Saturday, May 3, 2014

විවිධ අවස්ථා වල සිටිනා පිළිකා රෝගීන්ට කටුපිළ තැම්බූ වතුර පානයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබේ. නමුත් එය තවම සම්පූර්ණයෙන්ම සියළුම පිළිකා රෝග තත්ත්වයන් සදහා සාර්ථක ප්‍රතිකාරයක් ලෙස සොයා ගෙන නැති බව කිව යුතුය.
==========================
වෛද්‍යාචාර්ය ජයසේන දහනායකගේ ලිපිය

පිළිකා සුවයට, “කටුපිළ” හොදයි යනු මේ දිනවල බොහෝ සෙයින් කියැවෙයි. මේ ශාකය පිළිකාවලට පමණක් නොව, කැඩුම් බිදුම්වල දී, ගෙඩි, වණ ප්‍රතිකාරවලදී, සර්ප විෂ වෙදකමේදී පිලාවේ රෝගවල දී, රක්ත අර්ශස් රෝගයේ දී අක්මා ආපදාවලදී, අණ්ඩ වෘද්ධියේ දී, ගර්භාෂගත ගෙඩිවල දී, දේශීය පාරම්පරික වෙදවරු ඈත අතීතයේ සිටම “කටුපිළ” යොදාගෙන ඇති බව පැරැණි වට්ටෝරුවලින් පැහැදිලි ය.
කටු පදුරු ලෙස පහතරට හැම පළාතක ම විශේෂයෙන් වියළි ශුෂ්ක ප්‍රදේශවල ඉබේ වැවෙන මෙම ශාකය, අඩි 3 ක්, 4 ක් පමණ උස් වෙයි. හීන් දෙමට ශාකයට බෙහෙවින් සමාන මෙහි ස්වභාවය මෙහි පළව ඇති ඡායරූපයෙන් දැක්වෙයි. කටුපිළ කොළ තද හරිත පැහැයක් ගනී. ඒවා වටකුරු ය. නමින් කටුපිල වුවුද ඒ කටු එතරම් තියුණු නැත. මේ ශාකයේ ලා කොළ පැහැති මල් රාශියක් කළඹක් සේ හට ගනි. ගම්මිරිස් ඇටයකට වඩා තරමක් ලොකු කටුපිළ ගෙඩි පැසුණු විට සුදු පැහැයක් ගනී. එහි බීජ, අබ ඇට තරම් කුඩාය.
කටුපිළ සකුනේ කණ්ටපුංඛා, ස්ලීහාශත්‍රැ, කණ්ටපුංකිකා, කණ්ටාලු, අත්‍යාතුප්ලිහාරී, කාලිකා ආදී නාමයන්ගෙන් හැදින්වෙයි. මෙහි උද්භිද විද්‍යාත්මක නාමය Gymnosporia emarginata HK.F.වේ. ඊට අමතර ව, Fiueggea Leucopyrus willd; Flacourtianivea Moon සහ Securinga leucophrus (willd) Muel ආදී නාම ද යෙදේ.
පිළිකාවට – කටුපිළ ගසේ පංචාගයේ සාරය මී පැණි දමා බීමට දීම ද, පංචාගය ගෙන චූර්ණ කර, පාණ්ඨ ලෙස සකස් කර දවසට තෙවරක් (කෝපිමෙන්) වත්කර බීම ද ඉතා ගුණදායකය. කොළ, දළු ගෙන හීනටි හාලෙන් කැද පිස දීම ද ගුණය. මෙම කොළ ගෙන පරිප්පු සමග වෑංජන පිස කෑම ද, පිළිකා සුවයට ඉවහල් වේ.
බඩවැලේ තුවාලවලට – කටුපිල කොළ, ගස්කරල් සැබෝ කොළ, එක පමණට ගෙන කොටා වණ්ඩුවේ තම්බා මිරිකාගත් යුෂ නිවෙන්නට හැර, මී පැණි ප්‍රතිවාප වශයෙන් යොදා උදේ පානය කිරීමෙන්, බඩවැලේ සෑදෙන තුවාල, ගෙඩි, වණ සහ ලප සුව වේ.
ස්ත්‍රීන්ගේ ගර්භාෂගත ගෙඩි දියවී යාමට ද, කටුපිළ මුල්වල හා පෝටාවැල්වල සාරය අමු කහ ඉස්ම සමග බීමට දෙයි.
කටුපිළ ශාකයේ තිබෙන රසායනික උපාදාන අතර ක්වාසිට්‍රීන්, ඇල්බියුමීන්, මැලියම්, රංජන පදාර්ථ, ක්ලෝරෝෆිල් ආදිය අඩංගු වේ. කටුපිලවල ඖෂධීය ගුණ කර්ම අතින් සලකන විට, රසයෙන් කෂාය රස හා තිත්ත වේ. ලඝු, රුක්ෂ හා තීක්ෂණ ගුණයෙන් යුක්තය. උෂ්ණ වීර්ය හා කටුක විපාක සහිතයි. ප්‍රභාවයෙන් ද කටුක වේ. මේ නිසා කටුපිළ රෝග රාශියකට ගුණ දෙයි.
කටුපිළ කොළ මිටක් හා කංසා කොළ එයින් අඩක් ගෙන චූර්ණ කර, මී කිරි සමග දීමෙන් ලේ යන අර්ශස් සදහා ගුණ වේ.
ඊටම, කටුපිළ මුල්, කංසා සමග අඹරා මෝරුවෙන් බීමට දීම ගුණ යි. අක්මාවේ රෝග නිසා වන ඉදිමුමට, කටුපිළ මුල් චූර්ණය මෝරු සමග දීම ඉතා ගුණදායකය.
ගඩුවලට – කටුපිළ කොළ, වල්ල කොළ, පොතු, බටු කරවිල කොළ, මුරුවා කොළ, මේ හැම කහ ලුණු ලා කොටා මලවා බදිනු. සියල ගඩු සුව වෙයි.
======================
මහාචාර්ය පියසිරි අමිලසිත් යාපාගේ ලිපිය

කටුපිල කතුරුපිල හා පිළිකා
පිළිකා සඳහා ශාකමය ඖෂධ සෙවීම ඉලක්‌ක කරගත් පර්යේෂණ දශක ගණනාවක්‌ තිස්‌සේ සිට ලොව පුරා විවිධ විද්‍යා කණ්‌ඩායම් විසින් සිදු කෙරෙන බව ප්‍රකට කරුණකි. ප්‍රතිපිළිකාමය ගුණැති ශාක විශේෂ රැසක්‌ විද්‍යාඥයන් මේ වන විට හඳුනාගෙන ඇත. එහෙත් ඒවා එකක්‌ වත් සියයට සියයක්‌ ම පිළිකා සුව කිරීමේ සමත් බවක්‌ වාර්තා වී නැත.

පසුගිය දා සති අන්ත පුවත්පතක්‌ හරහා කටුපිල නමැති ශාකය විවිධාකාරයෙන් පරිභෝජනය කිරීමෙන් පිළිකා රෝගීන් තිදෙනකු සම්පූර්ණයෙන් සුව වී සාමාන්‍ය ජීවිත ගත කරන පුවත හෙළි වූවේ මේ පසුබිම යටතේ ය. අපේ රටේ සුලබව දක්‌නට ලැබෙන කටුපිල ශාකයේ ප්‍රතිපිළිකාමය ගුණය පිළිබඳව දැන් දැන් බොහෝ දෙනා විමසිලිමත් වන්නට පටන්ගෙන තිබේ.

කෙසේ වුව ද කටුපිල ශාකය හඳුනා ගැනීම පිළිබඳව ගැටලුමය තත්ත්වයක්‌ ඇති වී තිබෙන බැව් පෙනෙන්නට තිබේ. ඊට තවත් හේතුවක්‌ වී ඇත්තේ අපේ ඖෂධීය ශාක පිළිබඳව ලියෑවුණු පොත්පත්වල ද විවිධාකාරයෙන් ඒ ගැන සඳහන් වී තිබීම ය. මේ ලිපියේ අරමුණ වන්නේ මේ ගැටලුමය තත්ත්වය නිරාකරණය කර ගැනීමට උදව් වීම ය.

අපේ රටේ බොහෝ දෙනා විසින් පරිශීලනය කරනු ලබන ඩී. එම්. ඒ ජයවීර මහතා විසින් රචිත Medicinal Plants Used in Cerylon නම් කෘතියේ තුන්වැනි වෙළුමෙහි කටුපිල යනුවෙන් සඳහන් වන්නේ උද්භිද විද්‍යාත්මකව Tephrosia purpurea නමින් හඳුන්වනු ලබන ශාක විශේෂයයි. එය ලෙගියුමිනෝසේ (දැන් Fabaceae) නම් ශාක කුලයට අයත් වන්නකි. එම කෘතියට අනුව පිල වශයෙන් ද එම ශාක විශේෂය හැඳින්වේ. වෛද්‍ය ජෝන් ආටිගල මහතා ගේ Sinhalese Materia Medica නම් ග්‍රන්ථයේ පිල වශයෙන් ද හඳුන්වා ඇත්තේ Tephrosia purpurea නම් වු විශේෂයයි.

සෙ.මි. 30-60ක්‌ පමණ උසට වැඩෙන, හොඳින් ශාඛනය වූ, දම් පැහැති පුෂ්ප සහිත මේ ශාකය බොහෝ දෙනා විසින් හඳුන්වනු ලබන්නේ කතුරු පිල යනුවෙනි. මේ ශාකයේ පත්‍රිකාවක්‌ ගෙන එය දෙකෙළවරින් අදිනු ලැබූ විට පත්‍රිකාව කොටස්‌ දෙකකට කැඩේ. එයින් එක්‌ කොටසක්‌ (වඩා දික්‌ කොටස) කතුරක හැඩය ගනී. කතුරු පිල යනුවෙන් හඳුන්වන්නේ එහෙයිනි. සංස්‌කෘත බසින් එය හඳුන්වනු ලබන සරපුංච යන්නෙන් අදහස්‌ කරන්නේ ද එය ම යෑයි කියනු ලැබේ.

ජාතික විද්‍යා පදනම මගින් මෑතක දී ප්‍රකාශිත A Checklist of the Flowering Plants of Sri Lanka (එල්. කේ. සේනාරත්න විසින් රචිත) නම් කෘතියෙහි Tephrosia purpurea ශාක විශේෂය පිල හා ගම් පිල යන නම්වලින් හඳුන්වා ඇත. එහි කටු පිල ශාකයක්‌ ගැන සඳහන් නො වන අතර සඳහන් වන්නේ උද්භිද විද්‍යාත්මකව Fluggea leucopyrus නම් වූ හීන් කටු පිල ශාකය ගැන ය. එය ඉයුෆොaබියේසේ කුලයට අයත් වන්නකි.

කටුපිල ශාකය කුමක්‌ ද යන්න පිළිබඳ මේ ගැටලුමය පසුබිම යටතේ, පාඨකයන් රැසක ගේ ඉල්ලීම පරිදි (මෙම ලේඛකයා ද ඇතුළුව) පිළිකා රෝගයෙන් සුවපත් වූයේ යෑයි කියන තිදෙනා භාවිත කොට ඇති කටුපිල ශාකයේ ඡායාරූපයක්‌ පසුගිය සති අන්තයක පෙර කී පුවත්පතේ ම පළ කෙරිණි. ඒ අනුව එම රෝගීන් භාවිත කොට ඇත්තේ හීන් කටුපිල ලෙස A Checklist of the Flowering Plants of Sri Lanka නම් කෘතියේ සඳහන් Fluggea leucopyrus නමැති ශාක විශේෂයයි.

මේ Fluggea leucopyrus නම් වූ ශාක විශේෂය, කටුපිල වශයෙන් ම සඳහන් කොට ඇත්තේ ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් 2001 වසරේ දී පළ කරන ලද "ඖෂධීය ශාක සංග්‍රහය -ශ්‍රී ලාංකේය අධ්‍යයනයක්‌" (පළමු වෙළුම) නම් වූ ග්‍රන්ථයේ පමණි.

කටුපිල ශාකය (-හීන් කටු පිල) (Fluggea leucopyrus) පහත රට තෙත් හා වියළි දේශගුණික ප්‍රදේශවල සුලබව දැකගත හැකි ය. දැන් එහි ඵල හට ගන්නා කාලයයි. වටකුරු සහ සුදු පැහැති ඵලය කොත්තමල්ලි ඇටයට වඩා මඳක්‌ විශාල ය. ඵල සහිත කටුපිල පඳුරු මුතු පබලු ඇමුණුවාක්‌ මෙන් දැකුම්කලු දසුනක්‌ මවයි. කටුපිල පැළෑටිය උසින් මීටර් 0.5-4 දක්‌වා පමණ වේ. කටු සහිත ය. පත්‍ර කුඩා ය. හෘදයාකාර හෝ වටකුරු ය. දාරය සම්පූර්ණ ය. පුෂ්ප කොළ පැහැයට හුරු කහ පැහැති ය. ආක්‍ෂීයව ගොනු වී ඇත.

මේ ශාක විශේෂය (F. leucopyrus) දේශීය වෙදකමෙහි රෝග රැසක්‌ සඳහා ප්‍රතිකාර වශයෙන් යොදා ගැනේ. රක්‌ත අර්ශස්‌ රෝගය, යාකෘත් රෝග ජනිත ශෝථයට, අණ්‌ඩ වෘද්ධියට, ගර්භාෂගත ගෙඩිවලට, ගුල්ම රෝගයට, දත් කැක්‌කුමට, බාලයන් ගේ රත රෝගයට, මී විෂට, යාකෘත් වෘද්ධි සහ යාකෘත් අවරෝධයට ප්‍රතිකාර කිරීමේ දී කටුපිල යොදා ගැනේ. එසේ ම යටි පතුලේ හටගන්නා පිළිකා සඳහා හා කටු පිළිකයට ප්‍රතිකාර කිරීමේ දී ද කටුපිල යොදා ගන්නා බැව් සඳහන් වේ.

පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමේ දී යොදා ගන්නේ යෑයි සඳහන් වුව ද කටුපිල ශාකය ඒ සඳහා පුළුල් ලෙස භාවිත වීමක්‌ හෝ ප්‍රතිපිළිකාමය ගුණැති ශාකයක්‌ ලෙස පුළුල් විද්‍යාත්මක පර්යේෂණයකට බඳුන් වීමක්‌ හෝ සිදු වී ඇති බවත් නො පෙනේ.

F. leucopyrus නමින් හඳුන්වනු ලබන කටුපිල (-හීන් කටුපිල) ශාකය පිළිබඳ තත්ත්වය එසේ වුවත් ජයවීර මහතා ගේ කෘතියෙහි කටු පිල වශයෙන් හඳුන්වා ඇති විශේෂය (Tephrosia purpurea) ගැන සෑහෙන වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ ප්‍රමාණයක්‌ විවිධ රටවල විද්‍යාඥයන් විසින් සිදු කොට තිබේ. මෙහි ලා වඩාත් වැදගත් හා පුදුමය දනවන කරුණ වන්නේ Tephrosia purpurea කටු පිල විශේෂය ප්‍රතිපිළිකාමය ගුණයෙන් යුක්‌ත බැව් විද්‍යාත්මකව සනාථ කොට තිබීම ය.

ඉන්දියාවේ තමිල්නාඩුහි අන්නමලේ විශ්වවිද්‍යාලයයේ ජීව රසායන අංශයේ ආචාර්ය කවිතා සහ මනෝහරන් යන විද්‍යාඥයන් දෙදෙනා විසින් 2006 වසරේ මීයන් යොදා සිදු කරන ලද පර්යේෂණයකින් Tephrosia purpurea (අපි ඊට කතුරුපිල යෑයි කියමු) සතු ප්‍රතිපිළිකාමය ගුණය සනාථ කොට තිබේ ඒ සඳහා යොදාගෙන ඇත්තේ එම ශාකයේ මුලේ මෙතැනොලික නිස්‌සාරණයන් ය. ප්‍රතිපිළිකාමය (anti - cancer) ගුණයට අමතරව එම නිස්‌සාරක මඟින් ප්‍රතිලිපිඩ ඔක්‌සිකාරක ගුණයක්‌ (Anti lipid peroxidative) ද ප්‍රදර්ශනය කරනු ලැබූ බැව් එම විද්‍යාඥ දෙපළ 2006 වර්ෂයේ දී ෂබාස්‌බ Indian Journal of Pharmacology නම් වූ ප්‍රකට විද්‍යාත්මක ප්‍රකාශනයේ පළ වූ පර්යේෂණ වාර්තාවක්‌ මඟින් හෙළි කොට තිබේ.

ඉන්දියාවේ නවදිල්ලියේ හැම්ඩාර්ඩ් සරසවියේ විද්‍යා පීඨයේ ආචාර්ය සලීම් ප්‍රමුඛ විද්‍යාඥයන් කණ්‌ඩායමක්‌ විසින් සිදු කරන ලද පර්යේෂණයකින් ද කකුරුපිල සතු ප්‍රතිපිළිකාමය ගුණය විද්‍යාත්මකව සනාථ කොට තිබේ. මේ පර්යේෂණය සඳහා ද ඔවුන් යොදාගෙන ඇත්තේ මීයන් ය. පර්යේෂණ වාර්තාව පළ කොට ඇත්තේ 2001 වසරේ Pharmacological Research නම් වූ ප්‍රකාශනයේ ය.

ක්‍ෂයරෝග කාරක Mycobacterium tuberculosis නම් වූ බැක්‌ටීරියාව විනාශ කිරීමේ හැකියාවක්‌ ද කතු=රුපිල ශාකයේ මුල් සේදුම් සතු ව ඇතැයි ඉන්දියාවේ නවදිල්ලි සරසවියේ උද්භිද විද්‍යා අංශයේ ආචාර්ය රජීව් ප්‍රමුඛ විද්‍යාඥ කණ්‌ඩායමක්‌ විසින් 2001 වසරේ දී වාර්තා කොට තිබේ. ක්‌ෂය රෝගකාරක බැක්‌ටීරියාව විනාශ කිරීම සඳහා කතුරුපිල ශාකය ඇසුරින් නව ඖෂධයක්‌ නිපදවීමට මෙම සොයා ගැනීම ඉවහල් වේ යෑයි දක්‌වා තිබේ.

අම්ල පිත්ත රෝගීන් ගේ ආමාශය ආශ්‍රිතව වෙසෙන පිළිකාකාරක Helicobacter Pylori නම් වූ බැක්‌ටීරියාව විනාශ කිරීමේ හැකියාවක්‌ ද කතුරුපිල ශාකයේ මෙතැනොලික නිස්‌සාරක සතු ව ඇතැයි ඉන්දියාවේ කල්කටාවේ රසායනික ජීව විද්‍යාව පිළිබඳ ඉන්දීය ආයතනයේ ආචාර්ය චින්නයියා ප්‍රමුඛ විද්‍යාඥයන් කණ්‌ඩායමක්‌ විසින් ඉතා මෑතක දී (2009) Journal of Ethnophamacology නම් වූ සුප්‍රකට ප්‍රකාශනයේ පළ කරනු ලැබූ පර්යේෂණ පත්‍රිකාවකින් වාර්තා කොට තිබේ. මෙය අම්ල පිත්ත රෝගීන් සඳහා වැදගත් වූ වෛද්‍ය විද්‍යාත්මක සොයාගැනීමකි.

කතුරුපිල ශාකයේ වායව කොටස්‌ (පත්‍ර, කඳේ පොත්ත)වලින් පිළියෙල කරගත් නිස්‌සාරක යාකෘත් ආරක්‍ෂක (Hepato protective) ක්‍රියාකාරීත්වයෙන් යුක්‌ත බැව් විද්‍යාඥ කණ්‌ඩායම් රාශියක්‌ විසින් වාර්තා කොට තිබේ. ආචාර්ය අමිත් කාට්‌රි ප්‍රමුඛ කණ්‌ඩායමට (2008), ආචාර්ය ශ්‍රී රාමා ප්‍රමුඛ කණ්‌ඩායම (1993), ආචාර්ය ජායින් ප්‍රමුඛ පර්යේෂක කණ්‌ඩායම (2006), ඒ අතර වේ. කටුපිල සතු යාකෘත් ආරක්‍ෂක ගුණය පිළිබඳව ආයුර්වේද පොත පතෙහි ද සඳහන් වේ.

ස්‌ට්‍රෙප්ටොසොටොසින්-ප්‍රේරිත දියවැඩියා මීයන් ගේ රුධිරයේ සීනි මට්‌ටම හා ලිපිඩ මට්‌ටම අඩු කිරීමේ හැකියාවක්‌ ද කතුරුපිල ශාකයේ Tephrosia purpurea පත්‍රිකාවල ජලීය නිස්‌සාරක සතු ව ඇති බැව් ආචාර්ය පවානා ප්‍රමුඛ ඉන්දීය පර්යේෂක කණ්‌ඩායම විසින් වාර්තා කොට තිබේ. (2007).

කතුරුපිල ශාකය නිස්‌සාරක ප්‍රතිඔක්‌සිකාරක ගුණයෙන් යුක්‌ත බැව් ආචාර්ය සෝනි ප්‍රමුඛ ඉන්දීය විද්‍යාඥයන් කණ්‌ඩායමක්‌ 2006 වර්ෂයේ දි වාර්තා කොට තිබේ. මේ බැව් ඊට පෙර (1998) ඉන්දියාවේ බැංගලෝරයේ ආචාර්ය ප්‍රසාන්ත් කුමාර් ප්‍රමුඛ විද්‍යාඥයන් කණ්‌ඩායමක්‌ විසින් ද වාර්තා කොට තිබේ.

තව ද කතුරුපිල ශාකයේ නිස්‌සාරක ප්‍රතික්‍ෂුද්‍රජීව ක්‍රියාකාරී තත්ත්වයෙන් ද යුක්‌ත බැව් ඉන්දියාවේ ආචාර්ය ජීචස්‌ කුමාර් ප්‍රමුඛ විද්‍යාඥයන් කණ්‌ඩායමක්‌ විසින් සොයාගෙන ඇත. (2007).

මේ පර්යේෂණ වාර්තාව අනුව සනාථ වන්නේ ප්‍රතිපිළිකාමය ගුණයට අමතරව කතුරුපිල, ප්‍රතිඔක්‌සිකාරක, යාකෘත් ආරක්‍ෂක, ප්‍රතික්‍ෂුද්‍ර ජීවී, අධෝලිපිඩමය, අධෝමධුරක්‌ති, ප්‍රති Helicobacter Pylori ප්‍රති Mycobacterium tuberculosis ආදී ඉතා වැදගත් ඖෂධීය ක්‍රියාකාරිත්ව

රැසකින් යුක්‌ත බවයි.

කතුරුපිල ශාකයේ එම ඖෂධීය ගුණයන්ට බලපාන්නේ යෑයි විශ්වාස කරනු ලබන රසායනික සංඝටක කිහිපයක්‌ ම මේ වන විට විද්‍යාඥයන් විසින් වෙන් කොට හඳුනාගෙන තිබේ. (+) - Tephrorin, A සහ B, Tephrosone, (+) - Tephropurpurin, (+) - Purpuirn, Pongamol, Lanceolatin, (-)- Maackianin, (-)- Medicarpin ඒ සංඝටක අතර වේ.

හීන් කටුපිල (Fluggea leucopyrus) ශාකයේ ඖෂධීය ගුණ සනාථ කරන එවන් පර්යේෂණ වාර්තා නැතත් සුවපත් වූ රෝගීන් පිළිබඳව වාර්තා වෙයි. මෑතක දී සති අන්ත පුවත් පතකින් වාර්තා කෙරුණේ එවැන්නකි.

ප්‍රතිපිළිකාමය ගුණය මෙන්ම අනෙකුත් ඖෂධීය ගුණයන් සඳහා ද කටුපිල (-හීන් කටුපිල) ශාකය ද පුළුල් විද්‍යාත්මක පර්යේෂණයකට පාත්‍ර කළ යුතු කාලය එළඹ ඇත.

උපුටා ගැනීම
Read more

Friday, May 2, 2014

සිරිපා මළුව වටා රැස් වළල්ලක් විහිදෙයි

සිරිපා කඳු මුදුනේ සිරිපා මළුව වටා රැස් වළල්ලක් විහිදී යන අසිරිය දුටු බව සිරිපා වන්දනාවේ ගිය බැතිමතෙක් පවසයි. එම රැස් වළල්ලේ ඡායාරූපයක් සිරිපා මළුවේ සිට කිලෝමීටර් පහ හයක දුරකදී කැමරා කාචයේද මේ බැතිමතා සටහන් කරගෙන තිබේ.අරණායක පදිංචි රංජිත් සුනන්ද නමැති මේ බැතිමතා රත්නපුරයට පැමිණ එම ඡායාරූපය ශ්‍රීපාදස්ථානාධිපති උෟව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් වෙත පෙන්වා ඇත.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති මෙවර සිරිපා වන්දනාව නිම කිරීමේ පෙරහර සම්බන්ධ සාකච්ඡාවකදී මේ ඡායාරූපය ඉදිරිපත් කරන ලදී.
එහිදී රංජිත් සුනන්ද මහතා මෙසේ පැවැසීය. මාගේ දරුවෝ තිදෙනා සිරිපා වන්දනාවේ ගොස් තිබුණේ නැහැ. මමත් බිරියත් ඥාති හිතවතුන් පිරිසක්ද සිරිපා වන්දනාවේ ගියා. අපි රාත්‍රි අටට පමණ හැටන් මාර්ගයෙන් කරුණා කිරීම ආරම්භ කළා. අවුරුදු 83ක අයකුද අප සමඟ කරුණා කළා.

අලුයම තුන පමණ වන විට උඩ මළුවට ගොස් සිරිපා වැඳ ආපසු පැමිණියා. පාන්දර පහයි පහට මම මේ දර්ශනය දුටුවා. මා සමඟ ඒ වෙලාවේ මගේ දියණියක්ද සිටියා. ඇයගේ කැමරාවෙන් එය ඡායාරූප ගත කළා. රැස් වළල්ල සිරිපා කඳු මුදුනේ හොඳින් විහිදුණා.
ශ්‍රීපාදස්ථානයට වර්තමානයේදී සිදු කෙරෙන පුද පූජාවල මහිමයෙන් මෙවැනි ආශ්චර්යවත් දේ සිදුවෙනවා විය හැකියි.
මේ සම්බන්ධව 'මව්බිම' ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් ගෙන් ඊයේ (30දා) පැල්මඬුල්ල රාජමහා විහාරයේදී කරුණු විමසීය. එහිදී උන්වහන්සේ මෙසේ පැවැසූහ.

මේ අසිරිමත් දර්ශනය සියැසින් දුටු අය එය ඡායාරූපගත කර මා වෙත ගෙනවිත් පෙන්නුවා. පසුගිය මැදින් පුර පසළොස්වක පොහෝදා සිරිපා මළුවේ පින්කමට වැඩම කළ කථිකාචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමියන්ද මෙවැනිම අසිරිමත් දර්ශනයක් රාත්‍රියේදී දුටු බව පැවැසුවා. ශ්‍රීපාදස්ථානය බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක්. බුදුරජාණන් වහන්සේගේ පාද සලකුණ සනිටුහන් කරන ලද උත්තම පුණ්‍ය භූමියයි.
සුමන සමන් දෙවිඳුන් වැඩ සිටින අඩවියයි. එවැනි උතුම් පින් බිමක ආගමික චාරිත්‍ර සහ තේවාවන් නිසි ලෙස ඉටු කරනවා. අපි විශ්වාස කරනවා ඒ නිසා මෙවැනි අසිරිමත් දර්ශන දකින්න ලැබෙනවා ඇති කියලා. =====================


පැල්මඬුල්ල - ඉරෝක ගයන්ත පෙරේරා  මව්බිම
 
Read more

Wednesday, April 16, 2014

සිංහලයා ඉගුරු දීලා මිරිස් ගත්තා-business in srilanka

අපි සිංහල කඩේකට යනවා බදු ගන්න.
ගිහින් බඩු තෝරනවා, මුදලාලි ටිකක් වෙලා බලන් ඉන්නවා.
..මහත්තයා මේක දෙන්නද?...
අපි තව ටිකක් තෝරනවා.
..මේ මහත්තයෝ තමුසේ බඩු ගන්නවානම් ගන්නවා, නැත්තම් යනවා යන්ඩ ...
ඉතින අපි අයේ ඒ කඩේ පැත්ත පළාතකවත් යනවද?

එත් අපි අන්‍යාගමික කඩේකට යනවා.
ආ මහත්තයා එන්න.
ඉදගන්න.
තේ එකක් බීලම ඉන්නවද.
ආ කෝකද ඕන, මේක දෙන්නද.
එපාද
එහෙනම් මහත්තයට මේක දෙන්නද?
ඉන්න මහත්තයා තව අලුතෙන් ආපු එකක් තියනවා.මේක හොදද බලන්න.
මහත්තයා ගෙදර ගියහම හරි නැ කියල හිතුනොත් ගෙන්න මාරු කරලා දෙන්නම්.
අයෙත් එන්න මහත්තයා.....


ඉතින් අපි උනත් යන්නේ අර සුහදසීලී පුද්ගලයා ගාවට නේද?

මොකද මේ මේ අයට මෙතරම් හොදට කතා කරන්නත් අපි තිරිසන්නුන්ට වගේ කතා කරන්නත් හේතුව?

මේ ගුණධර්ම අපිට තිබුන දේවල් නේද? සිංහල බොදු ජනතාවට උරුම ගුණ දර්ම නේද මේ. රුදුරු වැලි කතරක ඉපදුන , නැත්තන් සීත හිම කදු මත ඉපදුන මිනිසුන්ට මේ ගුනදර්ම ගවිලවත් තිබුනද....
බලන්න වෙනස
අපේ ගුණධර්ම ටික උන් ගත්තා.අපි උන්ගේ අසික්කිත සංස්කෘතිය පිළිගත්තා.
අන්තිමට මොකද උනේ උන් දින්නා,අපි වල පල්ලට ගියා.
උන් මොනවගෙන්ද දින්නේ අපේ ගුණධර්ම වලින්මයි.
සිංහලයා ඉගුරු දීලා මිරිස් ගත්තා.............
අද මුළු ලෝකයක් යැපෙන්නේ අපේ දේවල් වලින්.
රජෙක් වගේ හිටපු සිහල බොදුනුවෝ අද හිගන්නෝ වෙලා හිගානොකා හිගාකනවා.
අහෝ අවසනාවක තරම.
Read more

Sunday, April 13, 2014

ජලයේ බයෙන් ලෙඩ සුව කරමු-The best drink in the world

ජපානයේ ලෙඩ රෝග සුව පිළිබඳ සංගමය නම් ආයතනය ජලය පානය කිරීමෙන් නිදන්ගත වූ සහ රෝග සුව කිරීම පිළිබඳ සාර්ථක අත්හදා බැලීමක් කර, 100%ක් ප්‍රතිඵල ලබා ගන්නා පිළිවෙලක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව සුව කල හැකි වු රෝග මෙසේය.

1.අධික රුධිර පීඩනය,නිරත්තිය(ලේ අඩුකම,ලේ වල රක්තානු අඩු බව )
වාත රක්තය අංශභාගය,අධික හෘද ස්පන්දනය, අපස්මාරය,අතිස්ථුලතාව(තරබාරුව )


2.කැස්ස,උගුරේ ආසාදනය,ඇදුම,ක්ෂය රෝගය,මොලේ උණ,අක්මාව මුත්‍රාශය සම්බන්ධ රෝග.



3.අධි අම්ලතාව,උදර වාතය,ලේ අතීසාරය,මල බද්ධය,දියවැඩියාව,අර්ශස්


4.සියළුම ඇස් රෝග,අක්‍රමවත් මාස ශුද්ධිය,මුත්‍රා මාර්ගයේ පිළිකා


5.ඇසේ,කනේ හෝ දත් වල සියළුම රෝග.

01උදෑසනින් පිබිදෙන්න,දත් මැදීමට පෙර මි.ලී. 640 බැගින්(වතුර බෝතලයක් ) මද උණුවතුර ප්‍රමානයක් බොන්න.

ඉන්පසු,
(අ ).පැයක් යනතුරු දියර හෝ ඝන කිසිවක් ආහාරයට නොගත යුතුයි.
(ආ )ඉන්පසු සාමාන්‍ය ආහාර ගත හැකියි.
(ඇ )කෑම වේල් තුනටම පසු පැය දෙකක් යනතුරු කිසිම කෑමක් බීමක් නොගත යුතුයි.
(ඉ )රෝගී හෝ මහලු අයට එක් වර වතුර ප්‍රමාණය බීමට අපහසුනම් ටිකෙන් ටික නියමිත ප්‍රමාණය දක්වා එය දියුණු කල හැකියි.

මෙම ප්‍රතිකාරයෙන් රෝගීන් සුවපත් වන බවත්,නිරෝගී අයගේ තත්වය ආරක්ෂා වන බවත් සහතික කොට කිව හැකිය,

පරීක්ෂණ වලින් ඔප්පුවී ඇති ආකාරයට ඒ ඒ රෝග මෙම ක්‍රමයෙන් සුව කිරීමට ගතවූ කාලය.

(අ ) රුධිර පීඩ්නය - දින 30යි
(ආ )දියවැඩියාව- දින 30යි
(ඇ ) උදර වාතය-දින 10යි
(ඈ )මල බද්ධය- දින 10යි
(ඉ )ක්ෂය රෝගය-මාස 03යි
(ඊ ) පිලිකාව-මාස 06යි

වාත රෝග (ආතරයිටීස් ) රෝගයෙන් පෙළෙන අය දිනකට තුන් වරක් බැගින් සතියක් මෙය කල යුතුය.ඉන්පසු කළ යුත්තේ දිනකට වරකී.මෙයින් අතුරු ආබාධ ඇති නොවේ.මුල් දින කිහිපය තුල වැඩි වාර ගනනක් මුත්‍රා කිරීමට සිදු වේ.

අළුයම අවදී වූ විට කෙල ගසා කට නොසොදා,උණුකර මද රස්නයට නිවාගත් වතුර බෝතලයක් (මි.ලී.640 ) බඳුනකට දමා දෙ අතට ගෙන වාඩි වෙන්න.පාවහන් ඉවත් කරන්න.දෙ ඇස් පියා ගන්න,දැන් මෙසේ ජලයට බල පිහිටුවන්න.

බුද්ධ රත්නයේ අනන්ත ගුණ බලයෙන්,
ධම්ම රත්නයේ අනන්ත ගුණ බලයෙන්,
සංඝ රත්නයේ අනන්ත ගුණ බලයෙන්,
සියලුම බොසත්වරුන්ගේ අනන්ත ගුණ බලයෙන්,
දෙමාපියන්ගේ අනන්ත ගුණ බලයෙන්,
ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටෙන්,
ශ්‍රී දළදා වහන්සේ ගේ පිහිටෙන්,
සියළු දිවියන්ගේ පිහිටෙන්,
මා කරගත් කුසල් වල බලයෙන්,
මෙය මට බෙහෙතක් වේවා ! බෙහෙතක් වේවා ! බෙහෙතක් වේවා !
මෙයින් මා නිදුක් වේවා! සුවපත් වේවා ! දීර්ඝායු වේවා!
මාගේ ශරීරයේ ඇති සියළු රෝග මේ බෙහෙතින්ම සුවපත් වේවා !

• දැන් වතුර බීමට පටන් ගන්න.විනඩි 10ක් හෝ ගෙන බඳුන හිස් කලාට වරදක් නැත.වතුර බොන අතර තමන්ට ඇති සියළුම රෝග මෙනෙහි කර ඒවා සුව වේවායි ! සිතන්න.වතුර බිව් පසු පයක් ගතවනතුරු කිසියම් කෑමක් හෝ බීමක් නොගන්න.
• පැයකට පසුව උදේ තේ/කෝපී බොන්න.

• මෙසේ දින 10ක් කරන විට ශරීරයේ බර ගතිය අඩුවූවාසේ දැනේයි.එතැන් සිට සියළු රෝග සුව වීමට පටන් ගනී.යලි එම රෝග හෝ කිසිම රෝගයක් නොවැළදේවි.ශරීරයේ ඇතුලත ඇති සියළුම ඉන්ද්‍රීයයන් අළුත්වැඩියා වේවී.සම එමගින් වයස් ගත වීමට ප්‍රමාද වේවී.ක්‍රමයෙන් තරුණබවට පත් වේවී.සම පැහැපත් වේවී.බොහෝ කාලයක් ජීවත් වීමට නිරෝගී වාසනවන්ත අයෙක් වේවී.

තෙරුවන් සරණින් සැප ජය හා දියුණුව.!!

ලින්ක් 
Read more

සිංහලයා ආර්‍ය ජාතියක් කියන්නේ ඇයි-history about Sinhalese buddhist

සිංහලයා ආර්‍ය (උසස්) ජාතියක් කියන්නේ ඇයි කියලා ඔබ දන්නවාද? ඒකට හේතුව තමයි, උසස් චාරිත්‍ර වාරිත්‍ර වලින් යුතු වීම. යහපත් චාරිත්‍ර වාරිත්‍ර වලින් යුතු වීම, අර්ථවත් චාරිත්‍ර වාරිත්‍ර වලින් යුතු වීම. නමුත් එම උසස් චාරිත්‍ර වාරිත්‍ර ටික පුරුදු වෙන ඕනෑම ජාතියක කෙනෙකුට ආර්‍යයෙකු විය හැක. සැබවින්ම ඉතාම උසස් පුද්ගලයෙකු විය හැක.
ආර්‍ය් (උසස්) චාරිත්‍ර වාරිත්‍ර ගැන මුලින්ම අපිට දේශනා කලේ අපගේ භග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේය. එම ආර්‍ය චාරිත්‍ර වාරිත්‍ර මෙලොව පරලොව දෙලොවම සෙත කලසන උසස් උතුම් චාරිත්‍ර වාරිත්‍රයන්ය. එම කරුණු මහා මංගල සූත්‍රයේ මෙසේ දක්වා තිබෙනවා.

1. බාල අසත්පුරුශයන් ඇසුරු නොකිරීම
2. සත්පුරුශ උත්තමයන් ඇසුරු කිරීම
3. පිදිය යුතු උතුමන් පිදීම
4. ධාර්මික දිවි පෙවෙතක් ගෙවිය හැකි යහපත් තැනක විසීම
5. පෙර කල පින් තිබීම
6. මනාකොට ධර්මයට පැමිණීම
7. බොහෝ දැන උගත් බව
8. බොහෝ ශිල්ප දත් බව
9. විනයකින් යුතු බව
10. මනාකොට හික්මුණු බව
11. යහපත් වචන කතා කරන්නෙකු වීම
12. මව් පියන්ට සැලකීම
13. අඹු දරුවන්ට සැලකීම
14. අවුල් නැතිව වැඩ කිරීම
15. දාන මානාදි පින්කම් කිරීම
16. ධාර්මිකව දිවි ගෙවීම
17. ඤාතීන්ට සැලකීම
18. නිවැරදිව සිල්වත්ව වැඩ කිරීම
19. පාපයෙන් දුරින්ම දුරු වීම
20. මත්පැන් මත් ද්‍රව්ය භාවිත නොකිරීම
21. ධර්මයේ අප්‍රමාදී වීම
22. වැඩිහිටියන්ට සිල්වතුන්ට ගුනවතුන්ට ගෞරව කිරීම
23. හොඳ යහපත් බසට අවනත වීම
24. ලද දෙයින් සතුටු වීම
25. කෙලෙහි ගුණ දත් බව
26. නිසි කලට ධර්මය ඇසීම
27. ඉවසීමකින් යුතු බව
28. කීකරුකමින් යුතු බව
29. සිල්වත් ගුණවත් ශ්‍රමනයන් වහන්සේලා මුණගැසීම
30. නිසි කලට ධර්මය සාකච්චා කිරීම
31. අකුසල් දුරු කිරීමට වීරිය කිරීම
32. බ්‍රහ්මචාරී උසස් ශීලයක හික්මීම
33. ආර්‍ය සත්‍යය අවබෝධ කිරීම
34. නිවන සාක්ෂාත් කිරීම
35. අට ලෝ දහමෙහි කම්පා නොවෙන බව
36. ශෝක රහිත බව
37. කෙලෙස් රහිත බව
38. බිය නැති සැක නැති මඟපල පසක් කරගෙන සිටීම (උතුම් අරහත්වය ලබාගෙන සිටීම )

උපතින් කිසිවෙකු උසස් හෝ පහත් නොවේ ක්‍රියාවෙන්ම කෙනෙක් උසස් හෝ පහත් වේ. සම්බුදුරජානන් වහන්සේ නමක් විසින් පෙන්වාදී වදාල මෙම ආර්‍ය වූ, උසස්, මංගල වූ, යහපත් චාරිත්‍ර වාරිත්‍රයන්ගෙන් පිට එකඳු මංගල කරුණක් ලොව නැත.

උපුටා ගැනීම
Read more

Wednesday, April 9, 2014

ශ්‍රීපාද අඩවියේ අවසානයද මේ?-sipadaya sri lanka(the sirlankan heritage and tourist place)

වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත ඇතුළු පරිසර පනත්වලට පටහැනිව යමින් සමනල කන්ද ස්වභාව රක්ෂිතයට අයත් ශ්‍රී පාද අඩවියේ තෝරා ගත් භූමි ප්‍රදේශයක් පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටත්, එම භූමිය විශේෂ සංරක්ෂණ විධිවිධාන යොදා ගනිමින් සංවර්ධනය කිරීමටත් ආණ්ඩුව ගෙන ඇති තීරණයට පරිසරවේදීහු දැඩි විරෝධය දක්වති. මීට අදාළ කෙටුම්පත කඩිනමින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සැලැසුම් කර ඇති ආකාරයට මේ යටතේ නල්ලතන්නිය හරහා ශ්‍රී පාදයට යන මාර්ගය ප්‍රදේශයෙන් පමණක් වර්ග මීටර් හාර ලක්ෂ අසූ දහසකට වැඩි රක්ෂිත භූමි ප්‍රමාණයක් අදාළ පූජා භූමිය සඳහා පවරා ගැනීමට නියමිතය. මෙලෙස ශ්‍රී පාදය වෙත යෑමට ඇති ප්‍රධාන මාර්ග තුනේම මාර්ගය මැද සිට මීටර් 30 බැගින් මීටර් 60ක් පවරා ගැනීමට අදාළ කෙටුම්පත මඟින් යෝජනා කර ඇත. එහි වැඩිදුරටත් සඳහන් වන ආකාරයට මේ පූජා භූමිය සඳහා පවරා ගන්නා වර්ග මීටර් ලක්ෂ ගණනක භූමි ප්‍රමාණය අත්හැර, ඉතිරි කඳු බෑවුම් සහිත වනාන්තර ප්‍රදේශය පමණක් ඉදිරියේදී වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ රක්ෂිතයක් ලෙස පවත්වාගෙන යෑමට නියමිතය.

පරිසරවේදීන් පෙන්වා දෙන ආකාරයට මේ කෙටුම්පත ක්‍රියාත්මක වුවහොත්, සමනල කන්ද ස්වාභාවික රක්ෂිතයේ සංචාරකයන් සඳහා විවිධ ඉදිකිරීම් කිරීම ආරම්භ වේ. එමඟින් ප්‍රධාන ගංගා සහ ජල උල්පත් රාශියක් ආරම්භ වන සුවිශේෂී ජල පෝෂිත ප්‍රදේශයක් වන සමනල කන්ද රක්ෂිතයට දැඩි
තර්ජනයක් එල්ල වන අතර එහි ජෛව විවිධත්වයටද බලපෑම් ඇති වේ. එම නිසා මේ කලාපය පවතින ආකාරයෙන්ම සංරක්ෂණය කර පාරිසරික සංවේදී කලාපයක් ලෙස ඉදිරියට පවත්වා ගෙන යෑමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පරිසරවේදීහු වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

මේ ප්‍රදේශයේ දැනට ස්ථිර අනුමතය ලත් ගොඩනැඟිලි නොමැති අතර, රක්ෂිතයේ වෙනත් ස්ථානවල නීති විරෝධී ලෙස එවැනි ගොඩනැඟිලි ඉදිකර ඇති බවත් ඊට ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයන්ගේ සහාය ලැබී ඇති බවත් 'මව්බිම' මීට පෙර හෙළිදරව් කෙළේය.

ශාලික විමලසේන, රංග එස්.උඩුගම
MAWBIMA - Page 1 - 06-04-2014


http://www.mawbima.lk/86-55251-news-detail.html

http://www.mawbima.lk/thumb/epaper-images/29963.jpg
Read more

අන්තර්ජාලය ලං කරගන්නකොට ඔබ මේ ගැනත් සිතුවද ?-තවත් එක සත්‍ය කතාවක්-facebook story

නංගිගේ ෆේස්බුක් එක දැක්කම අපිට අදහගන්න බැරිවුණා
ලෝකයේ දියුණුවත් සමගම තාක්ෂණයේදියුණුව මිනිස්සුන්ගේ යහපත මෙන්ම අයහපත සඳහාද භාවිතා කරන අයුරු දක්නට ලැබිම කනගාටුවට කරුණකි. අසත්පුරුෂ මිනිසුන් අද මෙන්ම එදාද ලෝකයේ සිටින්නට ඇත. අද එකිනෙකාට මුණගැසීමට ඇති අවකාශය පුළුල් වීම නිසා රැවටීම් හා වංචාවලට හසුවන ප්‍රමාණයද පෙර කාලයට වඩා වැඩිවී ඇත්තේ පුදුමාකාර ලෙසිනි. මේත් එවැනි කතාවකි. අපි ඇය චන්දිමා ලෙස හඳුන්වමු. ඇගේ නැගණියගේ කතාව ඇගේ වචනවලින්ම අසමු.
Facebook“මේ කතාව මම කියන්නේත් තවත් මේ රටවල ඉන්න තරුණ ගෑනු ළමයින්ට පාඩමක් නිසාමයි. අපි ලංකාවේ දකුණු පළාතේ අය. අපේ තාත්තා ව්‍යාපාරික කටයුතු කළේ.අම්මා නම් රැකියාවක් කළේ නෑ. ඒත් තාත්තා සාර්ථක ව්‍යාපාරිකයෙක් නිසා අපිට ‍පොඩි කා‍ලේ ඉඳලම කිසිම අග හිඟයක් තිබ්බෙ නෑ. අපේ පවු‍ලේ ගෑනු ළමයින්ම තුන් දෙනෙක්. අපේ පවුලට හිතවත් කෙනෙක් ගෙන් ආපු විවාහ යෝජනාවකින් විවාහ වෙලා තමයි මම ඉතාලියට ආවේ.
මම විවාහ වෙලා ටික කාලෙකින් මගේ දවෛනි නංගිවත් යෝජනාවකින් විවාහ කරලා දුන්නා තාත්තාගේ ඕනේකමට. ඒත් ඒ විවාහේ වැඩිකල් තිබ්බේ නෑ. නංගී ආපහු ගෙදර ආවා. එහෙම ගෙදර ඇවිත් ඉන්නකොට එයා හිටියේ මානසික පීඩනයකින්. මම කතා කළාමත් එයා හැමවෙ‍ලේම කිව්වා. “අනේ අක්කේ මට මෙහෙම ඉන්න බෑ. මිනිස්සු මගේ දිහා බලන්නේ අමුතු විදියට මාව ඉතාලියට ගෙන්න ගන්නකෝ” කියලා. අම්මයි තාත්තයි මේ අදහසට කැමති වුණ නිසා මගේ මහත්තයා දන්න හඳුනන ඉතාලි කෙනෙක්ට කියලා ‍පොඩි නංගීව ඉතාලියට ගෙන්න ගත්තා.
නංගී ඇවිත් අලුත් ජීවිතයක් පටන් ගත්තේ හරිම සතුටෙන්. එයාට හොඳ රැකියාවකුත් ඉක්මනින් ලැබුණා. එයත් හිටියේ අපේ ගෙදරමයි. මගේ බබා බලාගන්නත් හැමදේටමත් එයා උදව් වෙන නිසා මටත් හරිම පහසුවක් වුණා එයා ඉන්න එක. දැන් තරුණ අය හැමෝම කොම්පියුටර්, දියුණු දුරකතන පාවිච්චියට හරිම ආසයිනේ. නංගිත් ඉතින් ඕවා අරගෙන විනෝදෙන් හිටියා. එයා නිතරම ස්කයිප් එකෙන් ගෙදර අයයි එයාගේ යාළුවොයි එක්ක කතා කරනවා. අපි ඉතින් ඒවා ගැන වැඩියේ හෙව්වේ නෑ. මොකද එයා දැන් වැඩිහිටියෙක්නේ. මම දැනගෙන හිටියා එයා නිතරම ඉන්ටර්නෙට් එකේ ඉන්නවා ඒකෙන් ගොඩක් යාළුවෝ හොයාගෙනත් කියලා.
මගේ ‍පොඩි නංගී රූමත් කෙනෙක්. එයා ෆේස් බුක් එකෙත් එයාගේ ලස්සන ෆොටෝ දාලා තිබ්බා. අපි හැමෝම ෆේස් බුක් එකේ හිටපු නිසා ඒක මම වැරද්දක් විදියට දැක්කෙත් නෑ. ඔය අතරේ නංගී ටිකක් වෙනස් වෙන්න ගත්තා. එයා ගොඩක් සතුටෙන් ඉන්න ගත්තා. නිතරම හිටියේ කොම්පියුටර් එකේ. කාත් එක්කද ඔයා ඔය තරම් කතා කරන්නේ කියලා ඇහුවම “අයියෝ අක්කේ මේ යාළුවෝ ගොඩක් චැට් කරනවා” කියලා මග ඇරියා. ඒත් මම ටිකක් ඕනේකමින් බැලුවම එක තරුණයෙක් නංගී එක්ක වැඩි සම්බන්ධයක් තියෙනවා කියලා තේරුණ නිසා මම ඒ ගැන ඇහුවම එයා කිව්වා ඒ තරුණයා නංගීට කැමතියි කියනවා කියලා. මේ තරුණයා මැදපෙරදිග රටක සේවය කළේ.
අපි නංගීට කීවා ඔයාගේ කලින් විවාහය ගැනත් කියලා ඒ තරුණයාට කියන්න අපි එක්ක කතා කරන්න කියලා. නංගී කියපු විදියටම ඒ තරුණයා ස්කයිප් එකෙන් අපිත් එක්ක කතා කළා. ඔහුගේ නම අමිල. ගම කොළඹට
කිට්ටුව. ගිහින් තියෙන්නේ කොළඹ ජනප්‍රිය පාසලකට. කතාබහෙන් පෙනුමෙන් හරිම වැදගත් විදියක් තමයි අපි දැක්කේ. මැදපෙරදිග ආයතනයක රැකියාවක් කරනවා කියලා ඒ වැඩ කරන ස්ථානයේ ෆොටෝ පවා අපිටත් පෙන්නුවා. කියපු විදියට හොඳ රැකියාවක්. ඒක නිසාම ඔහු උගත් තරුණයෙක් කියලා අපිට තේරුණේ. අපි ඇහුවම නංගිගේ කලින් විවාහය එයාට ප්‍රශ්නයක් නැද්ද කියලා. ඔහු කීවේ “මම ජීවත් වෙන්නේ ගල් යුගයේ නමෛයි අක්කේ” කියලයි.
ඉතින් ඔය විදියට ඒ දෙන්න ආදරේ කරන්න ගත්තා. නංගී මහ රෑ වෙනකන් ඒ තරුණයා එක්ක ස්කයිප් එකේ කතා කර කර ඉන්නවා අපිට සමහර දවස්වලට ඇහෙනවා. මේ දෙන්නා ලංකාවට එකට ගිහින් එහිදි විවාහ වෙන්න පවා දින කතා කරගෙන හිටියේ. අමිල එයාගේ අම්මගේ දුරකතන අංකය පවා නංගීට දීලා තිබ්බා. නංගිත් ඒ ගෙදර අයටත් කතා කරලා දැන හඳුනාගෙන තිබ්බේ. නංගී හිතන් හිටියේ විවාහයෙන් පස්සේ එයාව ඉතාලියට ගෙන්න ගන්න. ඔහුත් කැමැත්තෙන්ලු හිටියේ ඉතාලි එන්න. ඉතින් අවුරුද්දකට වැඩිකාලයක් මෙයාලගේ ආදරේ ඔහොම ගියා.
එක දවසක් නංගී පුදුමාකාර දුකකින් අඬ අඬා හිටියා. මම ඇයි කියලා ඇහුවත් කියන්න අදිමදි කළා. පස්සෙ වද කරල ඇහුවම කිව්වා එයා දන්න කෙනෙක් කියලා තියෙනවා අමිල කියන්නේ හොරෙක් බොරුකාරයෙක් හොයලා බලන්න කියලා. අමිල ගෑනු එක්ක යාළුවෙලා සල්ලි අරගන්නවලු. බඳිනවා කියලා බොරු කියලා එයාලගෙ ගෙවල් වල පවා යනවලු. එහෙම සිද්ධියක් වුණ කෙනෙක් තමයි මේක කියලා තියෙන්නේ. එයා කිව්වලු මේක ඕනෙ නම් ඔප්පු කරලම පෙන්නම් කියලා. නංගී සෑහෙන්න මානසිකව වින්දා මේක නිසා. අමිල කතා කරත් නංගී වැඩි ඕනේ කමකින් නමෛයි කතා කළේ.
ටික ටික හොයලා බලද්දි අර ආරංචිය ගෙනාපු කෙනා කියපු දේ හරි. අමිලගේ තවත් සම්බන්ධයක් අපේ අතටම අහුවුණා. ඒ වගේම අපි අපේම නෑයෝ වෙන නංගී කෙනෙක් දාලා අමිලට කතා කරන්න සැලැස්සුවා.
මේ මනුස්සයා ඒ ළමයටත් කැමතියි ආදරෙයි කියලා තියෙන්නේ පළවෙනි දවසෙමයි. ඒක දැනගත්තට පස්සේ නංගීට පිස්සු හැදුණේ නැති ටික විතරයි. ඊට පස්සේ හොයලා බලද්දි අර වැඩ කරන තැන් අම්මගේ කියලා දුන්න ටෙලිෆෝන් අංක පවා පට්ට පල් බොරු. අපි නොදැනුවත්වම නංගී අමිලට සෑහෙන්න මුදල් දීලා තියෙනවා. අපි ඇහුවා මොනාටද ඒවා ගත්තේ කියලා. එක එක හදිසි ඕනෑකම් කියලා සැරින් සැරේ සල්ලි ඉල්ලගත්තලු. ආපහු දෙන්නම් කියලයි සල්ලි අරන් තියෙන්නේ.
අමිල කතා කරපු අන්තිම දවසේ නංගී අමිලට හොඳට බැන්නා. අපිත් එයාට හොඳටම දොස් කීවා. අමිල හිනාවෙලා කෝල් එක කට් කරලා ගියා. එදා රෑ නංගීට ෆෝන් එකට මැසේජ් එකක් ආවා ෆේස් බුක් එක බලන්න කියලා. නංගී ෆේස් බුක් එකට ගිහින් දැකපු දෙයින් අපි හැමෝටම අදහා ගන්න බැරුව ගියා. නංගීගේ නමින් තවත් එකවුන්ට් එකක් හදලා ඒකේ නංගීගේ අඩ නිරුවත් ඡායාරූප ගොඩක් දාලා. ඒ මදිවට නංගීගේ දුරකථන අංක පවා දාලා. ඒ ෆොටෝ ඔක්කොම අපිටත් ටැග් කරලා. අපේ නෑයෝ ළඟම යාළුවෝ පවා අමිල දැනගෙන හිටියා. ඒ හැමෝටම ඒ ෆොටෝ ටැග් කරලා.
නංගී රෑට අමිල එක්ක කතා කරද්දි ඔහු නංගීටත් නොදැනුවත්ම ස්කයිප් එක හරහා එක එක ඡායාරූප අරන්. අපේ නංගී මෙහෙම මෝඩ වැඩක් කරයි කියලා අපි හිතුවේ නෑ. අන්තිමේ නංගී වැසිකිළිවලට දාන්න තියෙන ඇසිඩ් වර්ගයක් බිව්වා. ජීවිතේ නැති කරගන්න හිතාගෙන. අපි ඉක්මනින් රෝහලට ගෙනිච්ච නිසා එයාගේ ජීවිතේ බේරුනා. අපි හැමෝගෙම ෆේස් බුක් එකවුන්ට් වහලා දැම්මා. ආයෙත් අමිල ගැන හොයන්නවත් ‍පොලීසියට කියන්නවත් ගියේ නෑ.
නංගී දැන් එයාගේ පාඩුවේ ඉන්නවා. ඒත් එයා සමාජයට යන්න හරිම බයයි. එයා කියනවා ඒ ඡායාරූප තව කොහේ කොහේ තියෙනවද දන්නේ නෑනේ කියලා. ඒක නෑ කියන්නත් බෑ. මට මගේ නංගී ගැන හරිම දුකයි. ජීවිතේ දවෛනි පාරටත් එයාට වැරදුණානේ. ආයෙත් කවදාවත් විවාහයක් ඕනේ නෑ කියලා එයා කියනවා. මේ ලෝකේ පිරිමි ගෑනුන්ගේ ජීවිතත් එක්ක මෙහෙම සෙල්ලම් කරන්නේ ගෑනුන්ගේ මෝඩකමයි අහිංසක කමයි
නිසාද ?
චන්දිමා අසන පැනයට පිළිතුර කුමක් වුවත් බොහෝ දේ නිසාවෙන් අන්තිමේ බැට කන්නේ කාන්තා පාර්ශ්වය විතරක් වීම නම් කනගාටුවට කරුණකි.

ලක්මිණි වෙදමුල්ල ඉතාලියේ මිලානෝ සිට
Read more

Tuesday, April 8, 2014

top 10 benefit of tomatoes




































top 10 benefit of tomatoes

Read more at http://www.top10homeremedies.com/kitchen-ingredients/top-10-health-benefits-tomatoes.html
Read more

කොහොඹ කොළ සම පැහැපත් කරනවා කොහොඹ රුකේ මල් පිපූණට මී මැස්සා රොන් ගනීද ?-Kohoba tree and leaves



කොහොඹ පිළිබඳව සටහන් කරන්නට සූදානම් වනවිට මට පැරණි කවියක කවි පද දෙකක් සිහිපත් විය. එසේ සිහිපත් වූණේ කොහොඹ ශාකයේ මල්වල රොන් පවා මී මැස්සා නොගන්නේ එහි සැබෑ තිත්ත රස රොන්වලද තිබෙන බැවිනි.

ඒ කොහොම නමූත් කොහොඹ ආයූර්වේදයේ දී ඔසූවක් විදියට වැදගත් ස්ථානයක් හිමිවෙන බව නම් පැවසිය යූතුමය. කෙතරම් තිත්ත වූවද තිත්ත දේවල ගුණයකුත් තිබෙන බව අපේ වැඩිහිටි උදවිය පවසන්නේ නිකමට නොවේ.

කොහොඹ ගස ඇතැම් නිවෙස්වල වවා තිබෙන්නේ ඖෂධයක් විදියට ප්‍රයෝජනයට ගැනීම මෙන්ම එයින් ලැබෙන සිසිලස ඉතා සූවදායක බැවිනි. ඒ වගේම මෙය වාසනා ගුණය හෙබි ශාකයක් ලෙසටද පැරැන්නන් හඳුන්වනූ ලබයි. සෙන්ටිමීටර් 15-20 ත් අතර උසට වැඩෙන තද දුඹූරු පැහැති ඝනකම් පොත්තක් සහිතයි.

ඔසූ සඳහා ඖෂධවලට මෙම ශාකයේ පොතු, කොළ, මල්, ඇට, තෙල්, ගම් යොදාගනී.

පොතු

තිත්ත රසින් යූතුය. සෙම ඉවත්කිරීමේ ගුණය, මූත්‍රවලට හා පණූ රෝගවලට ගුණදායක වේ. කෘමීන් නසන ගුණය ඇත. ටැනින් අම්ලය ද ඇත. රතු පැහැයට හූරු දුඹූරු පැහැති ගම් විශේෂයක් ද පොතුවල දෑකිය හැකිය.

කොළ

කොහොඹ පත්‍රවල නිම්භරීන් පදාර්ථ අඩංගු වේ. ප්‍රෝටීන්, කෙඳි, කාබෝහයිඩේ්‍රටි, කැල්සියම්, යකඩ, තයිමින්, පොස්පරස්, පොටෑසියම් හා ග්ලුටැමික් අම්ලය අන්තර්ගතය.

තිත්ත රසින් යූතුවන පත්‍ර ඉතා හොඳ විෂබීජ නාශකයකි. අකෂි රෝගවලට ඉතාමත් ගුණ බවත්, බඩගින්න වර්ධනය කිරීමේ හැකියාවත් කොහොඹ කොළ සතුව පවතිනවා. එමෙන්ම කෘමි නාශකයක් විදියට ද භාවිත කළ හැක.

විශේෂයෙන් සඳහන් කරනවා නම් ලේ පිරිසිදු කිරීමේ මාහැඟි ගුණයක් කොහොඹ කොළ මදුරුවන් සඳහා දුම් ඇල්ලීමට ද කොහොඹ කොළ යොදාගනූ ලබනවා.

තෙල්

කොහොඹ තෙල් ද ඉතා හොඳ ඔසූවකි. මෙහි ද විෂබීජ දුරුකිරීමේ හැකියාව තිබෙන බැවින් දුම් ඇල්ලීමට යොදා ගන්නවා.

විශේෂයෙන්ම කුඩා බිළිඳු දරුවන් සිටින නිවෙස්වල දරුවාට හා මවට දුම් ඇල්ලීම සිදු කරන්නේ එබැවිනි.

කොහොඹ යොදාගන්නේ පිත රෝග සඳහා සමේ රෝග සඳහා සමේ කැසීම්වලදී මැලේරියා වැනි විෂරෝග සඳහා වේ.

මෙය විෂබීජ නාශකයක් බැවින් සමේ තුවාල සූවකිරීමේ හැකියාවත් සම පැහැපත් කිරීමේ හැකියාවත් කෂය රෝගය සඳහාත් උදරයේ හටගන්නා පණූ රෝගවලදී ද ඉතාමත් ගුණ ඖෂධයක් ලෙස පෙන්වා දෙයි.

අරිෂ්ඨ වර්ග වලටද කොහොඹ යෙදා ගනී.

දත් මැදීම සඳහා දෑහැටි කූරු ලෙසද භාවිතයට යොදා ගන්නා කොහොඹ ගස ඉන්දියාව, ලංකාව වැනි රටවල සරුවට වැවෙන ශාකයක් ලෙස හඳුන්වන්නට පූළුවන්.

වෛද්‍ය
උපේනද්‍රා දිල්රුකෂි
Read more

Monday, April 7, 2014

පාකිස්ථානු කතෝලික සරණාගතයන්ට මුවා වූ කතෝලික සභාවේ ඩබල් ගේම.



පාකිස්ථානයේ සුළුතර කතෝලික ප්‍රජාවට එරෙහිව මුස්ලිම් අන්තවාදී ප්‍රහාර උත්සන්න වීමත් සමග කතෝලිකයන් ලංකාවට පලා එමින් සිටින බව වාර්ථා වේ. මේ අනුව ලංකාවට ආ පාකිස්ථානු ජාතික කතෝලිකයන් දහස් ගණනක් මේ වන විටත් කතෝලික සභාවේ අනුදැනුම ඇතිව කතෝලික පල්ලිවල රදවාගෙන මීගමුව හලාවත හා කොළඹට ආසන්න ප්‍රදේශ කිහිපයක පදිංචි කර ඇත. අත් පා කපා දැමූ සිය ගණනක්ද ඒ අතර වන බව කියවේ. මෙතෙක් කලක් මුස්ලිම් අන්තවාදය (බෞද්ධයන්ට පහර දෙන විට) ගැන දතකට පූට්ටුවී සිටි කතෝලික සභාව පාකිස්ථානු මුස්ලිම් අන්තවාදීන්ගෙන් තර්ජනයට ලක්ව ඇති කතෝලිකයන් ගැන ශෝක ප්‍රකාශද නිකුත් කරමින් "පාකිස්ථානයේ" මුස්ලිම් අන්තවාදයට එරෙහිව ක්‍රියාත්මක විය යුතු බව ද ප්‍රකාශ නිකුත් කර තිබේ.

ලංකාව තුළ හිස ඔසවන බිහිසුණු ඉස්ලාමීය අන්තවාදය ගැන සමාජයට හෙළි කරමින් සිංහල බෞද්ධයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි සංවිධාන හා හිමිවරුන්ට තමන්ගේ ‍එන්.ජී.ඕ හා මාධ්‍ය හෙන්චයියන් ලවා ජාතිවාදී ලේබල් අලවමින් ජාත්‍යන්තරයේ පවා බොරු බේගල් ඇද බාමින් බෞද්ධයන් අපකීර්තියට පත් කරවීමට ප්‍රමුඛ වී කටයුතු කළ කතෝලික සභාව අද මුසල්මානු අන්තවාදයක් ගැන කිඹුල් කදුළු හෙළමින් පාකිස්ථානු කිතුණුවන් ලංකාවේ බින්න බස්සවා ගැනීමට කටයුතු කිරීම පිටුපස ඇති යතාර්තය කුමක්ද?

පාකිස්ථානය තුළ සුළුතර කතෝලික ප්‍රජාව මුස්ලිම් අන්තවාදීන්ගේ තාඩන පීඩන වලට ලක් වූයේ අද ඊයෙක සිට නොවේ. එමෙන්ම ඔවුන්ගේ අත්පා කපා දැමූ, පල්ලි ගිනි තැබූ, බුරුතු පිටින් මරා දැමූ ප්‍රථම අවස්ථාවද මෙය නොවේ. පාකිස්ථානයේ වහාබ් අන්තවාදීන් අතින් පීඩාවට පත්වන කතෝලික ප්‍රජාව පලා යා යුතුවන්නේ කතෝලික රටකට මිස බෞද්ධ රටකටද? අසල්වැසි ඉන්දියාවේ බහුතර කතෝලික බලයක් සහිත ගෝවේ ප්‍රාන්තයත් පසුකරගෙන තවත් සැතපුම් දහස් ගණනක් ගෙවාගෙන පාකිස්ථානු කතෝලිකයන් ලංකාවටම ගොඩ බහින්නේ ඇයි? පාකිස්ථානු කතෝලිකයන් මුහුණ දී සිටින ඛේදවාචකය ගැන වතිකානුවේ පාප්වරයාත් මුනිවත රකිත් දී ලංකාවේ කතෝලික සභාවට පාකිස්ථානුවන් ගැන වැළදී ඇති ගායේ තේරුම කුමක්ද? ඉතිහාසය පුරා කන්න ඕන වූවාම කබරගොයාත් තලගොයා කරගෙන කන ඉතිහාසයක් මිස රටේ ජාතික ප්‍රශ්නයකදී පවා සද්භාවයෙන් කටයුතු නොකෙරූ අවස්ථාවාදී ඉතිහාසයකට හිමිකම් කියන ලංකා කතෝලික සභාව ඊනියා ගැලවුම්කරුවකුගේ චරිතය රගමින් මේ අතගසා ඇත්තේද මොන උප්පරවැට්ටියකින් හෝ තමන්ගේ ඔලුගෙඩි ගණන වැඩිකරගැනීමේ ක්‍රියාදාමයකටය.

පැහැදිළිවම සරණාගත ලේබලයට මුවා කර පාකිස්ථානුවන් ලංකාවේ බින්න බස්සවා ගැනීමේ යටි අරමුණ මේ රටේ ක්‍රිස්තියානි ව්‍යාප්තකරණය තර කිරීම මිස වෙන යමක් නොවේ. සරණාගත ලේබලයට මුවා වී මෙසේ ලංකාවට සංක්‍රමණය වී ඇත්තේ සැබැවින්ම සරණාගතයන් පමණද? අපට ලැබී ඇති තොරතුරුවලට අනුව සරණාගතයන් යැයි හැදුන්වාගන්නා පිරිස් මුවාවෙන් ආගම් ප්‍රචාරකයින්ද ලංකාවට ගොඩ බැස තිබේ. ඒ අතර ක්‍රිස්තියානි මෙන්ම මුස්ලිම් මූලධර්මවාදීන්ද වන බව අනාවරනය වී තිබේ. (මේ වන විට මාලදිවයින් ජාතික 40000කට අධික ප්‍රමාණයක්ද, පාකිස්ථානු මුස්ලිමුන් 5000කට ආසන්න ප්‍රමාණයක්ද, ඇෆ්ගනිස්ථානු මුස්ලිමුන් 2000කට අධික ප්‍රමාණයක්ද රට තුළ අනවසර සංක්‍රමණිකයන් ලෙස රැදී සිටින බව වාර්ථා වේ - මේ පිටුපස ක්‍රියාත්මක වන්නේ මුස්ලිම් අන්තවාදී සංවිධාන දේශපාලකයන් හා මිනිස් ජාවාරම්කරුවන්ය ) ඔක්කොම කුණු බේරුවල් බොක්කට කීවා වාගේ මේ රට තුළ හොර රහසේ පැළපදියම් කරවමින් පවතින ‍මේ රට ගැන, මේ රටේ සංස්කෘතිය ගැන අබමල් රේනුවක දෙයක් නොදන්නා මේ අහිකුන්ඨකයන් ඉතාම නුදුරේදී යළිත් හැරවිය නොහැකි බරපතල සමාජ ආර්ථික ගැටළු රැසකට මගපාදන බවටනම් කිසිම සැකයක් තබා ගත යුතු නැත. එය අපට තේරුණත් ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පාදකයින්ට නොවැටහීම රටේ කරුමයකි.

අනිත් අතට පාකිස්ථානු කිතුණුවන් මෙහි ගෙන්වාගෙන පල්ලිවල රදවා ගනිමින් කතෝලික සභාව පෙන්වා තිබෙන්නේ බරපතල වැරදි පූර්වාදර්ශයක් වේ. මේ ආකාරයට වෙනත් රටවල කිතුණුවන් මෙහි ගෙන්වාගැනීමට කතෝක සභාවකට හැකිනම් ඒ හැකියාව මුස්ලිම් අන්තවාදී සංවිධානත් ක්‍රියාත්මක කළොත් රටටත් ජාතියටත් දෙවියන්වහන්සේගේම සරණය. ඕනෑම රටක දී සරණාගතයන් හා අනවසර සංක්‍රමණිකයන් පිළිබදව අනුගමනය කළ යුතු ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයක් වේ. ඒ අනුව මෙම අනවසර සංක්‍රමණික ප්‍රශ්නයට මැදිහත් විය යුතු වන්නේ එක්සත් ජාතීන්ගේ සරණාගතයින්ගේ කොමිසම මිස කතෝලික සභාව හෝ වෙනත් ආගමික කණ්ඩායමක් නොවේ.

අවුරුදු දෙදහස් පන්සීයක් තිස්සේ වෙන කිසිදු ජාතියක් නොකෙරූ තරම් උතුම් මානුෂීය ගුණාංග ප්‍රගුණ කළ සිංහල බෞද්ධ අපි කවර හෝ රටක පීඩාවට පත්වන අසරණ ජනකොටසකට මෙහි රැකවරණය සැපයීම මනුෂ්‍යත්වයේ නාමයෙන් බැහැර නොකළත්, අතීතයේ දී රෙද්ද අස්සේ දමාගත් නාගයින් අද අපටම පෙරළා දෂ්ඨ කිරීමට පටන්ගෙන ඇති නිසා මේ පිළිබදව අපි වඩ වඩාත් සංවේදී විය යුතුය. 1500 සියවසේදී පරංගින්ගෙන් මැරැම් කන්නට ගිය මුසල්මානුවන් කන්දේ රජුගේ පිළිසරණයෙන් උඩරටත්, නැගෙහිරත් පදිංචි කරවීමේ (අදට අනුව සෙනරත් රජුගේ ගොන්කම) විපාකයට සිංහලයාගේ නූපන් පරපුරට පවා වන්දි ගෙවීමට සිදු වී ඇත. එදා ලන්දේසී රෙපරමාදුවන්ගේ නිර්දය තාඩන පීඩන වලට ලක් වූ කතෝලිකයන් පන්සල් අස්සේ සගවාගෙන රැකවරණය දුන්නේ අපේ හාමුදුරුවන් වහන්සේලාය. පෘතුගීසි කතෝලිකයින් අපේ වෙහෙර විහාර ගිනිබත් කර බෞද්ධයන් හා සංඝයාවහන්ස්ලා ඝාතනය කරත් ඒ වෙනුවෙන් පළි ගැනීමට සිංහල බෞද්ධයන් කිසි දිනක ක්‍රියා කර නැත. නමුත් අතීතය මතක නැති කෙළෙහිගුණයක් නොදන්නා කතෝලික ප්‍රධානීන් තමන්ගේ ඔලුගෙඩි ගණන වැඩිකරගැනීම එකම අරමුණ කරගනිමින් තමන්ට සෙවණ දුන් සිංහල බෞද්ධ සංස්කෘතිය අද අමු අමුවේ හප කරති. ඒ වෙනුවෙන් රටේ සාමාජීය හා සංස්කෘතික පසුබිමත් නොතකා, ආර්ථිකයක් අනතුරේ හෙළා ඕනෑම කුණු‍ ගොඩක් රටට වැද්දා ගැනීමට ඔවුන් කටයුතු කරති. පාකිස්ථානු කතෝලිකයන් මෙහි බින්න බස්සවා ගැනීම පිළිබදව අපේ දැක්ම එයයි. විවිධ වේශයන්ගෙන් ක්‍රියාත්මක වන මුස්ලිම්කරණය හරහාත් ක්‍රිස්තියානිකරණය හරහාත් මේ දවසින් දවස උදුරාගන්නේ මේ බිමේ සැබෑම උරුමක්කාරයන් වූ සිංහල බෞද්ධ අනාගත පරපුරේ ජීවත්වීමේ අයිතියයි. එබැවින් රටේ සංස්කෘතියත්, ජාතියේ අනාගතයත් අනතුරේ හෙළමින් මේ රටට වද්දාගෙන ඇති පිටරට්ටුන් වහාම රටින් පිටුවහල් කරවීමට සිංහල බෞද්ධ සංවිධානවත් පෙරමුණ ගත යුතුය.

අනිත් අතට මේ රටේ ආගමික නිදහසක් නැති බවත්, ‍බහුතර බෞද්ධයන් අන්‍යාගමිකයන්ට එරෙහිව හිංසනයක් දියත් කර ඇති බවත් රට තුළත් ලෝකය පුරාත් ප්‍රචාරය කරන මුස්ලිම්, කතෝලික ක්‍රිස්තියානි එන්.ජී.ඕ කල්ලි හා පල්ලියේ අදිසි හස්ථයෙන් ක්‍රියාත්මක වන බොදු විරෝධී මඩ මාධ්‍ය කරුවන්ගෙනුත් අප පෙරළා ප්‍රශ්න කළ යුතු වන්නේ රට තුළ අන්‍යාගමිකයන්ට නිදහසක් නැත්නම්, මේ ආකාරයෙන් වෙනත් රටවල අන්‍යාගමිකයන් පවා නිදහසේ මේ රට තුළ පැලපදියම් වන්නේත් රැකවරණය සැපයෙන්නේත් මේ රටේ බහුතර බෞද්ධයන්ගේ සහනශීලීත්වය නිසා නොවේද යන්නයි. සැබෑම හිංසකයින් කවුද? අවස්ථාවාදී අන්තවාදීන් කවුද යන්න දැන් හොදටම පැහැදිළිය.


උපුටා ගැනීම
Read more

oබේ දරුවා ඉපදුනේ වෙනත් රටකද

 ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තීකරණ වැඩසටහන් මාලාව අනුව අනිවාර්ය ලෙස ලබා ගතයුතු ප්‍රතිශක්තීකරණ එන්නත්වර්ග පිළිබඳ විස්තරයක් හා එම එන්නත් ලබාදියයුතු
වයස් සීමාවන් සහිත නවතම කාලසටහනයි.ලංකාවේදී උපත ලබන දරුවන්ට ළමා සායන තුලදී නොමිලයේ මෙම එන්නත් ලබාදීම අනිවාර්යෙන් සිදු කරයි.
අනෙක් රටවල ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම මීට වෙනස් විය හැක.
උදා:-අප BCG නමින් හදුන්වන ක්ෂය රෝගයට ලබාදෙන ප්‍රතිශක්තීකරණ එන්නත ඉතාලියේදී උපදින දරුවන් සදහා ලබානොදේ..එම නිසා එවැනි රටවල් තුලදී ඔබේ දරුවා ඉපදුනහොත් දරුවා සමග නැවත ලංකාවට පදිංචියට පැමිණේ නම් ඔබ ලංකාවේ වෛද්‍යවරයෙක් මුණගැසී එහිදී ලබාගෙන ඇති එන්නත් වර්ග පවසා ලබානොදුන් එන්නත් වර්ග පිළිබඳ දැනුවත් වී වෛද්‍ය උපදෙස් මත එම එන්නත් ලබාගැනීමට කටයුතු කරන්න.

වැදගත්ම කරුණ නම් measles(සරම්ප) , mumps (කම්මුල්ගාය ), rubella (ජර්මන් සරම්ප) ,යන රෝගවලට ප්‍රතිශක්තිය ලබාදෙන MMR එන්නත ලංකාවේදී පළමු මාත්‍රාව දරුවාට මාස 12 සම්පූර්ණ වූවිටද දෙවන මාත්‍රාව අවු 3 සම්පූර්ණ වූවිටද ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තීකරණ වැඩසටහන් මාලාව අනුව අනිවාර්යෙන් ලබා දීමට කටයුතු කලත් ඉතාලිය,කැනඩාව වැනි බොහෝ බටහිර රටවල් එම එන්නත ලබා නොදීමයි.එම එන්නත ලබාදීමෙන් දරුවන්ට AUTISM තත්වය ඇතිවිය හැකියයි එම රටවල් විශ්වාස කරන නමුත් අප වෛද්‍ය මතය අනුව එහි කිසිඳු සත්‍යයක් නොමැත.MMR එන්නත AUTISM තත්වයට හේතු නොවේ.(AUTISM තත්වය පිළිබඳ අපි ඔබව දැනුවත් කලා ඔබට මතක ඇති.AUTISM නම් album එකෙහි ඇති post බලන්න).එමනිසා බොහෝ කලක සිට ලංකාවේ measles(සරම්ප) , mumps (කම්මුල්ගාය ), rubella (ජර්මන් සරම්ප) ,යන රෝගවලට ප්‍රතිශක්තිය ලබාදෙන MMR එන්නත ලබදේ.ඒ පිළිබඳ අනවශ්‍ය බියක් ඇතිකර නොගෙන ඔබේ දරුවා එම රටවල් වල ඉපදීම නිසා එම එන්නත් මඟ හැරුනේනම් ලංකාවට පැමිණි පසු ලංකාවේ වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න.

ලිපිය
Read more

Tuesday, April 1, 2014

අලුත් අවුරුද්ද-සිංහලයා ගෙට වෙලා.
















සිංහලයා ගෙට වෙලා.....

දැරිවියන් ගේ 'ගෙට වීම' ගැන අපි අසා ඇත්තෙමු. නමුත් ජාතියක 'ගෙට වීම' සවනතට තරමක් නුහුරු විය හැකිය.

ගෙට වූ දැරිවියට කිසිදු කරුණක් උදෙසා බාහිර ලෝකය හා සම්බන්ධයක් නොමැත. නැකැත් කෙරුවාවන් අහවර වී චාරිත-වාරිත නිමවන තුරු ඇය හිරු-සඳු නොදකී. ඇදෙන් බහින, නාන, කන, බොන, වැසිකිළි යන වේලාවන් පවා තීරණය කරනුයේ හිත්-පිත් නැති, විටෙක නීච වන, තවත් විටෙක කිපෙන නව ගහෙයෝ ය. ඇගේ සියළු දෙනික කටයුතු කොට උඩ ය……. ඒ ගෙට වූ දැරිවිය යි.

සාමාන්ය තත්ත්ව යටෙත් දැරිවියක් ගෙට වන්නේ ජීවිතයට එක් වරකි. නමුත් ශී ලංකාවේ මහ ජාතිය වන සිංහලයා වාෂිකව ' ගෙට වෙති'. ර‍ටේ සියළු ආයතන වල සේවකෙයෝ නිවාඩු යති. බැංකු, කායාල, ව්යාපාරික ස්ථාන වසා දමති. සියල්ලෝම ගෙවල්-දොරවල් බලා යති. ලිප් නිවති. ළිං වසති. පයිප්ප ද වසති. නොකති. නොබොති. නොනාති. ජාතියම ගෙට වේති. අනේ අනිච්ඡං....!

හදිස්සියකට ගමනක් යාමට පාරට බැස්සොත් තේ ඵකක් බොන්නේ අල්ලාට පින් සිද්ධ වන්නටය. මන්ද යත් බවලත් ජාතිය ගෙට වී ඇති බැවිනි. පිඹුරුපත් සැකෙසමින් පවතින්නේ ආසියාවේ ආශ්චයය බවට පත් වීමට ය. ඊට කළින් මේ ජාතිය වනසන මිථ්යාදෘෂ්ඨික හණමිටි කාරයන් හට brain wash එකක් වුවමනාය. නැතෙහොත් සියළු ආශ්චයයන් පිඹුරුපත් අතර පමණක්ම සිරවූ සිහින බවට පත්වීම නොවැළක්විය හැකිය.

ඡෝතිෂය උපන් රට ඉන්දියාවයි. නමුත් එහි බමුණන් වත් සිංලහයන් තරම් ඡෝතිෂය අදහන්නේ නැත.ලංකාවේ බෞද්ධයන් වශෙයන් පෙනී සිටිනා අය සමඟ කතා බස් කළ විට පෙනන්නේ තිසරණය ගැන ඔවුන් තුළ කිසි විශ්වාසයක් නැති බවයි. ඔවුන් ලාභ පෙයෝජන උදෙසා ඕනෑම වෙලාවක කිසි හිරිකිතයකින් තොරව බුදු දහම පාවා දෙන්නට සූදානම්ය. ඔවුන් තිසරණයට වඩා ඡෝතිෂය විශ්වාස කරන්නේත් කම-කමඵලයන්ට වඩා නැකත විශ්වාස කරන්නේත් සාධාරණ කරුණු මතය. දැන් කාලයක් මුළුල්ලේ කේන්දරයටත් නැකතටත් අනුව කටයුතු කොට ඒ තුළින් ලත් සාර්ථකත්වය ලෝකයටම ඔප්පු කොට තිබේ.

සිංහල ජනතාව මේ ලෝකය තුළ දියුණුවේ හිනිපෙත්තටම නැග්ගේ නැකෙත් ආනුභාවෙයන් බව දැන් සියල්ලෝම දනිති. කොටින් ම ඇමෙරික කානු ජනාධිපතිවරයා පවා දැන් සිංහලයන්ගෙන් නැකැත් බලා ගන්න්ලු. දැන් රට තුළ කිසි ප්‍රශ්ණයක් නැත. ඒ තරම් ම සරුසාරය. ඔවුහු නැකතට කුඹුරු වපුරති. දැන් රට සහලින් ස්වයංපෝෂිතය. ඔවුහු නැකතට එළවළු පළතුරු වවති. දැන් ලෝකයටම එළවළු පළතුරු යවන්නේ ලංකාවේනි. නැකතට කර්මාන්තශාලා අරඹති. ඒවා කොතරම් සරු ද යත් දැන් සියළු යාන වාහන ඉතා දියුණු මට්ටමින් නිෂ්පාදනය කෙරන්නේ ලංකාවේ ය. ඔවුහු නැකතට බැංකු විවෘත කරති. දැන් දුප්පත් රටවලට ණය දෙන්නේත් ලෝකයට ආධාර දෙන්නේත් ඒ නැක තේ ආනුභාවෙයන් දියුණු වූ බැංකු වලිනි. ලංකාවේ භික්ෂූන් වහන්සේලා ත් අතිශයින්ම සිල්වත් ය. ගුණවත් ය. ධර්ම විනය පිළිබඳව අංග සම්පූර්ණ
බහුශැත බවකින් යුක්තය. ඔවුන් ධර්මය හැටියට පවසන්නේ ශී සද්ධර්මය පමණි. ඔවුන්ගේ මේ සා ආනුභාවෙය් රහස කිම? ඒ වෙන කිසිවක් නොව නැකතට මහණ කිරීම නිසාය.
දැන් දේශපාලකෙයො පවා සාමය ස්ථාපිත කිරීමට නැකතට පහන් පත්තු කරති.
දැන් බොහෝ දෙනක් මත්පැන් බොන්නේ ත් නැකතටලු ය. නොහොඹිනා වැඩ කරන්නේ ත් නැකතටලු ය. හරියටම නැකතට ඒ කටයුතු කිරීමන් අපල නැතිවේ ලු.

මේ දිනවල ඔවුන් කඩිමුඩියේ සූදානම් වන්නේ ඔවුන්ට මේ සා සෞභාගයක් ලබා දුන් සියළු නැකැත් වලින් සපිරි ඔවුන්ගේ අළුත් අවුරුද්ද සමරන්නට ය. සූර්යයා මීන රාශියන් මේෂ රාශියට සංකමණය වන්න් ලු. එය යි ඔවුන්ගේ අවුරුද්ද. ඒ වෙනුවෙන් ඔවුන්ට සියළු කටයුතු කරන්නට සිදු වී තිබෙන්නේ නැකතට ය. ඔවුන්ගේ අවුරුද්ද සමරන්නට දැන් ඔවුන් හමුදාවක් මෙන් සීරුවෙන් සිටිති. නැකතට අනුව සියළු චාරිත ඉෂ්ට කරගත්තොත් ඔවුන්ග් ජීවිත කිරියන් පැණියෙන් ඉතිරී යනු නිසැක ය. ඔවුන් සියළු වැඩ නවත්වන වේලාවක් තිබේ. ඒ නැකැත් නැති වේලාව ලු. ආයෙමත් නැකත පටන් ගනී. එවිට නැකතට ලිප පත්තු කරති. නැකතට බත් කති. නැකතට ඇඳුම් මාරු කරති. නැකතට වැසිකළි යති. ඔවුන් ඒ දිනවල සාමාන විධියට වතුර නාගන්ට වත් කැමති නැත. ඒකට ද නැකතක් තිබේ. හිසට කොහොඹ කොළ පයට නිදිකුම්බා කොළ තබා නානු ගාගෙනය නැකතට නා ගත යුත්තේ. ඒ අනුහසින් සියළු රෝග පීඩා සිරුරින් පහවී යනු ඇත. නැකතට ආරම්භ කරන ලද ලෝකෙය් දියුණු ම කර්මාන්තශාලා ඔවුන් සතු ය. ඔවුන්ගේ අවුරුද්ද වෙනුවෙන් ඔවුන් එහි වැඩ අල්ලන්නේ නැකතට ය.

ඔවුන්ට සල්ලි වලින් කිසි අඩුවක් නැත. නැකතට පටන් ගත් ඔවුන්ගේ බැංකු වලින් නැකතට ගනුදෙනු කළ යුතුය. එවිට ඊළඟ අවුරුද්දේ නැවත සූර්යයා මාරු වී යන තුරු ඔවුන්ට මිළ මුදල් වලින් හිඟයක් නැත.නැකත යනු ඔවුන්ට සියළු දේ ලබා දෙන කප් රුකක් වැන්න. නැකත යනු ඔවුන්ට සිතූ පැතූ සම්පත් ලබා දෙන සිතුමිණක් වැන්න. මෙතරම් දේවල් නැකැත් තුළින් සාර්ථක කරගත් ඔවුන්ට තව දුරටත් කළ යුතු එක දෙයක් තිබේ. එනම් නැකතට දිවි නසා ගැනීම යි. එවිට ඒ නැකෙත් අනුහසින් ඔවුන් සුගතියේ යනු ඇත. ඊට ප්‍රථමෙයන් හොඳ නැකතක් බලා අං තට්ටුවක් පැළඳ ගත යුතු ය. එවිට ඒ නැකෙත් අනුහසින් කකුල්වල කුර හට ගැනීමෙන් ඒ කටයුත්ත සම්පූර්ණ වනු ඇත.

බුද්ධ බලය දසත පැතිරී තිබූ එදා එය යතාර්ථයක් කරවීම ජයගත හැකි අභියෝගයක් විය. නමුත් අද තත්ත්වයන් ඊට හාත්පසින්ම වෙනස් ය. අධර්මවාදී මාර බලයන් දසත වෙලාගන ය. සත්යට ඉඩක් නැත. 'සත්යය ජයගනී' යන්න ද දඹදිවින් පාත් වූ බමුණු මතයක් විනා බුදු දහෙම් සඳහන් නොවන්නකි.

ලාංකිකයා සියවස් ගණනාවක් පුරාවට බුදු බණක් ඇසුවේ නැත. බුදු බණක් කීවේ නම් එයද නොතේරෙන්නට ය. 99%ක්ම වූයේ බුදු බණ නාමෙයන් වූ සම්පපලාප ය. බණ කියන්නාගේ පුද්ගලික මතය විනා බුදු දහම ඉස්මතු නොවී ය. විටින් විට බදු දහම ඉස්මතු කිරීමට ගත් උත්සහයන් ද අධර්මවාදී බලෙව්ග විසින් සූක්ෂමව මැඩලනු ලැබීය. බුදු බණ නොදත් චීවරධාරීහු බමුණාගේ වේදය සරණ ගියහ. බුදු දහෙම් නාමෙයන් පැවිදිව, මහා සඟරුවට පිදෙන උතුම් දානය වළඳමින් කිසිදු හිරිකිතයක්, විලි ලැජ්ජාවක් නොමැතිව මොවුහු කේන්දර බලති. නැකැත් හදති. බලි-තොවිල්, යාග-හෝම කරති. වස් කවි කියති. ඒ මදිවාට මේ ගෙටවන බවලත් ජාතිය තව තවත් අඳුරේම තැබීමට කේන්දරේ, නැකෙත් ගුණ වයති. මහණකම වරද්දාගත්තවුන් ලද විපාක තිපිටකය පුරා අන්තර්ගත ය. මේ අධර්මවාදී චීවරධාරීන් හට උඩෙගඩි දෙන ගිහියන් හට අත්වන ශෝචනීය විපාක ද එහි මනාව පැහැදිලි කොට ඇත. සැප කැමැත්තෝ අපමාදී වෙත්වා!!!

බොහෝ දෙනා පවසනුයේ මේ සියල්ල මහින්දාගමනෙයන් ලද සංස්කෘතික උරුමයන් බව ය. ඊටත් වඩා මුලාවක් නැත. වැඩිහිටියන්ට ගරු කිරීම, නෑ ගම් යාම, පරණ තරහ අමතක කිරීම සඳහා අළුත් අවුරුද්ද ඉතා වැදගත් යැයි පණ්ඩිතෙයෝ දොඩති. තිසරණෙයහි පිහිටා කටයුතු කරන්නෝ නිතිපතා පිදිය යුත්තන් පුදති. දිනපතා මාපිය වැඩිහිටියන් වන්දනා කරති. අමතක කිරීමට තරහක් ඔවුන් තුළ නැත. මෛතිය, කරුණාව සෑම විටම පෙරදැරි ය. ඔවුන්ගේ ආධ්යාත්මික ගුණවගාවන් අති සාර්ථක ය. ඒ සඳහා අමුතුවෙන් දිනයක් හෝ කාලයක් අවැසි නොවේ. මේ බහු බූත විගඩම් සියල්ල පැමිණෙන්නේ තිසරණය ගිලිහුනු විටය. සංස්කෘතික අංගයන් පෙරටුකොට ගෙන උත්සවයක් ගැනීම හෝ දිනයක් වෙන් කිරීම සියළු කෙලසුන්ගෙන් නොමිදුනු සමාජයක සාමාන්ය දෙයකි. නමුත් ඒ මුවාවෙන් මිථ්යදෘෂ්ඨිය කරපින්නා ගැනීම මහත් අභාග්යය කි. මෝඩ කමකි.

බුදු දහෙම් ඒකායන අරමුණ සියළු කෙලසුන් පහාණය කරන ලද අමා මහ නිවන යි. එය මාර්ග ඵල සතරකින් යුත්, මාර්ග අංග තිස් හතකින් යුත්, ක්‍රමවත්, අර්ථවත්, ධනාත්මක වැඩපිළිවෙලකි. දෙක් පංතියට යාමට පෙර අප බාලාංශය සමත් විය යුතුය. බුදු දහෙමහි මූලිකම වන්ෙන් ෙසෝතාපත්ති ඵලය යි. එනම් මිථ්යාදෘෂ්ඨිය සහමුලින්ම දුරුකොට සසෙර් ආරක්ෂාව සලසා ගැනීමයි. මෙම ආරක්ෂාව යනු බිලි දී, බලි තොවිල් කොට, හතර කොනේ මුට්ටි එල්ලා ලබා ගන්නක් නොවේ. එය මිථ්යාදෘෂ්ඨිය දුරලා දහම තුළට අනුගත වීම නිසා සිදු වන සතර අපායෙන් අත්මිදීම යි. එය ඔලිම්පික් පදක්කමක් මෙන් ප්‍රදානය කොට ආපසු ලබා ගන්නක් නොවේ. පෙට්ටගමක හෝ සේප්පුවක බහා තබන්නක් ද නොවේ. එය දහෙමහි හැසිරෙන පඥාවන්තයින් හට පමණක් ඇතිවන අවෙබෝධයකි.

කළය මුනින් අතට හරවා කොපමණ ජලය වත්කල ද කළය නොපිරේ. අප කොපමණ කරුණු කාරණා ගෙනහැර දැක්වුව ද විවෘත මනසකින් තොරව ඒ දෙස බලන්නා කිසි කෙලක සත්යයට නොපැමිණෙයි. යතාර්ථය ඔහුගෙන් දුරස් වෙයි. සත්යෙය් ඥාණාලෝකය ඔහුට අහිමි ය. ඔහු අඳුරේම ඉපිද, අඳුරේම ජීවත්ව, අඳුරේම මියැදෙන, සියළු දෙනාගේ අනුකම්පාව ලැබිය යුතු තවත් එක් අවාසනාවන්තෙය කි.

ශී සද්ධර්මය මහ සයුර වැනිය. අප මේ කතා කරන්නේ වෙරළ ගැනය. දියඹ තව බොහෝ දුරය.

මේ ගැන කිව යුතුව තිබේන්නේ එකම එක දෙයකි.
නැකැත් කේන්දර පිස්සුව අතහැර තිසරණය ට පැමිණෙන තුරාවට ඔවුන්ට ම්දෘෂ්ඨියෙන් නම්
ගැලවිල්ලක් නැති බවයි.

තෙරුවන් සරණයි!
(උතුම් තිසරණය ගැන පහදා දුන්,තිසරණ සරණ ගැන සිංහ නාද කල මා ගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නමස් කාර වේවා.)

Read more

Friday, March 28, 2014

සිංහල ජාතිය වඳකර තවත් ජාතියක්‌ ගොඩනැඟීමේ උපායශීලී කුමන්ත්‍රණයක්‌




කුරුණෑගල, අනුරාධපුර වැනි නගරවල වෙළෙඳ ව්‍යාපාර පවත්වාගෙන යන එක්‌ ජාතියක්‌ රැකියා අහේනියෙන් පෙළෙන සිංහල තරුණියන් ඔවුන්ගේ වෙළෙඳ ව්‍යාපාරවල වෙළෙඳ සේවිකාවන් ලෙස හොඳ වැටුප් තල මත රැකියාවන්ට බඳවා ගනී. කලක්‌ යන විට ඔවුන් සමග සබඳතා ඇති කර ගන්නා එම ජාතියේ තරුණයන් මෙම සිංහල තරුණියන් තුන් හතරදෙනා විවාහකර ගනී. උපදින හැම දරුවකුම ඔවුන්ගේ ජාතියේ අය මිස සිංහල දරුවන් නොවේ. භාෂාව, සංස්‌කෘතිය, ආගම යන සියල්ලම මේ දරුවන්ට ප්‍රගුණ කළ විට මොවුන්ද එම ජාතියේ දරුවන් බවට පත්වේ.

මෙය සැලැස්‌මක්‌ ඇතිව රට පුරා ක්‍රියාත්මක වන ජාති ද්‍රෝහී ක්‍රියාවකි.

දෙවැනි රාජසිංහ සමයේ දී සංචාරක වෙළෙන්ඳන් ලෙස මෙරටට ගොඩබැස පසුව සිංහල කාන්තාවන් විවාහ කරගෙන අලුත් ජාතියක්‌ ගොඩනැඟූ පරිද්දෙන්ම දැනුදු සිංහල තරුණියන්ට රැකියාවල් සපයා ඔවුන් විවාහ කරගෙන ඔවුන්ගේ ජාතිය තර කර ගනී.

පරම්පරාව ඇති කරන්නේත් කාන්තාවෝය. පරම්පරාව නැති කරන්නේත් කාන්තාවෝය. සිංහල ජාතියට ආදරය කරන මව්පියන් සහ කාන්තාවන් මේ ගැන වුවමනාවෙන්ම සිතා බැලිය යුතු කාලය උදාවී ඇත.

උපුටා ගැනීම - දිවයින
Read more

Tuesday, March 25, 2014

Bottled water in your car is very dangerous!


People should not drink bottled water that has been left in a car. The heat reacts with the chemicals in the plastic of the bottle which releases dioxin into the water.
Dioxin is a toxin increasingly found in breast cancer tissue. So please be careful and do not drink bottled water that has been left in a car. The bottled water transported in open trucks are also dangerous.
Use a stainless steel canteen or a glass bottle instead of plastic!

This information is also being circulated at Walter Reed Army Medical
Center … No plastic containers in microwaves. No plastic water
bottles in freezers. No plastic wrap in microwaves.

Dioxin chemical causes cancer, especially breast cancer. Dioxins are highly poisonous to cells in our bodies. Don’t freeze plastic bottles with water
in them as this releases dioxins from the plastic. Recently the Wellness
Program Manager at Castle Hospital , was on a TV program to explain
this health hazard.

We should not be heating food in the microwave using plastic containers…..
This especially applies to foods that contain fat.

The combination of fat, high heat and plastic releases dioxin
into the food.

Instead use glass, such as Pyrex or ceramiccontainers
for heating food… You get the same result, but without the dioxin.. So,
such things as TV dinners, instant soups, etc., should be removed from
their containers and heated in something else.

Paper isn’t bad but you don’t know what is in the paper. It’s safer to
use tempered glass, such as Pyrex, etc.

A while ago some of the fast food restaurants
moved away from the styrene foam containers to paper. The dioxin
problem is one of the reasons….

Plastic wrap, such as Cling film, is just as
dangerous when placed over foods to be cooked in the microwave.
As the food is nuked, the high heat causes poisonous toxins to actually
melt out of the plastic wrap and drip into the food. Cover food with
a paper towel instead.


original link
Read more

සදකඩ පහනට කැටයම් යොදලා, ගීතයේ තේරුම දන්නවද?

සදකඩ පහණක කැටයම් ඔපලා කියන සිංදුව අහලා තිබුනට එකේ තේරුම ගොඩක් අය දන්නේ නැතුව ඇතිනේ.... කියවලා බලන්නකෝ කොච්චර ගැබුරු හැගීම්බර තේරුමක්ද තියෙන්නේ කියලා. සදකඩ පහණ කියන්නේ කලාකරුවෙක් අතින් නිර්මාණය වෙන අපුරු නිර්මාණයක්... මේකේ සදකඩ පහණකට ආරෝපණය කරලා තියෙන්නේ සැමියා නැති, කුඩා දියණියක් සිටින රූමත් කාන්තාවක්... සදකඩ පහණක කැටයම් ඔපලා පාවෙන දේදුණු ලැගුම් ගනී..... තනිව සිටින මේ කාන්තාවගේ ඇසුරට මිනිස්සු එනවා. පාවෙන දේදුණු කියලා උපමා කරන්නේ ඒ මිනිස්සුන්ට, කැලතුන රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවී... මේ තහනම් ඇසුරේ කැලතුන රසය ගැන දන්නේ පැමිණෙන මිනිසාත් ගැහැණියත් පමණි. සදකඩ පහණ කොපමණ අනගි නිර්මාණයක් උනත් ඒක පයට පෑගෙනවා, ඒ වගේම මේ කාන්තාව කොච්චර ලස්සන උනත් සමාජයේ ගැරහුමට ලක් වෙනවා යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී නොපෙනෙන ඈතක ඈ ගෙනයනවා සියුමැලි කැකුලක් මැල වෙද්දී.... මේ විදියට දිගින් දිගටම මිනිසුන් ඇසුරුකරන මේ කාන්තාව ගණිකාවක් බවට පත් වෙනවා.. එතකොට ගැහැණියගේ දරුවා නිවසේ තනි වෙනවා. කැකුලකට උපමා කරලා තියෙන්නේ ඒ දියණිය, දහසක් පෙති මත රහසක් සගවා තුඩින් තුඩට ගෙනයන බින්දු... ඇයව ඇසුරු කරන මිනිස්සු ඇය ගැන තමන්ගේ යාළුවන්ටත් කියනවා.ඇය ගැන ආරංචිය රහසක් විදියට පැතිරෙනවා, අහසක් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුසුවුණු වැහි බින්දු... මේ කාන්තාව මේ කටයුත්ත කරන්නේ කැමැත්තෙන් නෙවේ... තම දරුවාගේ ජීවිතය වෙනුවෙන්, ඈ ගෙන යද්දී නටබුන් අතරින් තවකෙකු ඈ වෙත හද රැන්දූ... පැමිණෙන පුද්ගලයා අසුරුකරලා ඉවර උන ගමන් ඈ ඇසුරු කරන්න තව පුද්ගලයෙක් එනවා. මේ විදියට ඈට තම ජීවිතය ගැටගහා ගන්න මිනිස්සු රාශියකගේ ආශාවන් පිරිමහන්න වෙනවා, හදවිල ඉපදුන කැකුලක් නොකලට නටුවෙන් ගලවා ඉවත යවා.... තමන්ගේ රැකියාවෙන් දියණියට සිදුවන අවමානය නැතිකර ගන්න තමන්ගේ දියණියව ඈතකට යවන්න මේ කාන්තාවට සිදු වෙනවා.දියණියට සිදුවන්නේ අකාලයේ අම්මව අතහැරලා යන්න, මිහිලිය තෙත්කොට ගිලිහුන කදුලක් සත් සමුදුරකට මුහුව ගියා... මේ කාන්තාව දියණියව වෙන තැනකට යවන්නේ ගොඩක් දුකෙන්.. ඒත ඇයට ඒක තවත් එක දුකක් පමණි, ඔබට උරුම වූ රිදුනු තැවුණු හද එක්ටැම් මැදුරක කවුරු අරා රුවන් විමානෙන් පියබා එනතුරු පොපියන හදවත සිටි බලා.... මේ කාන්තාව තමන්ගේ දියණිය ඉගෙනගෙන ලොකු තැනකට ගිහින් තමන්ගේ අම්මව දුක්බර ජිවිතයෙන් මුදව ගන්න එනකන් ඇගිලි ගනිමින් බලන් ඉන්නවා

උපුටා ගැනීමකි >ජනවහර
Read more

Saturday, March 22, 2014

අපායෙන් ගැලවී විත් මහණදම් පිරූ තරුණයෙක්



























මිනිස් සිතේ ස්වභාවය සිතුවිලි ගොඩ නැඟීමයි. මිනිසා අවදිව සිටින සෑම මොහොතක් පාසාම අතීතය හෝ අනාගතය සම්බන්ධ කැරගෙන සිතේ සිතුවිලි ගොඩනඟයි.
අතීතයේ පංචේන්ද්රිවයයන් පින වූ අවස්ථාවන්ට සම්බන්ධ ආශාව, තණ්හාව මුසු ඇලීමේ සිතුවිලි ද තරහව, ද්වේෂය මුසු ගැටීමේ සිතුවිලි ද මොහොතක් පාසා සිතේ ගොඩනැඟේ.
එසේ ම ඇලීම හා ගැටීම මුසු සිතුවිලි අනාගතය සඳහා ද සිතේ ගොඩ නැඟේ. මිනිසා උපන්දා සිට මියෙන තෙක් ම සිදු කරන්නේ එසේ සිතුවිලි ගොඩනැඟීම ය.
මේ බොහෝ දෙනෙක් “මේ දැන්” කියන මොහොත ගැන නොසිතති. සිතුවිලි ගොඩ නැඟීම යනු කර්ම රැස්කිරීමයි. ඒවා කුසල කර්ම හෝ අකුසල කර්ම විය හැකිය. ඊට අනුවම විපාක යෙදේ. මේ එවැනි කර්ම විපාකයක් ගෙවන පුද්ගලයකු පිළිබඳ කතාවකි.
මීතිරිගල නිස්සරණ වන සේනාසනය අක්කර පන්සියයක් පමණ විශාල වූ වන ගහනයක් මැද පිහිටි පුණ්යා භූමියකි.
එකකට එකක් නොපෙනෙන තරම් දුරින් පිහිටි කුටිවලට වී භාවනා කරන යෝගීහු මේ සිත එක අරමුණකට ගෙන බැඳ තබා සමාධි සුවයක් විඳීන්නට උත්සාහ කරති.
සිතුවිලි ගොඩනැඟීම් වශයෙන් තව තවන් කෙලෙස් රැස්කිරීම නතර කරන්නට උත්සාහ කරති.
සේනාසනයේ කිරනැඟයාත්මක වන කාලසටහන සිහිපත් කරමින් “ගෙඩිය” ගසා හඬ නංවන වාර ගණන අනුව මේ අවදිවීමටය.
මේ වත සඳහාය. මේ භාවනාවය, මේ දානය සඳහා පිණ්ඩපාත යේ යෑමටය, මේ ගිලන්පස සඳහා දන්ශාලාව වෙත යෑමටය ආදී වශයෙන් යෝගීහු ඒ ඒ සංඥාවන් හඳුනාගෙන ඊට අනුව කිරභාවයා කරති.
කතා කරමින් කාලය නාස්ති කිරීමද කෙලෙස් ගොඩ නැඟීමක් බැවින් නිශ්ශබ්දතාවයද භාවනාවේ දියුණුව සඳහා අවධාරණය කැර තිබේ.
එසේ වුවත් යෝගී භික්ෂූන් වහන්සේ ඉඳහිට ධර්ම කාරණා පිළිබඳ සතුටුසාමීචියේ යෙදෙන අවස්ථා ද ඇත. දිනක් එවැනි ස්වාමීන් වහන්සේ කීප නමක් කර්මය හා කර්ම විපාකය පිළිබඳ සාකච්ඡා කරමින් සිටියහ.
”කර්මයට අනුව විපාකය ලැබේ නම් ඊට යම රජකු හා යම පල්ලන් මැදිහත් වන්නේ කුමටදැයි මට ගැටලුවකැ”යි එක් ස්වාමීන්වහන්සේ නමක් පවසති.
”කර්ම විපාක ගෙවන්නට තිබේ නම් යම් කෙනකුට වේදනාව ලබා දෙන්නට තව කෙනෙක් පහර දෙති. තුවාල කරති. කෙනෙක් පිහියෙන් ඇන මරා දමති. මැසි මදුරුවන් පනුවන් නිසා ලෙඩ රෝග වැළඳෙති.
එහිදී පුද්ගලයකුට තවත් පුද්ගලයකුගේ කිරෙඩමයාකාරකම් වලට ලක්වීමට සිදුවෙයි. එසේම පෙර්ේ නතයන්, යක්ෂයන් නිසා මහ රහතන් වහන්සේට පවා පීඩා සිදුවූ බව තිරකුටපිටකයේ සඳහන් වෙයි.
ඒ නිසා යම රජෙක් හා යම පල්ලන්ගේ් සම්බන්ධය තිබිය හැකියැ”යි තවත් ස්වාමීන්වහන්සේ නමක් පැවැසූහ.
”කර්මයට අනුව කර්ම විපාක ගෙවීමට සිදුවීම අවබෝධ කරවන්නට යම රජකු හා යම පල්ලන් ඉදිරිපත් කිරීමෙන් මිනිසා අකුසලයෙන් මුදවා ලිය හැකි බැවින් මේවා නිර්මාණ විය නොහැකිදැ”යි තවත් හිමි නමක් අදහස් දක්වති.
යම රජු හා යම පල්ලන් පිළිබඳ කියන කතා අසා සිටිමින් ඒ පිළිබඳ ගැඹුරින් සිතූ තවත් භික්ෂූන් වහන්සේ නමක් අඬන්නට වූහ.
භාවනාවෙන් යම් තරමකට දියුණු කළා වූ සිතක් ඇති උන්වහන්සේට ස්වකීය අතීතය සිතුවම් පොටක් සේ දිස්වන්නට වීය. උන්වහන්සේ ඒ පිළිබඳ විස්තර කළේ මෙසේය.
”මං මේ ආත්මයට පෙර ආත්මයෙන් එහා ආත්මයේ ටිකක් බලපුළුවන්කාරයෙක් ලෙස තමයි ඉපදිලා හිටියේ. පන්සිල් පද පහම ආරක්ෂා කළේ නෑ. තුන්වැනි සිල්පදය බහුල වශයෙන් ම කැඩුවා.
සත්ත්ව හිංසාවෙත් යෙදුණා. අනුන් සතු සම්පත් බල පුළුවන්කාරකමෙන් අයිති කැරගත්තා. මේ වගේ වැරදි වැඩවලින්ම ජීවත් වුණා මිසක කුසලයක යෙදුණේ ම නෑ.
මෙහෙම ජීවත් වෙන අතරේ දවසක් ගමනක් යන කොට විශාල දුර්ගන්ධයක් මට දැනුණා. ඒක කොයි තරම් අපරමේ සන්න ගඳක් ද කියනවා නම් ඒ ගඳ මොකක්ද කියා බලන්න තරම් හිතුණා.
මම නාසය වසා ගෙන ඒ ගැන හොයා බැලුවා. විශාල ඌරුමීයෙක් මැරිලා කුණුවෙලා. ඒ මී කුණෙන් චිරි චිරි ගා පණුවන් මතුවෙනවා යට යනවා. කොයි තරම් නාසය වසාගෙන සිටියත් ඒ ගඳ දැනෙනවා.
දැන් ඇස් දෙකෙනුත් දැක්කා. හරි ම අපරිර් ය යි. ඒ වෙලාවේ මට කවදාවත් නැති අමුතු ම නුවණක් පහළ වුණා. (අසුබ භාවනාව) කොයිතරම් සාත්තු කළත් මගේ ශරීරයත් මේ වගේ නේද? කවදා හරි මේ වගේ මළොත් කුණුවෙලා ගඳ හමනවා නේද? පණුවන් ගසනවා නේද? මේ ශරීරය දුර්වල වීම, වයසට යෑම, ජරාවට පත්වීම මට වළක්වන්න බැහැ නේද? එහෙම නම් මේ ශරීරය මගේ යැයි කියන්නේ කොහොමද? මේක හරිම දුකක්.
මම මහණ වෙන්න ඕනෑය කියා අධිෂ්ඨාන කැර ගත්තා. ඒ වුණාට ඒ ආත්මයේ මම මහණ වුණේ නෑ. එහෙම ඉඳලා කාලෙකට පස්සෙ මැරුණා.
මැරුණාය කියන්නේ , මට කතා කරගන්න බැරි වුණා. පංචේන්ද්රිණයයන් අකීරනේ ය වුණා. ලොකු මහත බටයක් වගේ එකක් ඇතුළෙන් මාව දිගට ඇදිලා ගියා. ඒ බටයෙන් එළියට ආපු තැන දෙන්නෙක් හිටියා. ඒ දෙන්නා මාව දෙපැත්තෙන් අල්ලාගෙන ඉදිරියට එක්කගෙන ගියා.
එතැන අඩි පහළොවක් විතර උස ආසනයක යම රජ්ජුරුවෝ වාඩිවෙලා හිටියා. දකින කොටම මේ යම රජ්ජුරුවෝය කියා මට වැටහුණා. ඔහු යටිකයට සුදු වේට්ටියක් ඇඳගෙනයි හිටියේ.
”ආ.. මනුස්ස ලෝකයේ ඉන්න කොට හුඟක් පව් කරලා තියෙනවා නේද?” කියා යම රජ්ජුරුවෝ මගෙන් ඇහුවා. ඒ එක්ක ම මම කළ පව් චිතරආවේපටයකින් වගේ මට මැවි මැවී පෙනෙන්නට ගත්තා.
ඒවා දකින කොට ම මා වැරැදි කාරයා වෙලා ඉවරයි නේද කියා හිතින් අන්තිමට ම අසරණ වුණා. ඒ අසරණවීම හෘදය සාක්ෂියත් එක්ක ම සිදුවන ගැඹුරු අනුස්මරණයක්.
පශ්චාත්තාපයක් වගේ දෙයක්. එතැනට ටිකක් එහායෙන් ලොකු තාප්පයක් තිබුණ. ඒ තාප්පයට එහා පැත්තේ විශාල ගින්නක් බුර බුරා ඉහළ නැඟෙනවා. ඒ වගේ ම ඒ පැත්තේ විශාල පිරිසක් දැවි දැවී විලාප දෙනවා ඇහෙනවා.
ඒ තාප්පයට ඉහළින් නැඟෙන යෝධ ගිනි දලු සුළඟට මේ පැත්තටත් එනවා. අප සිටි තැනටත් එනවා. ඒත් මේ පැත්තට ආවාම ඒ ගිනි දලුවල උණුසුමක් නෑ. උණුසුම තියෙන්නේ තාප්පෙන් එහා පැත්තට විතරයි.
තාප්පෙන් එහා පැත්තේ තියෙන්නේ නිරය. ඒ නිරයේ වැටුණු අය තමයි අර විලාප නඟමින් දුක් විඳිනවා ඇහෙන්නේ කියලා මට වැටහෙනවා. යම රජ්ජුරුවෝ හරිම කරුණාවන්තයි.
කරුණාවෙන් මා දිහා බලා සිටිනවා. මම කළ පව් මැවි මැවී පෙනෙන අතරේ අර මී කුණ දැකපු සිද්ධියත්, මහණ වෙන්න කළ අධිෂ්ඨානයත් මට මතක් වුණා. මෙතනින් නිදහස් වුණොත් නම් මහණ වෙනවා මහණ වෙනවාමයි කියා ඒ වෙලාවේ මට හිතුණා. (යම රජු රතු සළුවක් හැඳ සිටියොත් අනිවාර්යයෙන් ම නිරයට යන්න සිද්ධ වෙනවාලු.)
එතකොට යම රජ්ජුරුවන්ගේ මුහුණේ මඳ සිනහවකුත් නැඟුණා. ”කුසලකුත් කළා නේද?” කියලා යම රජ්ජුරුවෝ එක පාරටම ඒ වෙලාවේ මගෙන් ඇහුවා.
”තමුන්ට තවම කල් තියෙනවා” කියා නැවත යම රජ්ජුරුවෝ පරුත්කාශ කළා. එතකොට ම මා නැවතත් අර නළය දිගේ ආපහු ආවා. ඒ නළය දිගේ එනකොට තව දෙදෙනෙක් මුණ ගැහුණා.
”ආ.. එහෙම කොහොමද? එහෙම නම් අපිත් ඉන්නවානෙ”යි ඒ දෙන්නා කියනවා ඇහුණා. මම නිදහස් වී එන හැටි දැක ඔවුන් එසේ කීවේ එතැනත් ඊර්ෂ්යාවව හා තණ්හාව තියෙන තැනක් බව මට වැටහුණා.
මම ඒ නළය දිගේ ඇවිත් කෑගල්ලේ අම්මා කෙනකුගේ කුසක පිළිසිඳ ගත්තා. ඉපදුණාට පස්සේ මම හරියට දුක් වින්දා. අනුන්ගෙන් ඉල්ලාගෙන කන තත්ත්වයට පත්වුණා.
වැඩි දුර ඉගෙන ගන්නත් බැරි වුණා. ජීවත් වෙන්න බැරි ම තැන බේකරියක වැඩට ගියා. දර පළන්න ඕනෑ. දහදිය පෙරා ගෙන දර පළනවා. ඊළඟට පෝරණුවට දර දමා ගිනි අවුළුවන්න ඕනෑ.
එතැන ඉඳල ගිනි රස්නෙත් එක්කමයි දවස ගෙවෙන්නෙත්. රෑට නිදියන්නෙත් පෝරණුව ළඟ ගිනි රස්නෙත් එක්කමයි. සමහර දාට හීනෙන් අර තාප්පයට එහා ගිනිදැල් පෙනෙනවා.
නිරයේ ගිනිදැල්වලින් බේරුණත් මෙතනදි යම් තරමකින් හෝ ඒ දඬුවම විඳින්න සිද්ධ වුණා.
මේ බේකරියෙ පාන් අරගෙන බයිසිකලෙන් කඩවලට බෙදා හරින්න වුණෙත් මට. මේ පාන් ගෙනියන එක කඩේක මුදලාලි කාන්තාවක්. ලස්සනයි. මෙයා සමහරදාට පාන්වල සල්ලි දෙන්න දවසක් දෙකක් පරක්කු කරනවා.
මේ ගෑනිගෙ සිරියාවන්ත පෙනුම නිසා මමත් දවස දෙක පහුවෙලා සල්ලි ගන්නවා. මෙහෙම ඉඳලා මෙයා හිටි හැටියේ දවස් ගණනක් මුදල් අත් හිටෙව්වා. පාන් ගෙනියන පරමත මාණයට අනුව මුදල් බාර නොදෙන කොට මුදලාලි මට බණිනවා.
අන්තිමට මේ ගෑනි සල්ලි නොදෙන කොට ඒ කඩේට පාන් දමන්න එපා කියා මුදලාලි මට කිව්වා. ”උඹ කොහොම හරි ඒ සල්ලි ඉල්ලගෙන එන්න ඕනෑ. නැත්නම් උඹේ පඩියෙන් කපනවා” කීවා.
දැන් අර ගෑනි වෙන පාන් කාරයකුගෙන් පාන් ගන්නවා. මම ගියා ම මඟහරිනවා. මම යනවාටත් කැමැති නැහැ. දැන් අර සිරියාවත් නැහැ. මුදලාලි මගේ පඩියෙන් කැපුවොත් මම මගේ දුප්පත් අම්මව ජීවත් කරන්නේ කොහොමද කියලත් බය හිතුණා.
එදා රෑ බේකරියෙ තිබුණු උල් පිහියක් හොයාගෙන ළඟින් තියා ගත්තා. රෑ නිදියන කොට කොට්ටය යටින් තියා ගත්තා. හෙට උදේ පාන් අරගෙන ගිහින් සල්ලි ඉල්ලනවා.
නුදුන්නොත් අර ගෑනිට මේ පිහියෙන් ඇනලා මරණවා කියලා හිතාගත්තා. පාන්දර පිහිය අතට අරගෙන පිහිය මිට තදින් අල්ලාගෙන අරකිගෙ පපුවට මේකෙන් දෙකක් අනිනවා” කියලා හිතට වෙර ගත්තා.
අන්න එතකොටම මට ආයෙත් අර අපායෙ ගිනිදැල් පෙනෙන්න පටන් ගත්තා. මේ වතාවෙ නම් මම මහණ වෙනවාමයි කියපු එකත් සිහිපත් වුණා. නිදි පැදුරෙ ඉඳල ම කල්පනා කළා.
තවම මුදලාලිලා නිදි. මම බනිස් ගෙඩියක් කාලා උණුවතුර ටිකක් බිව්වා. තව බනිස් ගෙඩි දෙක තුනක් කඩදාසියක ඔතා ගත්තා. හෙමින් සැරේ පාරට බැස්සා. හැතැප්ම පහක් ම පයින් ගෙදරට ම ආවා.
ඒ වෙනකොට මම අවුරුදු දහඅටක ඉලන්දාරියෙක්. එදා ගෙදර ඇවිත් පැය දෙක තුනක් නිදා ගත්තා. නැගිටලා නා ගත්තා. ගෙදර තිබුණු සුදු සරොන් දෙකකුයි කමිස දෙකකුයි අරගෙන කෙළින් ම ආරණ්ය. සේනාසනයකට ගියා. එතැනින් මේ මීතිරිගල සේනාසනයට ආවා. අම්මගෙනුත් අවසර අරගෙන මහණ වුණා.
”ඔබ වහන්සෙ මොනවා කිව්වත් යම රජ්ජුරුවොයි යම පල්ලොයි ඉන්න බව මම නම් හොඳටෝ ම විශ්වාසයි. දැඩි අධිෂ්ඨානයෙන් හා වීර්යයෙන් කටයුතු කළොත් ආනන්තරිය නොවන පාප කර්මවල විපාක අඩුකර ගන්න පුළුවන්.
කුසල ශක්තිය බලවත් වන විට අකුසල විපාක දුර්වල වෙනවා” යි ඒ හාමුදුරුවෝ පැවසූහ.
ඒ හාමුදුරුවන්ගේ කතාව අප සමඟ පැවසුවේ බෙල්ලන්තර සිරි සදහම් ආශරමුදමවාසී ලේනව මංගල හිමියෝ ය. උන්වහන්සේට අපේ ස්තුතිය පිරිනමමු.
මතුගම මහින්ද විජේතිලක
Read more

Tuesday, March 11, 2014

මාවිලාරු සොරෝවුවෙන් මතු වූ මහා ඉතිහාසය.




























ගෝලීය ආර්ථිකය හසුරූවන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා බැඳුණ ලෝක බැංකුවක්‌ මහා භාණ්‌ඩාගාරයක්‌ අතරින් ගිලිහී ජනතාව අතට පත් ව්‍යාජ ව්‍යාපාරිකයන් ගේ වැඩි ප්‍රථිලාභ ගෙවන මුල්‍ය ආයතනයන් තුළ රැඳුණ දුගඳ හමන කතා පැතිරෙන මෙකල මධ්‍යකාලීන යුගයෙහි මේ රටෙහි වී වැනි ධාන්‍යයන් රජුන්ගෙන් පවා එක්‌රැස්‌කොට පාරිභෝගිකයන්ට දී ඔවුන්ගෙන් අයකරගත් පොළිය එම ද්‍රව්‍ය සැපයූවන් නියම කළ අයට හරියාකාරව බෙදා දුන් "මනරම" නම් මනරම් වෙළඳ පොළක්‌ (ආයතනයක්‌) පොළිය ලබා ගැනීම සඳහා කහවණු ණයට දෙන වාණිජ ආයතනයක්‌ ප්‍රසිද්ධ වෙළඳ නගරයක්‌ හා වංසකතාවන්හි පවා සඳහන් නොවී මිහිමත සැඟවී අප්‍රකටව පැවැති විහාරයක්‌ ද පිළිබඳව අපූරු තොරතුරු රැසක්‌ ඇතුළත් ගිරි ලිපි කිහිපයක්‌ ඉතා මෑතකදී පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට ලැබී ඇත.

දේශීය ඉතිහාසයෙහි නිම් වළළු පුළුල් කරන අමිලවටිනා කමකින් යුත් මෙතෙක්‌ කිසිවෙකුගේ ඇස නොගැටී සැඟව පැවැති මෙම ගිරි ලිපි හමුවී ඇත්තේ ත්‍රීකුණාමලය දිස්‌ත්‍රික්‌කයට අයත් සේරුවාවිල ජනපදයට නුදුරු (කොටසර දනව්වෙහි) ඊචලමිලත්තු සහකාර දිසාපති කොට්‌ඨාශයේ අංක ටී/214/ඊ වෙරුගල් මෝත්තුවාරම් ග්‍රාමසේවක වසමෙහි ගල්කන්ද යන අරුත් ඇති කල්ලඩි නම් ගම් ගොඩැල්ලෙහි මුහුදු මට්‌ටමින් අඩි හතලිහකට වඩා නොවුස්‌ හුදකලාව නැගී සිටි චෝළඅප්පන් මලෛ නැමැති කඳු පෙදෙසෙහි පිහිටි පර්වතයකය සටහන්ව තිබිය දීය.

සමනොල ගිරි හිස සිප මුනි සිරි පද නැමැද අඟර දඟර පා ගල් කුළු හා වනපෙත් අතරින් රිංගා ඊසාන දෙස කොට්‌ටියාරම් කළපුව වෙත ලැසි ගමනින් දිවයන මහවැලි නඳියේ දෙටු දියණිය වූ වෙරුගල් ගඟ කුරුංජන්මුනේදී මවගෙන් ලැබ ගත් මහ දිය කඳක්‌ ගෙන අලිදුව මැදිකර කෙවුලිය තුඩුවෙන් සමුදුර ළවැලි තලාව සිපගන්නේ චෝළ අප්පන් මලෛ පර්වතය පිහිටි කල්ලඩි ගමට සැතපුමක්‌ පමණ දකුණු දෙසිනි. එම ගමට නැගෙනහිර පස සැතපුමකට පමණ ඇතින් දිවයිනෙහි අතිශයින්ම රමණීය සයුරු තෙර දිස්‌වේ. රෝහණාධිපති කාවන්තිස්‌ස නරනිඳුන් බුදු හිමියන්ගේ ලළාට දාතුන් තැන්පත් කොට බඳනා ලද සේරුවාවිල මංගල මහා චෛත්‍ය රාජයා කල්අඩි ගම මැද නැගී සිටින චොළඅප්පන් මලෛ පර්වතයට සැතපුන් තුනක්‌ පමණ උතුරු දෙසින් ධවල වර්ණයෙන් දර්ශනය වේ. මෙයට නිදුරෙහිම ලන්දේසීන් විසින් ලුණු නිපදවන ලැදැයි පැවසෙන මෝත්තුවාරම් කළපුවත් එයට කරදිය පුරවන ඉළංකතුරෙයි (ලංකා පටුන) මෝයත් ඇති අතර කල්ලඩි ගමට බටහිර දෙසින් වෙරුගල් නදියෙන් පෝෂණයවන සැතපුම් කිහිපයක්‌ පුරා පැතිරී ඇති සොබා දහමෙහි හා මිනිස්‌ අතෙහි අපූරු නිමවුමක්‌ වූ මනහර දසුන් සහිත මහවිල්ලුව හෙවත් මාවිල් ආරුව නැමැති මහාජලාශය පිහිටා ඇත.

මාවිල්ආරු මහා ජලාශය අපගේ ජනප්‍රවාදයන්ට එක්‌වන්නේ අනුරාධපුර නුවර සිහසුන් අරා වැඩ සිටි මහසෙන් මහ නිරිඳුන් (ක්‍රි. ව. 276/303) දවස සිටය. මහා වාපි හා වාරි කාර්මිකයෙකු ලෙස ජන සන්තානයෙහි නොමැකෙන ලෙස ලැගුම් ගෙන ඇති මහසෙන් මහ නිරිඳුන් (මාවිල් ආරුව) මෙම මහ විල්ලුව සිට සේරු නම් විහගුන් නිවෙස්‌ කොට ගත් විල තෙක්‌"ගල් ඇළ" (කල්ආර් ඇළ) නම් දිය මඟ කැණ සොරොව් බඳවා මහවැලි නදියටත් වෙරුගල් ගඟ හා මහ සමුදුරටත් අතර වූ බිම සදා හරිත කෙත් වතු සහිත ධන ධාන්‍යයෙන් ආඩ්‍ය සමෘර්ධිමත් ජනතාවකගේ වාසස්‌ථානයක්‌ බවට පත් කළ හෙයින් මධ්‍ය කාලීන යුගයෙහි දී මෙම පෙදෙසට ධාන්‍යගාරය හෙවත් කොෂ්ඨාගාරය යන අරුත් ඇති (කොට ගර) කොටසර යන නම ලැබිනැයි වෘත්තාන්තයන්හි සඳහන්වේ.

අනුරාධපුර රාජධානිය වැනසූ ආක්‍රමණික සොළීන් නසා පොළොන්නරු නුවර ගොඩ නැඟු මහ විජයබාහු මිහිපතිගේ පුත් වික්‍රබාහු (ක්‍රි. ව. 1110/1123) නිරිඳුන් රජරට රාජ්‍යයෙන් පළවා හැරීම පිණිස විදේශීය හමුදාවන් ගෙන පසුපසින් හඹා ගිය වීරදේව හෙවත් වීරවම්ම සෙනෙවියා ගිලී නැසුනේ ද කොටසර දනව්වට අයත් මාවිල් ආරු මඩවඟුරෙහියයි වංසකතාවන් හි සඳහන් වේ.

මධ්‍යකාලීන යුගයෙහි අතිශයින්ම සමෘධිමත් කොටසර දනව්වෙහි වැව් පොකුණු කෙත් වතු සියල්ල පෝෂණය වුයේ මාවිල් ආරු වෙන් පහතට ගලාගිය ජලයෙනි. පොළොන්නරු රාජධානියෙහි පරිහානියෙන් පසුව ඉවුරු බිඳී විනාශයට පත් වූ මාවිල් ආරු ජලාශය සියවස්‌ කිහිපයක්‌ තිස්‌සේ හාත්පසින්ම ගලා ආ වන ප්‍රවාහනයට මැදිව බිහිසුනු කිඹුලන් ගහන මඩවඟුරක්‌ බවට පත්විය. එහි සරු ලෙස වැඩුණ තණ පඳුරු අතර දිවා රැය නොතකා පෙම් කෙළිමින් ගැවසුණේ කෙටි දළ හා මිටි සිරුරු සහිත බිහිසුනු සටන්කාමී රුහුණු ගෑටව් නමින් හඳුන්වන කුරු ඇත් රංචු පමණකි.

දහනමවන සියවසේ අවසාන කාලය වන විට කොටසර දනව්වෙහි මහවැලි නදී මුවදොර හා සමුද්‍රdසන්න පෙදෙස්‌ හී අඩු වැඩි ලෙසින් කෘෂි හා ධීවර කර්මාන්තය ජිවිකාවෘත්තිය කරගත් මුසල්මානුවන් පිරිසක්‌ ද තදාසන්න වන බිම් මැද එකිනෙකට බොහෝ දුරින් පිහිටි නටබුන් වැව් හා විල් අසල හේන් ගොවිකමින් පමණක්‌ යෑපුණ දමිළ වගට අයත් අල්ප ජනතාවක්‌ ද ජීවත් වුහ. මොවුන් සියල්ලම පොළොන්නරු රාජධානිය වනසා දැමීමට කාළිංග මාඝයන් විසින් ගෙනවිත් තිබියදී දඹදෙණි රජදහන ගොඩනැගු 111 විජයබාහු නිරිඳුන්ගේ (ක්‍රි.ව. 1232/1236) අසිපතින් මිදී වල් වැදී සැඟව දිවි රැක ගත් මළල කේරළ සෙබළන්ගේ පරපුරෙන් පැවත ආ පිරිස්‌ වුහ. ඔවුන් සියල්ලටම තම මුතුන් මිත්තන් කොටසර දනව්වෙහි ජීවයට මුල්ව පැවැති වැව් අමුණු ජාලය බිඳදැමීමෙන් කරන ලද මහා පාපයට සාපයක්‌ ලෙසින් වී හා වෙනත් ධාන්‍යයන් වගා කිරීමට සිදුව තිබුණේ වැස්‌ස වළාහක දෙවියන් වර්ෂයේ එක්‌ කන්නයකට පමණක්‌ ලබා දෙන සීමිත ජල සලාකයෙනි. මේ නිසා ඔවුන්ට ජීවිතයේ වැඩි කාලයෙක්‌ම අඩ සාගින්නෙහි වන අල මුල් බුඳිමින් ජීවත්වීමට සිදුව තිබුණි.

එකල වෙරුගල් ගඟ මුවදොර කෙවුලිය තුඩුව මෝත්තුවාරම කල්අඩිය හා චොළ අප්පන් මලෛ ආදී වනගත පෙදෙස්‌ නිජබිම කොට වාසය කළේ බුදු හිමියන් සේරුවාවිල් තෙරට වැඩම කළ කාලයේ සිටම සභ්‍ය සමාජ ගතනොවී හුදකලාව ජීවත් වූ දෙමළයට හුරු බස්‌වහරක්‌ ගත් මුහුදු වැද්දන් ලෙසින් හඳුන්වන ආදිවාසී ජනතාවකි කිසි විටකත් ගොවිකම් නොකළ ඔවුන් යෑපුණේගොඩ දිය දඩ කමිනි. මොවුන් ගේ දඩ බිම්වලට අවට ජීවත් වූ දමිළයන් හෝ මුසල්මානයන් හෝ කිසි විටකත් පා තැබීම පවා කළේ නැත. එය ඔවුන්ට තහනම් බිමක්‌ම පැවැතිණ.

බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන කාලයෙහි මෙරට සිටි ආණ්‌ඩුකාර (1928) හර්බට්‌. ඡේ. ස්‌ටැන්ලි උඩරට වැවිලි කර්මාන්තයේ යෙදී සිටි කම්කරු ජනතාවගේ පරිභෝජනය පිණිස විදේශයන්ගෙන් ආනයනය කරන සහල් සඳහා වැය වන අධික ධනය අවම කරගැනීමේ අවශ්‍යතාව මත සොරොව් කැඩී බිදී මඩගොහොරු විල්ලුවක්‌ බවට පත්ව තිබූ මාවිල් ආරුව කෘෂිකාර්මික කාර්යයන් සඳහා උපයෝගි කරගත හැකි ජලාශයක්‌ බවට පත් කිරීමේ මෙහෙය ත්‍රිකුණාමලය සහකාර දිසාපති හෙයිලි රුඩොල්ප් බිල්ඩ් වෙත පවරන ලදී. එහෙත් යෝජිත සොරොව් හා වාරිමාර්ගයන් තැනීමට ප්‍රමාණවත් ශ්‍රම බලකායක්‌ එකල මෙහි නොවුයෙන් දිසාපතිවරයා විසින් යාපනයෙන්ද මඩකළපුවෙන් ද ගෙන්වා ගත් දමිළ හා මුසල්මානුවරින් පිරිසක්‌ සුදුසු තෑන්හි පදිංචි කොට ඔවුන් මෙහෙයවා යෝජිත කාර්යයන් නිමකළ ද වෙරුගල් නදියෙන් අනපේක්‍ෂිතව ගලා ආ මහ දිය කඳක්‌ නව කම් කරන ලද ඇළ වේලි හා දිය දොර සියල්ල බිඳ දමන ලදී. බ්‍රිතාන්‍ය පාලකයන්ගේ අපේක්‍ෂාවන් වෙරුගල් නදී දියෙන් සමුදුරට ඇඳී ගියෙන් ඔවුන් නැවත මාවිල් ආරු මඩවඟුර පිළිසකර කිරීම අත්හැර දැමුව ද මෙහෙයට පැමිණි පිරිස තම ගම් පෙදෙස්‌ වෙත නොගොස්‌ මෙහිම රැඳිණ.

බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාරයාගේ අසාර්ථක උත්සාහයෙන් විසි එක්‌ වසකට (1949) පසුව නිදහස්‌ ලංකාවේ පළමු අගමැති මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායකයන්ගේ පුත් කෘෂිකර්ම අමාත්‍ය ඩඩ්ලි ෂේලටන් සේනානායකයන්ගේ සය අවුරුදු සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ මාවිල් ආරු මඩවඟුර මත මහාජලාශයක්‌ නිර්මාණය කිරීමේ දැවැන්ත වාරි ව්‍යාපාරය ආරම්භ කෙරිණ එමගින් ඉතා කෙටි කලකදී වෙරුගල් නදියෙන් ගලා එන අක්‌කර අඩි ලක්‍ෂයකට වැඩි ජලකඳක්‌ රැඳවිය හැකි මාවිල් ආරු නම් මහා ජලාශය නිර්මාණය විය. එහෙත් එකල එම ජලයෙන් වගා කිරීමට වෙන්ව තිබුණේ ප්‍රදේශයේ ජීවත් වූ දමිළ හා මුසල්මානුවන් පිරිසක්‌ විසින් අස්‌වද්දා තිබූ කුඩා බිම් පෙදෙසක්‌ පමණකි. මෙය ජලාශයෙහි රඳන මහ ජලකඳට ප්‍රමාණවත් ගොඳුරු බිමක්‌ නොවුයෙන් වන කෙත් බිම් සොයා ගිය සේනානායක පිය පුතුන් දෙදෙනම වන සතුන් රැඳුණ මහ වනය බිඳ එහි නව නිවෙස්‌ තනා දිවයිනෙහි වෙනත් පෙදෙස්‌වල බිම් අඟලක හෝ උරුමයක්‌ නැතිව සිටි සිහල, දෙමළ, මුසල්මාන හා මුහුදු වැදි යන සිව් වගටම අයත් පිරිස්‌ ගෙන්වා එහි රඳවා සරුසාර කෙත්වතුවලින් යුත් අල්ල නමින් නව ජනපදයක්‌ නිර්මාණය කරන ලදී. එහි සිංහලයන් සඳහා වෙන්කරන ලද පෙදෙස සේරුවාවිල හා දෙහිවත්ත ලෙසින් හැඳින්විණ.

තිස්‌ වසකට නො අඩු කාලයක්‌ තිස්‌සේ උතුරු නැඟෙනහිර දෙපළතෙහි ඊළම නමින් ස්‌වාදීන වූ දෙමළ රාජ්‍යයක්‌ නිර්මාණය කර ගැනීමෙහි අපේක්‍ෂාවෙන් බිහිසුනු අවි ආයුධයන්ගෙන් සන්නාහ සන්නද්ධව රජය සමග මාරක සංග්‍රාමයක යෙදී සිටි කොටි සංවිධානය නැඟෙනහිර මුහුදෙහි ගමන් කරන විදේශීය නාවික යාත්‍රාවන්ගෙන් තමන්ට අවශ්‍ය උපකරණ හා ආධාර ඉතා රහසිගතව ලබාගැනීමේ පහසුව තිබූ සමුද්‍රdසන්නයෙහිම මහ වන මැඳ පිහිටි කල්ලඩි ගම ආක්‍රමණය කර එහි චෝළ අප්පන් මලය කන්දෙහි මහ යුද කඳවුරක්‌ පිහිටුවා ගෙන තිබුණි. උතුරු නැගෙනහිර දේපළාතම තමන්ගේ නිජබිමයෑයි පවසා දෙමළන් හැර වෙනත් කිසිවෙකුත් මෙහි නොවිසිය යුතුයයි නිගමනය කළ ඔවුහු සිංහලයන් හා බද්ධ වෛරයෙන් යුතුව සේරුවාවිල හා දෙහිවත්ත ජනපද දෙකෙහි රැඳි සිටි ජනතාව පළවා හැරීම සඳහා වරින්වර ගිනි අවි දරා ගම් දනව් පැන නිරායුද අසරණ මිනිසුන් පමණක්‌ නොව. දෙපා අබල දුබල මහල්ලන් ළදරුවන් හා ගැබ්ගත් කතුන් ද මරා දැමුහ. ඔවුන් සිංහලයන් ගේ ගේ දොර ගිනිබත් කරමින් මහ මග ගිනි උගුල් අටවා පුපුරා හරිමින් ද මහත් ව්‍යසනයක්‌ කරමින් උන්හ. දුටු තැන දේශීය ආරක්‍ෂක හමුදාවන්ට සැඟවී පහර දෙමින් සිටි ඔවුන් විසින් අනපේක්‍ෂිත අවස්‌ථාවක ප්‍රදේශයේ ජීවත්වූ තමන් නොකැමැති සිංහලයන් සියල්ලම එකවර සා පිපාසාවෙහිලා මරා දැමීම හෝ ප්‍රදේශයෙන් පළවාහැරීම සඳහා හෝ ප්‍රයත්නයක්‌ ලෙසින් (2006.7.21) මාවිල්ආරු මහ ජලාශය අවි බලයෙන් අත්කොට කෙත් යායට දිය ගලාගිය කල්ලාර් ඇළ මහ සොරොව් දොර වසා දමන ලදී.

අක්‌කර දසදහසකට වැඩි බිම් පෙදෙසක්‌ පුරා සරු ලෙස වැඩී හමන මඳනලෙන් සැලෙමින් ගැබ් බරව සිටි ගොයම දිය නොමැතිව මලානිකව වැනසී යැමේ අනතුරකට පත්වෙමින් තිබිණ. හැට දහසකට වැඩි ජනතාවකට බීමට දිය පොදක්‌ සපයාගත නොහැකි තත්ත්වයක්‌ ඇති විය. අනාගත සාගතයක පෙරනිමිති දක්‌නට ලැබිණ සැකයෙන් හා බියෙන් තැවෙමින් සිටි අහිංසක සිංහල ජනතාව වටකොටගත් දෙපා කොටි ත්‍රස්‌ථයන් තැන තැන බිම් බෝම්බ අතුරා බර අවියන් හා සුළු අවියෙන් සේරුවාවිල හා දෙහිවත්ත ජනපදිකයන් දෙසට ගිනි බිඳින්නට ද වුහ.

මාවිල් ආරූ දිය දොර සතුරන්ගෙන් මුදා කොටසර දනව්වෙහි කෙත් යායට ජලයත් ජනතාවට නිදහසේ දිවිගෙවීමට ඇවැසි සාමයත් ලබා දීමේ මානුෂික මෙහෙවර කාලීන අවශ්‍යතාවයක්‌ බවට පත් වුයෙන් (2006.7.29) තුන් දහසක්‌ පමණ වූ දේශ විමුක්‌ති ජාතික හමුදාව මාවිල් ආරු ජලාශය හාත්පසින් වටකොට සතුරාට පහර දීම ඇරඹුහ. දින නමයක්‌ පුරා දෙපක්‍ෂය අතර පැවැති මහ සටනින් පසු එක්‌ සෙබළෙකු පමZණක්‌ අහිමි කරගත් වීරෝධාර රණවිරුවන් සතුරන් දෙසිය පණහකගේ පමණ හිස්‌ කඳින් ගලවා මඩවගුරෙහි ඔබා තැන තැන සැඟවී දිවි රැකගත් සෙස්‌සන් සියල්ලම පෙදෙසින් පළවා හැර මාවිල් ආරු මහා ජලාශය පමණක්‌ නොව කල් අඩි ගම චෝළ අප්පන් මලෛ කන්දෙහි පිහිටුවා තිබූ ඔවුන්ගේ මහ කඳවුර ද අත්කරගත්හ.

දෙපා කොටින්ගේ කල්ලඩි ගම කඳවුර එසේ මෙසේ සුළු එකක්‌ නොවේ. දෙතුන් දහසකටත් වැඩි විශාල පිරිසකට ආහාර පාන හා නේවාසික පහසුකකම් සහිත වූ එය පිහිටුවා තිබී ඇත්තේ අතීතයෙහි දී බෙදුණු පුදබිමක්‌ව පැවැති තැනකය, පෙර මහරහතුන් වැඩසිටි ලෙන් ඔවුන්ගේ යුද අවි හා ආහාර ගබඩා බවට පත්ව තිබී ඇත. ඔවුන් පර්වතයක්‌ මත වූ පැරණි වෙහෙරක්‌ බිඳ එහි පාදමෙහි සුවිසාල ගුවන් විදුලි සංනිවේදන කුළුණක්‌ පිහිටුවා එමගින් විකාශණය කරන රහස්‌ තොරතුරු කතරගම තෙක්‌ විහිඳුවා තිබුණි.

මාවිල්ආරූ ජලාශය කොටි ග්‍රහණයෙන් මුදාගත් රණවිරුවන්ගේ මඟපෙන්වීම මත චොළදප්පන් මලෛයි වෙත පිවිසි ත්‍රිකුණාමල පුරාවිද්‍යා නිලධාරි රංජිත් සැම්සන් මහතාට එහි පර්වතයන් හි මෙතෙක්‌ කිසිවෙකුගේ ඇස නොගැටී සැඟව පැවැති මධ්‍යකාලීන යුගයට අයත් සිංහල භාෂාව උපයෝගි කරගනිමින් අපර බ්‍රාහ්මී අක්‍ෂරයෙන් සටහන් කරන ලද ගිරි ලිපි රැසක්‌ දක්‌නට ලැබී ඇත.

එහි ඇති එක්‌ ගිරි ලිපියක සටහන්ව ඇත්තේ දෙවියන්ට ප්‍රියවූ තිස්‌ස මහරජුගේ මුණුපුරු පුටකන්න තිස්‌ස රජුගේ පුත් නාග නම් නිරිදෙකු මෙහි පාෂාණ පබ්බත නම් විහාරයක්‌ කරවා තමන් මිළදී ගත් ඉඩමක්‌ ද එක්‌ ඇළක දියබද්ඳ ද එම විහාරස්‌ථානයෙහි භික්‍ෂුන් වහන්සේලාගේ සිව්පසය සඳහා පුජා කළ පුවතකි.

මෙම ගිරි ලිපිය පිහිටුවා ඇති කාලය සොයා යැමෙහි දී අපට අනුරාධපුර නුවර රජ දහන කරගත් සද්ධාතිස්‌ස මහ නිරිදුන් ද ඔහු මුණුපුරු පුටකන්න තිස්‌ස හෙවත් කුටකන්න තිස්‌ස රජු හා ඔහුගේ කණිටු පුත් මහාදාඨක මහනාග මිහිපතින් හමුවේ. බුදු බැතියෙකු ලෙස මහත් පින්කම් කළ භාතිකාභය තිස්‌ස නරිඳුන්ගේ අභාවයෙන් පසුව සිහසුන් පත් ඔහුගේ කණිටු සොහොයුරු මහාදාඨක මහනාග නිරිදුන් (ක්‍රි. ව. 9/21) බොහෝ වෙහෙර විහාර කළ රජෙකු ලෙස වංසකතාවන්හි සඳහන් වෙත් එහෙත් එතුමා කොටසර දනව්වෙහි පාෂාණ පබ්බත නම් වෙහෙරක්‌ කළ බවක්‌ මෙම ගිරි ලිපියෙහි හැර වෙනයම් පතක පොතක හෝ පුරාවිද්‍යා වාර්ථාවක හෝ නො දැක්‌ වේ.

මහාදාඨක මහනාග නිරිදුන් තමන් කළ විහාරයට පුජාකළ දිය ඇළ හා ඉඩම කොටසර දනව්වෙහි කවර තැනක පිහිටියේ දැයි නිගමණය කළ නොහැක. එහෙත් මෙම ලිපිය අනුව රාජ්‍යයේ ඇති සියලු ඉඩම්වල එකම හිමිකරුවා වූ රඡ් තමන් සගසතු කළ ඉඩම හිමිකරුවෙකු ගෙන් මිළට ගත් බව සඳහන් කර ඇති හෙයින් එකල රාජ්‍ය බලය ඉක්‌මවා ඉඩම් හිමියෙකුගේ බිම් අයිතිය තහවුරුව පැවැති අයුරු නම් විමසිල්ලට යොමු විය යුතු වැඳගත් කරුණකි.

මහාදාඨක මහානාග නිරිඳුන්ගේ අභාවයෙන් දෙසිය පණස්‌ පස්‌ වසරකට පසුව අනුරාධපුර නුවර සේසත් නංවා සිහසුන් පත් මහසෙන් මහරජ (ක්‍රි. ව. 276/303) තමන් සතු කෙතකින් ගත් වී (අනුරාධපුර) නගරයෙන් නැගෙනහිර පස පිහිටි තබවිටිය නම් වෙළඳ නගරයෙහි මනරම් වෙළඳ පොලෙහි (වෙළඳ ආයතනයෙහි) තැන්පත්කොට එම වී ණයට ගන්නා අයගෙන් ලැබෙන පොළිය පාෂාණ පබ්බත විහාරවාසී භික්‍ෂුන්ගේ සිවිපසය සඳහා පුජාකරන ලද බව පැවැසෙන ලිපියක්‌ ද මෙහි පර්වතයක සටහන් කර ඇත. එහි පසෙක සටහන්ව ඇති වෙනත් ගිරි ලිපියක සඳහන් කර ඇත්තේ නම නොසඳහන් නිරිදෙකුගේ රබර නම් අමාත්‍යවරයෙකු එක්‌තරා වෙළඳ ආයතනයක කහවණු පන්සියයක්‌ තැන්පත්කර එයින් ලැබෙන පොලිය පාෂාණ පබ්බත විහාරවාසී භික්‌ෂුන්ගේ පරිභෝජනයට පූජා කළ පුවතකි. ඔහු මුදල් තැන්පත් කළ වෙළඳ නගරයෙහි හෝ ආයතනයෙහි හෝ නම නො දැක්‌වේ. ප්‍රසිද්ධියට අකැමැති පින්වතෙකු තබවිටිය වෙළඳ නගරයෙහි එක්‌ වාණිජ ආයතනයක මුදලක්‌ තැන්පත්කර එහි පොළිය පාෂාණ පබ්බත විහාරයෙහි මංගල නම් චෛත්‍යයට පුජා කළ පුවත ද එක්‌ ගිරි ලිපියකින් පවසා ඇත.

මෙම තෙවන ගිරි ලිපිය අනුව පාෂාණ පබ්බත විහාරයෙහි පිහිටි චෛත්‍යය එකල මංගල නමින් හඳුන්වා ඇත. මෙම චෛත්‍ය තැනීමට අඩු තරමින් වර්ෂ එකසිය හැත්තෑවකට පමණ පෙර කාවන්තිස්‌ස නිරිඳුන් සේරුවාවිල් තෙර පිහිටුවන ලද චෛත්‍යයද මංගල නමින් හඳුන්වා තිබියෑයි දාතුවංසයෙහි දැක්‌වේ. එකිනෙකට සැතපුන් තුනක්‌ පමණ ආසන්නයෙහි පිහිටි චෛත්‍යයන් දෙකක්‌ එකම නමකින් හඳුන්වන ලද්දේ කවර කරුණක්‌ නිසාදැයි විමසිය යුතුව ඇත.

මහසෙන් නිරිඳුන්ගේ කෙත පාෂාණ පබ්බත විහාර සංකීර්ණය අවට පිහිටා තිබිණැයි උපකල්පනය කළ හොත් එම කෙතෙහි වී ගත් මනරම වෙළඳ ආයතනය පිහිටි තබවිටිය වෙළඳ නගරය තිබිය යුත්තේ ද එම පෙදෙසේයයි නිගමනය කිරීම වැරදි නොවේ.

මධ්‍යකාලීන යුගයෙහි මෙරට පමණක්‌ නොව ලොව වෙනත් රටවලද ප්‍රසිද්ධ වාණිජ නගර සියල්ලම පිහිටා තිබී ඇත්තේ විදේශීය නාවික යාත්‍රාවන්ට පහසුවෙන් පැමිණිය හැකි ගංඟා මුවදොරවල් අසලමය. මෙරට පිහිටි මහම නදියේ වැඩිම ජලකඳක්‌ සමුදුරට එක්‌වන්නේ වෙරුගල් ගඟෙහි කෙවුලිය තුඩුවෙනි. මෙනිසා මහසෙන් නිරිඳුන්ගේ පාෂාණ පබ්බත ගිරි ලිපිය පසුපස හඹා ගොස්‌ අතීතයෙහි දී තබවිටිය නම් වෙළඳ නගරය පිහිටියේ වෙරුගල් ගඟ මුවදොර කෙවුලිය තුඩුවෙහි ද නැතහොත් කවර තැනකදැයි විමසීම වියතුන් වෙත පැවැරේ.

අතීත සමාජ සංස්‌ථාවෙහි රජ ඇමැති වැනි බලවත් අයගේ විශ්වාසය දිනා ඔවුන්ගේ වී හා මුදල් එක්‌රැස්‌කර ගණු දෙණුකරුවන්ට ණයට දී පොළී මුදල් අය කළ ආයතන පැවැති බව සනාත කරන තොරතුරු මෙයට පෙර කිසිම පත පොතක දක්‌නට නැත. මහසෙන් වැනි තෙදබලැති නිරිදෙකු ගණුදෙණු කළ මෙකලට ද උචිත නමක්‌ සහිත මනරම වාණිජ ආයතනය (වී බැංකුව) ද රට තුළ ප්‍රචලිත එකක්‌විය යුතුය. මහඇඳුරු සෙනරත් පරනවිතානයන් විසින් සංස්‌කරණය කරන ලද පැරණි බාහ්මී ශිලාලේඛන ඇතුළත් ග්‍රන්තයෙහි (ඉන්ස්‌ක්‍රිෆ්ෂන් ඔෆ් සිලෝන් වොලි 1 පාට්‌ 1) අංක 407 613 හා 1100 යටතේ සටහන්කර ඇති ලෙන් ලිපි තුනෙහි ද මනරම යන නම දැක්‌වේ. මෙම ස්‌ථාන ද මහසෙන් නිරිඳුන් හා ගණුදෙණු කළ ආයතන හා යම්කිසි බැඳීමක්‌ තිබූ තැන් ද විය හැකිය. ත්‍රස්‌තවාදීන්ගේ මහ කඳවුරක්‌ ව පැවැති වෙරුගල් නදී මුවදොර කල්අඩි ගම චොළඅප්පන් මලෛ කන්ද අපගේ ඉතිහාසයෙහි මZධ්‍යකාලීන යුගය හා බැඳුණ වැදගත් තොරතුරු රැසක්‌ සැඟවී ඇති තැනකි. මෙය හැකි ඉක්‌මනින් පුරාවිද්‍යා රක්‍ෂිතයක්‌ ලෙස ප්‍රකාශයට පත් නොකළ හොත් නිදන් හොරුන්ගේ හෝ ස්‌ථානයෙහි ඓතිහාසිකත්වය විකුණා කෑමට කැපවී සිටින කපටි ආරක්‌ෂකයන්ගේ ගොඳුරක්‌ වනු නියතය.

පී. එල්. සිරිසේන


වැඩි විස්තර
Read more

Monday, March 10, 2014

බුද්ධ බෝගය සොයා යමු


























සිංහලයෝ ගොවීහුය. ගොවිතැනින් තොර සිංහලකමක් ගැන කතා කළ නොහැකි පරිදි ඒ එකිනෛක බැඳී ඇත. මුළු සිංහල සංස්කෘතියම පාහේ ගොවිතැන සමග බැඳුනේ වෙයි. අපේ ගොවිතැන පිරිහීම සිංහල සංස්කෘතිය පිරිහීමටත් අවසානයේ ජාතිය පිරිහීමටත් හේතුවෙයි.

මහ පොළව, ගස්වැල්, සතා සීපාවා, තරහ නොකරගෙන ඒ සමග යාප්පුවෙන් ගොවිතැන් කිරීමට සිංහලයෝ දැන සිටියහ. රට පුරා අදටත් දැකගත හැකි වැව් අමුණු, ඇළ වේලි මගින් දැක්වෙන්නේ ඒ සහජීවනයයි. ලෝකය තමා වෙනුවෙන් මැවී ඇති බවත්, ලෝකය තමාට හැකි උපරිමයෙන් වෙනස් කර සිය සුඛ විහරණය උදෙසා යොදා ගත යුතු යැයි අදහන, දැක්වෙන සිතුවිලි ඇති කරවන චින්තනයක් තුළින් ජනිත වූ ගොවිතැනක සිංහල ගොවිතැනේ වූ සහජීවනය දක්නට නැත. අවාසනාවකට අද අප මේ රට ගොවිතැන් කරන්නේ සිංහල ක‍්‍රමයට නොව දෙවනුව කී බටහිර ක‍්‍රමයටයි. එය අප මත බලෙන් පැටවූවක් වෙයි. එසේ වූවත් ඒ පීඩාකාරී, විෂම ගොවිතැන කර තබා යෑමට පොර කකා ඉදිරිපත් වූ පිරිසක් ද මේ රටේම වෙසෙති.

බටහිර ගොවිතැන සමග තව දුරටත් අපට ඉදිරියට යෑමට නොහැකි බව අවබෝධ කර ගැනීමට රජරට වකුගඩු රෝගයම ප‍්‍රමාණවත් ය. යමකුට එසේ අවබෝධ නොවන්නේ නම් ඒ ඔහුගේ නොදැනුවත්කම හෝ කුහකකමයි. නිසි දැනුම්වත් වීමෙන් පළමුවැන්න මග හරවා ගත හැකි වුවද දෙවැන්නට දිය යුතු පිළියම බොහෝ අසීරු එකකි. නිදා සිටියවුන් ඇහැරවිය හැකි වුව ද හොරට නිදා සිටින්නන් ඇහැරවීම බොහෝ අපහසුය.

මේ බාධක හමුවේ වුවද ”රජරට වකුගඩු රෝගය සහ ආසනික්” තුළින් රටේ ඇති වූ සංවාදය ඵලදායී මගකට යොමු කර ගැනීමට අපට හැකි විය. විශේෂයෙන් සිංහල තාක්‍ෂණික ක‍්‍රමවේදයක් අනුව (හෙළ ගොවිතැන) පැරණි වී වර්ග රට පුරා වගා කිරීමට ප‍්‍රචලිත වෙමින් ඇත.

මේ සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් කිරීම සඳහා කුරුණෑගල, කුඹුක්ගැටේ, කසාගල රජමහා විහාරයේ පැවති රැස්වීමක දී විහාරධිපති මැල්සිරිපුර විමලරතන හිමියෝ වී යනු ”බුද්ධ භෝගය” බව පවසා ඒ සම්බන්ධයෙන් කරුණු රැසක් දැක්වූහ. උන්වහන්සේගේ අදහස් දැක්වීම සමග ”බුද්ධ භෝගය” ගැන තවදුරටත් තොරතුරු දැන ගැනීමට කැමැත්තක් ඇති වුවද විවිධ හේතු නිසා එය Siyapath-alයටපත් විය.

මෑතක දී කොළඹට ආසන්න ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක ”හෙළ ගොවිතැන” ගැන පැවති රැුස්වීමක ප‍්‍රධාන ආරාධිතයා වූයේ කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් විජේරත්න සකලසූරිය මහතාය. එතැන දී නැවත ”බුද්ධ භෝගය” ගැන කතා බහක් ඇති විය. ඒ සකලසූරිය මහතා අතිනි. හෙතෙම සුන්දර මිනිසෙකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිංහල ගැමියෙකි. ලේකම්තුමා ලෙස කතාව ඇරඹුව ද විනාඩි කිහිපයක් ගතවන විට ඔහුගේ ලේකම්කම අමතක වී ගැමිකම ඉස්මතු වී එයි.

”අපි ඉතින් කන්තලේ ඈත ගම්මානවල මිනිස්සුනේ. මේ හෙළ ගොවිතැන මට අරුම දෙයක් නෙමේ. අපේ අත්තල, තාත්තල මේක තමයි කළේ. කොටින්ම අපි පොඩි කාලෙ මට මතකයි මයේ අප්පොච්ච බත්පත අතට ගත්තම ඒකට වැඳල තමයි කන්නෙ. බුද්ධ භෝගෙ කියලනේ කිව්වෙ. අපටත් පුරුදු කළේ එහෙම තමයි.”

මෙවර නම් බුද්ධ භෝගය ගැන තොරතුරු සොයා ගනිමියි මම එතැනදීම අදිටන් කළෙමි.

බුද්ධ භෝගය කීවේ වීවලට ද? නැතිනම් විශේෂ වී වර්ගයකටද? එසේ අපේ පැරැන්නන් යෙදුවේ ඇයි? මම පසුගිය කාලයේ බොහෝ පොත පත කියවා බැලූයෙමි. බොහෝ දෙනකු සමග සාකච්ඡ කළෙමි. එහෙත් ප‍්‍රමාණවත් සංගත පිළිතුරක් ලබා ගත නොහැකි විය. එහෙත් පැරණි වී වර්ග ගැනත්, ඒවා වගා කළ ක‍්‍රම ගැනත්, ඒවායේ ගුණ අගුණ ගැනත් බොහෝ තොරතුරු සොයා ගත හැකි විය. අවාසනාවකට කෘෂිකර්ම අමාත්‍යංශයේ හෝ දෙපාර්තමේන්තුවේ මේ ගැන නිසි තොරතුරක් තබා අවම වශයෙන් සිංහල ගොවිතැන ගැන හෝ දැනුමක් ඇති අයකු සොයා ගැනීමට නොහැකි විය. ඒ ගැන යමක් දැන සිටියානම් ඒ උපාධියට කෘෂිකර්මය නොහැදෑරූ ලේකම්තුමා පමණි. අප හිතවත් මතුගම සෙනෙවිරුවන් මහතා, දේශීය බීජ සුරැකීමේ ව්‍යාපාරයේ ගුරුසිංහ මහතා වැන්නවූන් ස්වෝත්සහායෙන් පැරණි වී වර්ග රැසක් සංරක්‍ෂණය කිරීමට පියවර ගෙන තිබිණි.

බුද්ධ භෝගය කුමක්දැයි මට සතුටුදායක ලෙස පැහැදිලි නොවූ හෙයින් ඒ සඳහා ආසනික් ගැන කියූ ප‍්‍රියන්තා සේනානායක මහත්මියගේ උපකාරය ලබා ගැනීමට මම තීරණය කළෙමි. ඒ මහත්මිය බෞද්ධ භාවනා ක‍්‍රම ප‍්‍රගුණ කරන කෙනෙකි. මිනිස් ඉන්ද්‍රියන්ට පහසුවෙන් ගෝචර නොවන මනුෂ්‍ය නොවන ජීව කෝට්ඨාශ සමග සන්නිවේදනය කිරීමේ අපූර්ව හැකියාවක් ඇයට ඇත. කෙසේ වෙතත් ඇයට තොරතුරු ලබා දෙන විපස්සක දෙවියෝ් ලෙහෙසියෙන් දැනුමක් මනුෂ්‍යයකුට ලබා නොදෙතිි. ලබා දුන්නද ඒ බොහෝ කොන්දේසිවලට යටත්ව ය. අප තොරතුරු රැුසක් සොයාගෙන යම් තැනක සිරවී එතැනින් ඉදිරියට යාගත නොහැකිව සිටියදී පමණක් උපකාර කරයි.

”ආසනික් පිළිබඳ කාරණයේදී මා කටයුතු කළ ආකාරය පිළිබඳ ඒ ඇත්තන් සෑහීමකට පත්වී තිබූ හෙයින් දෝ බුද්ධ භෝගය ගැන දැනුම මට හිමි විය. ඒ දැනුම ලබාගත් ආකාරය ගැන හෝ ඒ හා බැඳුනු අනෙක් කාරණා ගැන හෝ කෙනෙකු එකඟ නොවූව ද, අසතුටට පත් වූව ද ලබාගත් දැනුම වැදගත් නිසා එය රටට ලබා දිය යුතු බව මම තීරණය කළෙමි.

බුද්ධ භෝගය යන්න පොදුවේ වීවලට යෙදු නමක් වුවද, එය විශේෂයෙන් එක් වී වර්ගයක් හැඳින්වීමට යොදා ඇත. ඒ වී වර්ගය ”සියපත් ඇල්” නමින් හඳුන්වයි. බුද්ධෝත්පාද කාලයට පෙර ප‍්‍රචලිතව තිබූ වී වර්ග ස්වංජාත වී ලෙස හඳුන්වා ඇත. ඒවා ප‍්‍රමාණයෙන් විශාල වී ශාක වන අතර වී ඇටයේ පොත්ත අද දක්නට ඇති මෙන් වර්ධනය වී නොතිබිණි. සිදුහත් බෝසතාණන් වහන්සේගේ උපතත් සමග උන්වහන්සේගේ පාරමී ශක්තිය හේතුවෙන් වැඩි දියුණු වූ වී වර්ග ඇති විය. ඒවා ”ඇල්” වී නමින් හඳුන්වනු ලැබීය. කල්ගත වන විට ඇල් වී විවිධ විභේදනයන්ට ලක් වෙමින් නව ප‍්‍රභේද ගණනාවක් බිහි විය. නවපත් ඇල්, ඉදිපත් ඇල්, කවුඩු ඇල්, කුරුලූ ඇල්, ආදී නම්වලින් ඒවා හඳුන්වයි. සියපත් ඇල් යනු ඇල් වී වර්ග අතුරෙන් විශේෂ එකකි. වී පත‍්‍ර සියයක නිපදවන ශක්තිය තරම් ශක්තියක් වී ඇටයක ගබඩා කළ හැකි වූ හෙයින් එය ”සියපත් ඇල්” නමින් හැඳින්වීලූ. බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා දානය පිළියෙල කිරීමට ”සියපත් ඇල්” යොදා ගත් හෙයින් එය ”බුද්ධ භෝගය” නම් විය.

ඇල් වී වර්ග තව දුරටත් විභේදනය වී ”දැල්” වී වර්ග ඇති විය. සියුම් දැලක් වැනි ව්‍යුහයක් සහල් ඇටය වටා පැවතීම නිසාත්, සියුම් දැලකින් වුවත් රිංගා යන හැකි පරිදි ප‍්‍රමාණයෙන් කුඩා වී ඇට පැවතීම නිසාත් මේ නම ලැබී ඇත. රත්ඇල්, සුවඳැල් මේ වර්ගයට අයත් ය.

ඇල් සහ දැල් වී යල කන්නය වැපිරීමට යොදා ගනී. සාමාන්‍යයෙන් මේවා තුන්මාසයේ වී ය. ගොඩ වගාව සදහාද යොදා ගෙන ඇත්තේ ද ඇල් වී වර්ගය. ප‍්‍රධාන වී වගා කන්නය හඳුන්වන්නේ මහා සස්ස/මාස්/මහ කන්නය ලෙසයි. සාමාන්‍යයෙන් වප් මාසයේ මහට වැපිරීම සිදු කරයි. මහ කන්නයට වගා කරන්නේ වැඩිමහල් වී වර්ගය. එනම් මාස 4 – 4 1/2 ක් අස්වැන්න ලබා දෙන හීනටි වී ය. මේවා ඖෂධීය ගුණයෙන් අනූන අතර කල් තබා ගැනීමේ හැකියාව ද වැඩි ය. කළුහීනටි, වෙද හීනටි, ගම්බොඩහීනටි, බඩ හීනටි, සුදු හීනටි යනු හීනටි වි වර්ගය කිහිපයකි. සිහින් දිගටි හැඩය නිසා මේ නම ලැබී ඇත.

ඇල් වී, දැල් වී සහ හීනටි වී හැරුණු කළ තවත් වී වර්ග 2 ක් අප සතුට. එනම් මා වී නමින් හඳුන්වන ජලය අධිකව රුඳී ඇති වගුරු බිම්, අමුණු ආශ‍්‍රිත ප‍්‍රදේශවල වගා කළ වී වර්ගත්, බාල වී නමින් හඳුන්වන තුන් මාසයකට අඩු කාලයක දී අස්වැන්න ලබා දෙන වී වර්ගත්ය. හැට දා වී යනු ඒ ආකාරයේ බාල වී වර්ගයකි. බාල වී අඩු වතුර තත්ව යටතේ වුව ද වගා කළ හැකිය. කෙසේ වෙතත් මහා සංඝරත්නයට දානය පිළියෙල කිරීමට බාල වී යොදා නොගනී. බොහෝ විට රස කැවිලි තැනීමට සහල් පිටි ලබාගෙන ඇත්තේ බාල වීවලිනි. අතීතයේ අපේ රටේ මෙන්ම දඹදිව ද වසරකට කන්න 3 ක් වගා කර ඇත. විනය පිටකයේ එක් තැනක දැක්වෙන්නේ දඹදිව කීටාගිරි නුවර කුඹුරු තෙවරක් වපුරන බවයි. මහ කන්නය සහ යල කන්නය අතර කාලයේ බාල වී වපුරයිි.

බුදු රජාණන්වහන්සේට දානය පිළියෙල කිරීමට යොද ගත් හෙයින් බුද්ධ භෝගය වූ ”සියපත් ඇල්” අද සොයා ගත හැකි දැයි මට දැනගැනීමට අවශ්‍ය විය. ඒ සඳහා අවශ්‍ය ඉඟියක්ද මට ලැබිණි. එනම් බුද්ධ භෝගයේ වී ඇටයේ පැහැය බුදුරජාණන් වහන්සේගේ ඡුවි වර්ණයට කිට්ටු පැහැයකින් වූ බවයි. ඒ තොරතුරත් සමග පැරණි වී වර්ග සොයා ගිය මට එදා සියපත් ඇල් නමින් හැඳින්වූ වී වර්ගය වෙනත් නමකින් හමුවිය. අද ”පච්චපෙරුමාල්” නමින් හඳුන්වන්නේ සියපත් ඇල්ය. පිරිසිදු පච්චපෙරුමාල් වී සැබැවින්ම රන්වන් කහ පැහැයකින් යුක්තය. සියපත් ඇල් පච්චපෙරුමාල් වූ Siyapat-al-02ආකාරය ද අපූරුය.

ඉංග‍්‍රීසි පාලකයන් සිය විශ්වාසවන්ත සේවකයන් ලෙස බඳවා ගත්තේ යාපනයේ දෙමළ ජනතාවය. ලංකාවේ පිහිට වූ පැරණිතම දෙපාර්තමේන්තු දෙකක්වනුයේ මිනින්දෝරු හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුයි. ලංකාවේ සිතියම් සකස් කරද්දී ගම්බිම්, වැව් ඇල වේලි සඳහා නම් ලබා දුන්නේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ දෙමළ සේවකයන්්ය. අදටත් අනුරාධපුරයේ සහ පොළාන්නරුවේ පවා ස්ථාන නාම, වැව් නාම දෙමළ බසෙන් යෙදෙන අවස්ථා ගණනාවකි. කොටින්ම සිංහලයේ පළමු රජතුමා වූ පණ්ඩුකාභය රජු තැන වූ අභය වැව අද සිතියම්වල දැක්වෙන්නේ ”බසවක්කුලම” කියාය. මිහින්තලේට නුදුරු පනාවැව ප‍්‍රදේශය සිතියම් ගත කරද්දී දෙමළ සේවකයෝ ඒ ප‍්‍රදේශවල සිටි ගැමියන්ගෙන් ප‍්‍රදේශයේ/වැවේ නම ඇසූහ. එය පනාවැව යැයි ගැමියන් පැවසූ කල දෙමළ සහායකයා සිය ඉංග‍්‍රීසි නිළධාරියාට ”සීප්පුකුලම” ලෙස පැවසීලූ. එතැන් සිට සිංහලේ පනාවැව සීප්පුකුලම විය. මිහින්තලේ ගම් උදා වැඩ බිම විවෘත කිරීමට පැමිණි එවකට ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා සීප්පුකුලම නමින් සටහන් කළ සමරු ඵලයක් දැක මිහින්තලේ සීප්පුකුලම් තිබෙන්නේ කොහොමදැයි අසා කතන්දරය දැන එවලේම සීප්පුකුලම ”පනාවැව” ලෙස නම් කළ බවත් එසේ නිවැරදි නම යෙදු පසු පමණක් ඵලකය විවෘත කළ බවත් කියැවේ. එම ඵලකය අදටත් මිහින්තලයේ සිට කටහගස්දිගිලිය දෙසට යන මාර්ගයේ දැකිය හැකිය.

සියපත් ඇල් පච්චපෙරුමාල් වී ඇත්තේද ඒ ආකාරයටය. එපමණක් නොව පැරණි සිංහල වී වර්ග බොහොමයකට ඇත්තේ දෙමළ නම්ය. ඒ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය කළ දෙමළ සේවකයන් ඉංග‍්‍රීසි නිලධාරීන්ට ලේඛණගත කිරීම්වල දී ලබා දුන් නම්ය. පච්චපෙරුමාල් සෘජු පරිවර්තනයට ලක්කල හොත් පච්ච යනු කොළ පැහැයයි. ඇතැම් විට ”අමු” යන තේරුම ද ඇත. පෙරුමාල් යනු කුමාරයා හෝ දෙවියන් යන අරුතයි. නමුත් පච්චපෙරුමල් එකට යෙ¥ විට එහි අර්ථය බුදුන්ගේ හෝ දෙවියන්ගේ පැහැය යන්නයි. පත‍්‍ර බොහොමයකින් (සියපත්* සමන්විතව අන් වී වර්ග අතර කුමාරයකු ලෙස වැජඹුණු නිසා පච්ච පෙරුමාලේ ලෙස යෙ¥ බවට ද අදහසක් ඇත.

පච්චපෙරුමාල් වී වර්ගයේ සිංහල නම කුමක්දැයි ආයුර්වේද වෛද්‍ය ජයනාත් අබේවික‍්‍රම මහතාද ගවේෂණය කර ඇත. ඔහු මට පැවසූයේ බොහෝ වෙහෙස වී තොරතුරු සෙවුව ද එවැන්නක් සොයා ගත නොහැකි වූ බවත් මේ ගැන අරිසෙන් අහුබුදු ශූරින්ට පැවසීමෙන් පසු ”නිල් කඳ” ලෙසින් අළුත් නමක් ලබා දුන් බවත්ය. ”සියපත් ඇල් ” වී ශාකයේ කඳ තුරුණු කාලයේ නිල් / දම් පැහැයක් ගන්නා හෙයින් අහුබුදු මහතා ඒ නම ලබා දී ඇත. රත්කඳ නමින් හඳුන්වන වී වර්ගයක් ද අප සතුය. ඒ නමින් හඳුන්වන වී පැලෑටියේ කඳ රත්පැහැයක් ගනී.

මැදවච්චිය, හොරව්පතාන, ගලෙන්බිඳුණුවැව වැනි ප‍්‍රදේශවල වන්නියෙ ගම් ලෙස හඳුන්වන පුරාණ සිංහල ගම් ගණනාවක් ඇත. ඒ ඇතැම් ගම්මානවල අදටත් පච්චපෙරුමාල් ලෙස අප හඳුනාගන්නා වී වර්ගය වගා කරයි. ඇතැම් විට එයට කහවණු ලෙස ද විටෙක මසුරං ලෙස ද තවත් විටෙක තවත් නමක්ද භාවිතා කරයි. මේ කුමන නමින් හැඳින්වූවද රූපියව බොහෝ් දුරට මේ වී වර්ග සමානය. වැදගත් කරුණු එය නොව පත්තිනි මෑනියන්ට, අයියනායක දෙවියන්ට සහ ගණ/පුල්ලෙයාර් දෙවියන්ට දේව පූජා සකස් කිරීමට වන්නියේ ගම්වල මිනිසුන් යොදා ගන්නේ අප මේ කතාබහ කරන වී වර්ගය වීමයි. එනම් දෙයියන්ගේ හාල් ය. දේව පූජා පැවැත්වීමට (මුරුතැන්ගෙයි බත් පිසීමට) වී ලබා ගැනීම උදෙසාම මුරුතැන්ගේ යාය නමින් කුඹුරු යායක්ද මේ ගම්මානවල තිබී ඇත. ඇතැම් ස්ථානවල අදටත් ඇත. මේ කන්නයේ සියපත් ඇල් වගාව ප‍්‍රචලිත කිරීමට අපට බොහෝ උපකාර කළ අයෙක් නම් වයඹ කෘෂිකර්ම අමාත්‍ය ඞී.බී හේරත් මහතාය. මේ කතාව මා ඒ මහතාට පැවසූ විට ඔහු කීවේ මුරුතන්ගේ යාය නමින් හඳුන්වන පුරාණ කුඹුරු යායක් කුලියාපිටියේ ඇති බවත් පොළොන්නරුවේ පරාක‍්‍රමබාහු රජුගේ කාලයේ සිට අද දක්වාම එහි ”පච්චපෙරුමාල්” වගා කරන බවත්ය.

සිංහල වී වර්ග පෝෂ්‍ය ගුණයෙන් අනූනය. පළාත අනුව, වයස අනුව, ශරීරයේ තත්වය අනුව අනුභවයට සුදුසු වී වර්ග ගණනාවක් අප සතු විය. අද ඒ දැනුම අප සතුව නැත. ඒ වෙනුවට බටහිර ක‍්‍රමයට වැඩි දියුණු කළ මතුපිට දිලිසෙන හාල් වර්ග කිහිපයක් පමණක් අපට ලබා දී ඇත බුද්ධ භෝගය වගා කළ, එය ආහාරයට ගත් බුද්ධවචනය පිළගත් ඒ අනුව ජීවත් වූ බුදුමග ගමන් කල ජාතියේ ආධ්‍යත්මය පිරිහීම සමග බුද්ධභෝගය ද යටපත්ව යෑම අරුමයක්් නොවේ. යටපත්ව ගියද එය තවම අතුරුදහන්ව නැත. මිනිසුන්ට පමණක් නොහැකි නම් ධාර්මික දෙවියන්ගේ ද සහාය ඇතිව ඒ මග අප සොයා ගත යුතුය. එහි ගමන් කළ යුතුය. ”බුද්ධ භෝගය” යලි සොයා ගැනීමෙන් ලැබෙන පණිවිඩය එයයි.

ආසනික් සංවාදය තමව අවසන් නැත. රජරට වකුගඩු රෝගයට ආසනික් හේතු නොවන්නේ යැයි පැවසීමට කිහිප දෙනෙකු අප‍්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරනු පෙනේ. ඔවුහු ඒ සඳහා දිවා ? වෙහෙසෙති. විදේශිකයන්ගේ ද සහාය ගෙන පර්යේෂණ කරති. එහෙත් අරුමයකට පර්යේෂණ කරන්නට කරන්නට ”ආසනික්” රජරට වකුගඩු රෝගයට ප‍්‍රධාන හේතුවක් බව තහවුරු වන සාධකම ඔවුන්ට ලැබේ. නමුත් ඒ වසන් කිරීමට ද රට නොමග යැවීමට ද ඔවුහු නොපැකිලෙති. මේ නම් කවර පාපයක්ද? ආසනික් බැහැර කිරීමට කිසිම ජගතකුට නොහැකි බව දැන් සක්සුදක් සේ පැහැදිලිය. මේ අයටම ”ආසනික්” බාර දී දැන් අපි වෙනත් කටයුත්තකට වෙහෙස වෙමු. එය ”ආසනික්”වලට වඩා බොහෝ දුෂ්කර වුව ද වෙහෙසකර වූ ද කටයුත්තක් බව අපි හොඳින්ම දනිමු. දැන් අපි බුද්ධ භෝගය රට පුරා වගා කරන්නෙමු.

උපුටා...-
- චන්න සුදත්


වැඩි විස්තර 
Read more

ෆෙස්බුක් දිනපොත © 2014. All Rights Reserved | Powered by:Blogger

Designed by:Windroidclub