Wednesday, January 29, 2014

කඩෙන් වතුර බෝතල් ගන්න කලින් මේ ලිපිය කියවන්න.

මෙන්න බලන්න යාළුවනේ ඔයාලා අපි බස් එකේ, කෝච්චියේ යනකොට හැදෙන තිබහට බොන්නේ මොනවද කියලා. මොවුන් කරන්නේ හෝටල් වල රේස්‍ටුරන්ට් වල සුද්දෝ බීලා විසිකරන හිස් වතුර බෝතල් අරගෙන මේගොල්ලොම පාරේ ටැප් එකෙන් වතුර පුරවලා මුඩියට සීලුත් ගහලා අළුත් බෝතල් වගේ විකුණ එකයි.

කොළඹ, කළුතර, මාතර වගේ ගොඩාක් ස්ථාන වල මේ ජාවාරම ජයටම කෙරෙනවා. P.H.I මහත්තුරුන්ට මෙවා ගැන හොයන්න වෙලාවක් නැතුව ඇති නේද. බොතල් කල පානීය ජල බොතලයක් (500 ml) Rs. 35 කට වෙළද සැල් වල විකුණන අතර මොවුන් අලෙවි කරනු ලබන්නේ Rs. 50 වැනි මුදලකටයි.

එසේම පිරිසිදු කම ගැන නොසිතන මොවුන් බෝතල් ශීත කිරිම සදහා නියමිත ක්‍රම වේදයක් නොතිබීමට පුළුවන්. මාළු මුදලාලිලගේ හෝ මස් වෙළඳුන්ගේ ශීත කාමර වල පවා ජල බෝතල් ශීත කිරිමට යොදාගන්නව විය හැකියි.

මෙම පින්තූරනම් ඉන්දියාවේ ඒවා වගේ. නමුත් ශ්‍රී ලංකාවේ අගනගර වල බස් වල වෙළෙන්දන් ගැන දන්නා උදවිය ට මේ ගැන අළුතෙන් කීමට අවශ්‍ය නැහැ. එසේම කඩෙන් ගන්නා බෝතල් වතුර වල රසයත්, බස් වෙළෙන්දන්ගෙන් මිලට ගන්නා බෝතල් වතුර වල (අමි)රසයේත් වෙනස ඔබට හොඳට මතක ඇති.

වෙළඳාමක් කරගෙන කීයක් හරි සොයාගන්නා වෙළෙන්දන්ගේ බඩට ගහන්නට අපිට වුවමනා නෑ. නමුත් ඔබගේ බඩට මොනවා හරි වුණ විට ඔබ වෙනුවෙන් ඔය වෙළඳුන් කවුරුවත් පෙනී සිටින්නේත් නැහැ. එනිසා නගරබද ආහාර ගැන P.H.I මහත්වරු සැලකිළිමත් වෙනවා මෙන්ම, විශ්වාසවන්ත තැනකින් පමණක් ආහාර ගැනීම ඔබෙත් වගකීමක්.

ජලය හරහා බෝ වෙන හෙපටයිටීස් පාචනය කොළරාව වැනි රෝග බහුල මේ වැසි කාලයේ මේ පණිවිඩය ඔබ වෙත ගෙන ආවේ සහෘද ඔබව අපට ඉතාමත් වැදගත් නිසයි.


උපුටා ගැනීම-: http://goo.gl/nLBG4l
Read more

Tuesday, January 28, 2014

facebook  කියන්නේ ලෝකයේ වැඩිම පිරිසක් පැමිණෙන වෙබ් අඩවියක්.facebook සමාජ ජාල අඩවිය තුල මම අලුත් කෝණයකින් යමක් දැක්කා. ඒ තමයි බටහිර පුද්ගලයන්ගේ ගිණුම වලට වඩා පෙරදිග ආසියාතික රටවල facebook බාවිතා කරන්නන් වඩාත් හරවත් හා ප්‍රයෝජනවත් ලෙස බාවිතයට යොදා ගන්නවා. බොහෝ දැනුම හුවමාරු වන තැනක් බවට ආසියාතික facebook බාවිතා කරන්නන් පත්ව තිබෙනවා.

           එම නිසා මම හිතුව එසේ හුවමාරු වන දැනුම නැවතත් කෙනෙකුට උවමනා කලෙක පහසුවෙන් සොයා ගැනීම පිණිස ගබඩා කර තබා ගන්න.ඒ අරමුනුන් තමා මම  facebokdinapotha.blogspot.com පටන් ගන්නේ. ඉතින් මම හිතනවා හැමෝටම මේකෙන් ප්‍රයෝජනයක් වෙයි කියල.දිගටම රැදී සිටින්න කියල ඉල්ලනවා


සුබ දවසක්
Read more

ෆෙස්බුක් දිනපොත © 2014. All Rights Reserved | Powered by:Blogger

Designed by:Windroidclub