Sunday, March 2, 2014

NO FIRE ZONE පැටිකිරිය හෙළිවෙයි



ශ‍්‍රී ලංකාවේ සිදු වූ බව කියන යුධ අපරාධ සම්බන්ධයෙන් එංගලන්තයේ චැනල්-4 නාළිකාව විසින් නිෂ්පාදනය කර ඇති ‘නෝ ෆයර් සෝන්’ චිත‍්‍රපටයේ දර්ශනවලට පෙනී සිටින කාන්තාවන් දෙදෙනා මුදල් ගෙවා සම්බන්ධකරගත් එල්ටීටීඊ සාමාජිකයන් යැයි බි‍්‍රතාන්‍ය කොන්සර්වේටිව් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නෙස්බ් සාමිවරයා ප‍්‍රකාශ කර ඇත.

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුගියදා බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ ඇති වූ විවාදයේදී නෙස්බි සාමිවරයා මෙම කරුණු දක්වා ඇතැයි බී.බී.සී. පුවත් සේවාව වාර්තා කරයි.

යුද්ධයේ අවසන් අදියරයේදී ශ‍්‍රී ලංකාවේ සිදුවූවායි කියන මානව හිමිකම් කඩවීම් පිළිබඳ පරීක්‍ෂණ ලබන මාර්තුවට පෙර සිදුකළ යුතු බවට බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් කළ ප‍්‍රකාශය සමස්ත බි‍්‍රතාන්‍ය රජයේ අදහස නොවන බවද, විවාදයේදී වැඩි දුරටත් කරුණු දක්වා ඇති කොන්සර්වේටිව් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කර ඇත.

ෆෙස්බුක් දිනපොත © 2014. All Rights Reserved | Powered by:Blogger

Designed by:Windroidclub