාම උත්සාහ දැරුවේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සම`ග ස්‌ථිර සාම ගිවිසුමක්‌ ඇතිකර ගැනීමට වුවද රජු ඊට එරෙහි වූයේ ජනතාව කෙරෙහි වූ දයානුකම්පාවෙන්මය. මෙම කාල වකවානුව වන විට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ධර්මිෂ්ඨ රාජ්‍යය පාලනයක්‌ පවත්වාගෙන ගියේය.

පිළමතලව්වේ සහ ආණ්‌ඩුකාර නෝත් ගේ සංහි`දියාව මත රාජසිංහ රජු සිහසුනෙන් නෙරපා දමා තමා රජ වීමට පිළිමතලව්වේ ඉංග්‍රීසින්ගේ සහාය පැතීය. එහෙත් නෝත් එකහෙලාම බලාපොරොත්තු වූයේ රාජසිංහ රජු කෙසේ හෝ දැලට හසුකර ගැනීමටය. ඒ අනුව මැක්‌ඩොවල් සෙනවියා රජු හමුවට පිටත් කර යවා, රජුගේ ආරක්‌ෂාවට ඉංග්‍රීසි සේනාංකයක්‌ එවන්නදැයි විමසන ලෙස සැලසුම් කළේය. මේ බැව් සැලවූ රජු සාම ගිවිසුමකට කැමති නැති අතර බැහැ දැකීමට පමණක්‌ අවසර ඇතිබව දැන්වීය. රජු බැහැදුටු මැක්‌ඩොවල් රජු හා රදලවරු බොහෝ දෙනෙක්‌ පිළිමතලව්වේ සමග වැඩි ඇයි හො`දයියක්‌ නොමැති බව දැන නෝත් ට ඒ බැවි දැන්වීය.

සාම ගිවිසුම් සදහා කීප වතාවක්‌ම උත්සාහ කලද ඒවා අසාර්ථක වූ බැවින් ඉංග්‍රීසින් බලාපොරොත්තු වූයේ කොයි මොහොතේ හෝ උඩරට ආක්‍රමණය කිරීමටය. ඊට අවැසි පසුබිම 1802 දී තැනුනේ මුස්‌ලිම් වෙළෝදුන් හා රාජ පුරුෂයින් අතර ඇති වූ අලකලංචිය හරහාය. පිළිමතලව්වේ ද ඇවිලෙන ගින්නට පිදුරු දැමීය. 1803 ජනවාරි 31 මැක්‌ඩොවෙල් ගේ නායකත්වයෙන් යුත් සේනාංකයක්‌ කොළඔ සිට නුවර ට ආහ. මුත්තුසාමි ද යාපනයේ සිට ආහ. සියල්ල දත් රජු දළදා වහන්සේද රැගෙන හ`ගුරන්කෙතට පලා ගොස්‌ තිබිණි. එහෙයින් ඉංග්‍රීසින් බල කොටු තනවා නුවරම රැ`දුනි. ඉංග්‍රීසින් විසින් මුත්තුසාමි කුමරු සිංහාසනාරූඩ කිරීමෙන් කෝප වූ පිළිමතලව්වේ සිංහල හා ඉංග්‍රASසින් අතරේ ගැටුමක්‌ ඇති කොට අමු කැලයකට ගිනි තැබුවේය. එපමණක්‌ නොව පිළිමතලව්වේ වරින්වර කිහිපවිටක්‌ම ඉංග්‍රීසින් සහ රජු කෙටවෙන අන්දමේ විවිධ උගුල් අටවා පසෙකට වි බලා සිටියේය. 1804 සැප්තැම්බර් 25 දා නැවත ඉංග්‍රීසින් උඩරටට සේනාංකයක්‌ ගෙන ආවේය. සිංහල භටයෝ අතර මගදි ඔවුන්ගේ ගමන වලකාලමින් බාධක බැන්ද ද මෙවර පරණගම සහ කුණ්‌ඩසාලේ පිහිටි රාජ මන්දිර ඉංග්‍රීසින් විසින් ගිනි තැබුවේය. එම රාජ මන්දිරවල , පෘතුගීසි හා ඕලන්ද ආණ්‌ඩුකාරරුවන් තෑගි කළ යුද්ධෝපකරණ රැසක්‌ තබා තිබූ අතර ඒවාද ගිනිබත් වීමෙන් රාජසිංහ රජු නිම්හිම් නැති කෝපයෙන් ඇලලී සිටියේය.

කන්ද උඩරට ප්‍රදේශය පුරා වසූරිය පැතිර ගියේ 1810 දීය. එයින් රටවැසියන් බොහොමයක්‌ මිය ගිය අතරේ රජු ඇතුළු බොහෝ දෙනෙකුට ද වසූරිය වැලදිණි. ගම්පොළදේවි බිසවත් රජතුමාත් වසංගත රෝගයෙන් දිවි ගලවා ගත්තද දියණිය මිය ගියාය.

මේ අතරේ පිළිමතලව්වේ මහ අදිකාරම් රජු නැසීමට උපක්‍රම යෙදීය. සියඹලාපිටියේ ඝට්‌ටම්බි නම් වූ කරණවෑමියාට මුදල් දී ඔහු ලව්වා රජුගේ බොටුව සි`දවීමට කටයුතු කලද එයද ව්‍යර්ථ විය. මේ සියල්ල දැනගත් රජු පිළිමතලාවේ අදිකාරම් ට ජීවිත දානය දුන්නද නිල තල සියල්ල අහිමි කළේය. එම පුරප්පාඩුව පිරවූයේ ඇහැළේපොළය. කෙටි කලකින් ඇහැලේපොල රොබට්‌ බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරයා සමග එක්‌ව රජුට එරෙහිව ගතු කීවේය. ඉන් රජු බෙහෙවින් කෝපාවිෂ්ට විය. කන්ද උඩරට රාජ්‍යයයේ පැවතගෙන ආ සම්මත නීතියට අනුව රජුට ෙද්‍රdaහිව කටයුතු කරන උදවිය අත්අඩංගුවට ගෙන අධිකරණයට යවා ද`ඩුවම් පැමිණවීය.

මෙපමණ කම්කටොලු මධ්‍යයේ රාජසිංහ රජු මත්පැනටද ලොල් වීය. කසුකුසුව පැතිර ගියේ මත්පැන් පානය හුරු කලේ, මෙඩ්ලන්ඩ් ආණ්‌ඩුකාරයා විසින් ජෝන් ඩොයිලි අත විශේෂ රට බීම රජුට යෑවීම හරහා බවයි. බීමට ලොල් වූ රජතෙමේ ගේ අධික මත් පැන් පානයෙන් ව්‍යාකූල වූ මනසින් ද සමහර රදළවරු ප්‍රයෝජන ගත්තා සේය. පුස්‌සැල්ලේ නිළමේ විසින් එසේ ප්‍රයෝජන ගත් එක්‌ අවස්‌ථාවකි, මරණ ද`ඩුවමට ලක්‌ව සිටි වරදකරුවන්ගේ දඩුවම් තල්පත රජු අසිහියෙන් සිටි මොහොතක අනුමත කරවා ගැනීම. 1814 මැයි මස 2 වැනිදා එම පිරිස්‌ වැවෙහි දේව සංහින්ද ස්‌ථානයේදි නිළධාරින්ට භාර දුන්හ. මරණ ද`ඩුවම් දෙනු දුටු ජනයා සිතින් විලාප නගමින් රජු කෙරෙහි මහත්වූ අප්‍රසාදයක්‌ රහසේ දැක්‌වීය.

මත්ගති ඇත්තාවූ රජ ඇහැළේපොළ කුමාරිහාමි කෙරෙහිලොල් වූ සිතින් ක්‍රියා කළ බව අප්‍රකට කරුණකි. ප්‍රකට කරුණ වූයේ තමන්ට එරෙහි වූ ඇහැළේපොළ අදිකාරම්ට දඩුවම් දීමය. රටවැසියන් තුළ රජු කෙරෙහි වූ අප්‍රසාදය දෙගුණ තෙගුණ කරමින් ඇහැළේපොළ කුමාරිහාමි හා දරු පැටව් මරා දැමිය.

රජු කෙරෙහි ජනතා අප්‍රසාදය මහ ඉහළින් ඇති බව දැනගත් ඉංග්‍රීසින් ක්‍රි.ව 1815 ජනවාරි 11 වැනි දින පළමු ඉංග්‍රීසි සේනාංකය කන්ද උඩරටට සේන්දු විය. දුෂ්ඨ රජු පලවා හැර ජනතා ආරක්‌ෂාව සලසන බව ජනයා හමුවේ ප්‍රචාරය කර හැරියේ ඇහැළේපොළ අදිකාරම් ගේ සැලසුම් අනුවය.

තත්ත්වය මහා දරුණු අතට පත්වන බව දැනගත් ශ්‍රී වික්‍රම රාජසිංහයෝ රජ මාළිගාව අත හැර අප්‍රසිද්ධ වේශයකින් දුම්බර ට ගොස්‌ සැ`ගවුණේය. මැදමහනුවර බෝමුරේ අප්පුරාල ආරච්චිලාගේ නිවසේ වී බිස්‌සේ රජු සැ`ගව ගත්ය. එහෙත් රජුට සැ`ගව සිටිය හැකි වූයේ,1815 පෙබරවාරි 16 වැනි දින තෙක්‌ පමණි. එක්‌නැලිගොඩ මොහොට්‌ටාල රජ සැ`ගව හුන් තැන සොයා පරුෂ වචනයෙන් බැන වදිමින් එළියට ඇද දැමූ බව පත පොතෙහි සදහන් වේ. ඉංග්‍රීසි සෙනවියන් රජුට ගරු කොට කෑම බීම දී සළු පිළි දී තෙල්දෙණිය කුඩාරමට කැටුව ගියහ. එහි දී ජෝන් ඩොයිලි , රජු සම`ග සාකච්ඡා කොට වස්‌තු ස`ගවා ඇති තැන් අසා දැනගත්තේය.

රජු ඩොයිලි සම`ග සිටින බව ආණ්‌ඩුකාර බ්‍රවුන්රිග් දැන ගත් අතරම 22 දින රජු කොළඹට කැ`දවීය. පෙබරවාරි 26 වැනිදා රජුත් ඩොයිලිත් දීර්ඝ ලෙස සාකච්ඡා කොට තීරණයකට එළැඹිණි. අනතුරුව රජු ඉංග්‍රීසින්ගේ නොමද ආදරයට ගෞරවයට පාත්රය වෙමින් සැහැල්ලු සිතින් කෝළඹට වී සිටියහ.

මාර්තු 2 දින එලැබුණේ රටේ සිංහල ජනයා අමන්දානන්දයට පත් කරමින් සේය. තම නායකයන් ගේත් ඉංග්‍රීසින්ගේත් අත්සනින් ඇති කර ගත් උඩරට ගිවිසුම දෙදහස්‌ වසරකටත් වැඩි කාලයක්‌ තිස්‌සේ ආත්ම පරිත්‍යාගයෙන් රැක ගත් සිංහලකම පාවා දීමක්‌ බව අද වුවද තේරුම් ගත්තද සියල්ල එසේ සිදු වූයේද සිංහලයා නිසාම බව තේරුම් ගැනීම වටී.


වැඩි විස්තර
Read more

ඇදුම තත්වය උත්සන්න වීම දරුවාගේ ජීවිතයටද ඉතා අවදානම් විය හැක

ඇදුම තත්වය උත්සන්න වීම දරුවාගේ ජීවිතයටද ඉතා අවදානම් විය හැක .
එමනිසා ...
ඇදුම රෝගය ගැන දැනුවත් වෙමු

ඇදුම රෝගයට ඇති ප්‍රතිකාර මොනාවාද ?

කියවන්න ... දැනුවත් වන්න
වැඩි විස්තර
Read more

photo comment pack 02-animations

facebook තුල විශේෂයෙන් ආසියාතික රටවල බහුලව බාවිතා වන ක්‍රමයක් වන photo comment පහසුකම සදහා අවශ්‍ය චයාරුප රාශියක් අප අඩවිය ඇතුලින් බාගත කර ගත හැක.

චලන චායාරුප දැනට facebook තුල සම්පුරණයෙන් සහය නොදක්වන නමුත් ඉදිරියේදී  එම පහසුකම ලැබෙනු ඇත. එම නිසා මෙමෙ චායාරුප ලබා ගන්න.








Read more

photo comment pack 01-b&w cartoon

facebook තුල විශේෂයෙන් ආසියාතික රටවල බහුලව බාවිතා වන ක්‍රමයක් වන photo comment පහසුකම සදහා අවශ්‍ය චයාරුප රාශියක් අප අඩවිය ඇතුලින් බාගත කර ගත හැක.








































Read more

උපන්න මව්බිම රකින්න ගිය, මගෙ සූර වීර වූ සෙබල පුතේ

උපන්න මව්බිම රකින්න ගිය...
මගෙ සූර වීර වූ සෙබල පුතේ...
නිවන් දකින්නට ඒ පිංකම ඇති...
මතු බවයෙදි රත්තරන් පුතේ..


උපුටා ගැනීම්
Read more

ඔබත් වස කන්නේ අනුමත කර ඇති ප්‍රමාණයෙන්ද ?


(පූර්ණ ගෞරවය chathupatiyaටය )

අපගේ ශරීරය ක‍්‍රියාකාරිත්වයට අවශ්‍යය සියලූම දේ අපට සොබා දහම විසින් උරුම කර දී ඇත. සොබා දහමේ නියමයන්ට අනුව අතීත ජීවත් වූ අපේ මුතුන්මිත්තන්හට ඉහෙන් බහින රෝගයක් අහාර නිසා වැලඳුනේ නැත. මනුස්ස ශරීරයේ යහපැවැත්මට, මිනිසා විසින් සුදුසු ආහාර වර්ග ගැනීම අවශ්‍යම කරුණකි. ඒ කුමක් හෝ ආහාරයක් නොව, එය ශරීරය පවත්වාගෙන යාමට බාධාකාරී නොවෙන ආහාර විය යුතුමය. එබඳු ආහාර නොලැබුනහොත් මිනිස් ශරීරයේ කොටස් හරිහැටි ක‍්‍රියාත්මක නොවීම නිසා රෝගාබාධවලට මෙන්ම ඇතැම් විට මරණයට ද මුහුණ දීමට සිදු විය හැකිය.

ඉතින්, අපගේ ශරීරයේ යහපත් පැවැත්මට අප විසින් ගන්නා අහාර කෙතරම් වැදගත් වනවාදැයි මා ඔබට අමුතුවෙන් පැවසීමට අවශ්‍ය නැත. එහෙත් අප ආහාර වශයෙන් ගන්නේ වස නම්, අපගේ ශරීරයට සිදු වන්නේ කුමක් ද?

නවීන යැයි කියා උදම් අනනා කෘෂි කර්මාන්තය විසින් අපට කන්නට දෙන්නේ වස බව සමහර විට ඔබ නොදන්නවා විය හැකිය. අප ආහාරයට ගන්නා බොහොමයක් එළවළු වර්ඟ, පලතුරු වර්ඟ, ධ්‍යන්‍ය වර්ඟ සහ අනෙකුත් නොයෙකුත් ආහාරමය ද්‍රව්‍ය වගා කරනු ලබන්නේ කෘත‍්‍රිම රසායනික පොහොර වර්ඟ සහ කෘමි නාශක වර්ඟ භාවිතයෙනි. මේ සියළුම කෘත‍්‍රිම රසායනයන් වසය. මිනිස් සිරුරට වස නොවෙන කිසිම රසායන ද්‍රව්‍යයක් අපට දක්නට නොමැත.

දැන දැනම අපට වස කෑම සඳහා ඒ පිලිබඳ පරීක්ෂණ පවත්වන විද්‍යාඥයන් අපට හොඳ සාධාරණීකරණයක් ලබා දී ඇත. එනම්, අප ශරීරයට වස වලින් හනියක් ඇති වන්නේ අපගේ ශරීරයට ඒවා ඇතුළුවෙන ප‍්‍රමාණය මතය යන්නයි. වස හෙවත් විෂ පිළිබඳ විද්‍යාව Toxicology නමින් හඳුන්වනු ලබන අතර විෂ පිලිබඳ පරීක්ෂණ කරන විද්‍යඥයින් සමාජයේ මුල් බැසගත් විග්‍රහයක් ඉදිරිපත් කර ඇත.

විද්‍යාත්මක යැයි කියා ගන්නා මෙම විග‍්‍රහයට මූලික පදනම් වන්නේ 16 වන සියවසේ ජීවත් වූ වෛද්‍යවරයෙකු ඉදිරිපත් කළ මතයකි. එනම් "සියලූ දේ වසය. එහෙත් එහි හානිදායක බව තීරණය වන්නේ අප ශරීරයට ඇතුළුවන ප්‍රමාණය අනුවයි.” යන්නයි. ඒ අනුව නවීන විද්‍යාඥයා ඒ මතය අනුව යමින් පවසන්නේ රසායනික ද්‍රව්‍ය ඉතා අඩු ප්‍රමාණයක් ශරීරගත වූවාට ඉන් ශරීරයට හානියක් නොමැති බවය. මෙම මතය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද අනුමත කැර ඇති ඇතර, ඕනෑම ආහාර වර්ඟයක තිබිය හැකි වස ප‍්‍රමාණය පිළිබඳ ප‍්‍රමිතියක්ද එම සංවිධානය විසින් ප්‍රකාශයට පත් කොට ඇත.

එම මතය තහවුරු කිරීම සඳහා විද්‍යාඥයන් අපුරු ක‍්‍රමවේදයක් භාවිතා කරනු ලැබේ. ඔවුන් තෝරා ගත් සතුන්ට මෙම විෂ රසායනික ද්‍රව්‍යයන් විවිධ ප‍්‍රමාණවලින් ශරීරගත කරනු ලබන අතර. යම් ප‍්‍රමාණයක් ශරීරගත කළ පසු පෙනෙන මට්ටමේ ශරීර හානියක් එම සතුන් තුළ පෙන්නුම් නොකරන්නේ නම් එම ප‍්‍රමාණය ආරක්ෂිත මට්ටම ලෙස ඔවුන් සලකනු ලබන අතර, එම "ආරක්ෂිත" ප‍්‍රමාණය අපගේ දෛනික ආහාරයට ඇතුළත් වූවාට ඉන් හානියක් නැතැයි බව ඔවුන් විසින් නිර්දේශද කරනු ලැබේ.

රසායනික ද්‍රව්‍යයන් විකුණන සමාගම්වලට නම් මෙම මතය හොඳ තුරුම්පුවකි. කෙතරම් වස අප ආහාරයට සහ පරිසරයට එකතු කළත්, වස කෑමේ ආරක්ෂිත මට්ටමක් තිබෙන නිසා ප්‍රශ්නයක් නැතැයි සිතාගෙන අපි තුන් වේලටම වස කෑමට ගන්නෙමු. කෘෂි රසායන සමාගම් පසුගිය දිනවල මහත් අන්දෝලනයකට තුඩු දුන් වකුගඩු රෝගකාරකයක් වූ ආසනික් සහ කැඞ්මියම් අඩංගු රසායනික ද්‍රව්‍යයන් විකිණීම කෘෂි රසායන සමාගම් සාධාරණීකරණය කළේ මේ නියමයන් අනුවය.

ලෝකයේ ප‍්‍රධාන ම විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් කරන ලද පර්යේෂණයන් සහ අධ්‍යයනයන් වාර්තාව අනුව, අප අනුභව කරන ආහාරවල තිබිය හැකි වස අනුමත ප‍්‍රමාණයටත් වඩා අඩු වුවත් අපගේ සිරුරේ ඇති හෝමෝන නිකුත් කරන ග‍්‍රන්ථිවලට දැඩි බලපෑමක් එමඟින් එල්ල වන බව සොයාගෙන ඇති අතර මෙම අධ්‍යයන වාර්තාව විද්වත් මණ්ඩලයකින්ද පිළිගෙන ඇත.

මිනිසුන් සහ සියළුම සත්වයින්ගේ සාමාන්‍යයෙන් ශරීරවල ක‍්‍රියාකාරිත්වය පාලනය කරනු ලබන්නේ ශරීරයේ ඇති හෝමෝන නිපදවන ග‍්‍රන්ථිවලින් නිකුත් කරන හෝමෝනමය ශ‍්‍රාවයන්ගෙනි. ප්‍රජනනය සඳහා අවශ්‍යය ප්‍රොජෙස්ටරෝන්, ඊස්ට‍්‍රජන්, ටෙස්ටොස්ටරෝන් වගේම, ජීවත් වීමට අවශ්‍ය රසායනික ක‍්‍රියාවන් පාලනය කරනු ලබන තයිරොයිඩ සහ ඩොපමේන්, ඉන්සියුලින් හෝමෝන උදාහරණ ලෙස දැක්විය හැකිය. ඊට අමතරව තවත් බෝහෝ හෝමෝන වර්ඟ ඇති අතර පැළෑටි ඇතුළුව සෑම පන ඇති ජීවියෙකුගේම නිසි පැවැත්ම සඳහා එම හෝමෝන නියමිත ප‍්‍රශස්ත මට්ටම්වලන් පැවතිය යුතුමය. ස්වභාව ධර්මයට අනුව, පැලෑටි ඇතුළුව ජීවීන්ගේ සිරුර නිරෝගීව පවතින්නේ මෙම ප‍්‍රශස්ත මට්ටම්වල පමණි.

සමහරක් කෘත‍්‍රිම රසායනික ද්‍රව්‍යයන් මඟින්, අපගේ ප‍්‍රජනන පද්ධතියට බලවත් හානි පමුණුවන බව යම් යම් පරීක්ෂණ මඟින් සොයා ගෙන ඇත. එයට හේතුව වී ඇත්තේ එම රසායනික ද්‍රව්‍ය අපගේ ශරීරය හඳුනා ගන්නේ ඊස්ට‍්‍රජන් හෝර්මෝනය ලෙස වීමය. මෙය ඉතා දරුණු තත්වයකි. මෙම බොරු ඊස්ට‍්‍රජන් හෝර්මෝනයේ බලපෑම නිසා, ශුක‍්‍ර තරලවල ඝනත්වය ඉතා ඉහල මට්ටමකින් අඩුවීම, උපදින දරුවන්ගේ ප‍්‍රජනන ඉන්ද්‍රිය ප්‍රජනන පද්දතිය සහ මුත‍්‍රාශයේ යම් යම් විකෘති වීම්, පියයුරු, මුත‍්‍ර මාර්ග, වෘෂණ කෝෂ, ගර්භාෂ හා ස්ත‍්‍රී ප්‍රජනන පද්ධතියේ පිළිකා ඇති වීම ප‍්‍රධාන වශයෙන් සිදු විය හැකිය.

සමහරක් කෘතිම රසායනික ද්‍රව්‍ය හෝමෝන මඟින් ක්‍රියාත්මක වන සෛල කොටස් සමඟ ප්‍රතික්‍රියා කොට ශරීරයට අවෂෝශණය නොවී, එම සෛල කොටස් තුලම රැදී, එම සෛල අවරණය වන සේ පටළයක් අකාරයට තැන පත් වීම නිසා ශරීරය මගින් නිපදවන හෝමෝන පවා එම සෛල කොටස් විසින් ගණන් නොගන්නා තත්ත්වයක් ඇති විය හැකිය.

හෝර්මෝන මඟින් ක්‍රියා කරන සෛල කොටස් වට සමහරක් රසායනික ද්‍රව්‍යයන් තැන්පත් වූ පසු එමගින් හෝමෝන නිකුත් කරන ග‍්‍රන්ථි පද්ධතියට වැරදි සංඥා නිකුත් කිරීම නිරායාශයෙන්ම අරම්භවේ. එවිට සිදුවන්නේ සෛල කොටස් මඟින් හෝමෝනය අනුකරණය කිරීම හෝ හෝමෝනයට විරුද්ධව ක‍්‍රියා කිරීමයි, එසේත් නොමැතිනම් එමඟින් හෝමෝනවල සාමාන්‍ය ක‍්‍රියාකාරිත්වයට බාධා ඇතිකිරීමට හැකියාව ඇත. අවසානයේ හෝමෝන පද්ධතියේ සංඥා නිකුත් කිරීමේ ක්‍රියාවලියයට බාධා ඇතිවීම මඟින් හෝමෝන නිපදවන ග්‍රන්ථි වල ක්‍රියාවලිය ඇණහිටිනු ඇත.

ඉහත සඳහන් කල කරුණු වලට අනුව අපට පහත සඳහන් නිගමනවලට එලබිය හැකිය.

1. ආරක්ෂිත ප්‍රමාණයට වස අහාරයට ගැනීම අප පිළිගන්නේ කෙසේ ද?

2. එම වස ද්‍රව්‍ය මඟින් හෝමෝන නිකුත් කරන ග‍්‍රන්ථිවලින් සිදුවන ක්‍රියාවලියට බාදා ඇති කිරීම නිසා අපට නොයෙකුත් රෝගී තත්ත්වයන්ට ගොදුරු විය හැකි බව මනාව පැහැඳිලිවේ. දියවැඩියාව, අඩු ප‍්‍රජනන ශක්තිය, තරබාරුකම, ලිංගාශ‍්‍රිත පිළිකා වැනි ඒවා ඉන් ප්‍රධාන වේ.

3. රසායනික වස වර්ඟ වලට ආරක්ෂිත මට්ටමක් නොමැත. අපගේ පියවි ඇසට පෙනෙන රෝග ඇති නොවුණද ඉහත සඳහන් කල අකාරයට හෝමෝන පද්ධතියේ යහපත් ක්‍රියාවකියට ඒවා මඟින් බලපෑමක් නොමැති බව පරික්ෂා කර 100 % ආරක්ෂිත යැයි තහවුරු කර නොමැත. ඉහත සඳහන් අධ්‍යයනය කළ විද්‍යාඥයන් ඉතා වැදගත් කරුණක් ප්‍රකාශ කරනු ලබයි, රසායනික ද්‍රව්‍ය එනම් වස අඩු ප‍්‍රමාණයක් අහාරයට ගතහොත් එය හානිකර නැතැයි නිර්දේශ කළ නොහැක. එබැවින් රසායනික ද්‍රව්‍ය ඉතා අඩු ප‍්‍රමාණයක දී වුවද අපට සිතාගැනීමටවත් නොහැකි මට්ටමේ හානි අපගේ ශරීරයේ යහපත් ක්‍රියාවලිඔයට සිදු විය හැකිය.

දැන් අප කල යුත්තේ කුමක්ද ?

අනුමත ප‍්‍රමාණයේ වස ආහාරයට ගැනීම මඟින් අපගේ ජීවිතවලට හානියක් නොමැති නිසා තව දුරටත් එසේම සිතනවාද ?

වස එනම් රසායනික ද්‍රව්‍ය ඉතා අඩු ප‍්‍රමාණයක් අහාරයට එකතු වූ වාට ඉන් හානිය නොමැති බව ඔබත් පිළිගන්නවාද ?

අප සහ පරිසරය විනාශ කර දමන මෙම අනුමත් ප්‍රමාණයෙන් වස නැමති මලපුඩුවෙන් මිදීමට වෙනත් විකල්පයක් ඇද්දැයි සොයා බලනවා ද ?

මොහොතක් සිතන්න . . .
තීරණය ඔබ අතේ .

වැඩි විස්තර

Read more

ෆෙස්බුක් දිනපොත © 2014. All Rights Reserved | Powered by:Blogger

Designed by:Windroidclub